ඉදිරි වසර කිහිපය තුළ දී අපනයනයට මුල්තැන | Page 2 | සිළුමිණ

ඉදිරි වසර කිහිපය තුළ දී අපනයනයට මුල්තැන

ඉදිරි වසර කිහිපය තුළ අපනයනයට මුල්තැන දෙන ​සිඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකිර්ණය ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ  මෙරට ආර්ථිකය නගා සිටුවීමට නම් අපනයන ආදායම ඉහළ දැමිය යුතු බවයි.

යුද්ධය අවසන් වූ පසු යළි ආර්ථීක සංවර්ධනයක් කිරීම සඳහා එම කාලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත්  විදෙස් රටවලින් අසීමාන්තිකව ණය ගැනීම හේතුවෙන් 2014 වසර වන විට ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත් වූ බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ හේතුවෙන් මෙම වසර තුළ පමණක් ඩොලර් මිලියන 6500ක මුදලක් ගෙවීමට සිදු වි ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 

Comments