කවි මඬල | සිළුමිණ

කවි මඬල

හොඳම දරුවා නුඹයි

උදෑ­සන මල් ‍පිපෙයි
එමෙන්ම වත පිවි­තු­රුය
ඒ නමුදු නුඹේ සිත
ඈත දුර ගම­නක් ය...
අතේ පැන්සල ඇතත්
ලියා නැති පොත හිස් ය
හැම තැනම දුව පනින
නුඹේ සිත කල­බ­ලයි...
කඩ­දාසි රොක­ට්ටුව
නුඹෙ අතට බර වැඩිය
නැවුම් පුස්ඹක් රැඳුණ
පොත් ගොඩද එලෙ­ස­මය...
අඬ දබර වල යෙදී
දුවන විට නුඹ දඟය
රවා බැලු­මත් නුඹට
මගේ හිත අස­ර­ණය...
ගුරු දිනට නුඹ ගෙනා
මල් පොකුර ලස්ස­නය
කළල මත වුව
වැතිර වඳින විට සුමි­තු­රුය...
අද නොවේ හෙට දිනක
නුඹ රජකු විය යුතුය
පාස­ලෙන් මා දකින
හොඳම දරුවා නුඹයි...

පිය­සීලි විජේ­නා­යක
 


නිමාවූ ආද­රය

ඇසල ගස් පෙළ මලින් සැරසී අමුතු සිරි­යක් ගෙනෙන්නේ
විහඟ ගීතය දසත පැතිරී සවන් මිහි­රෙන් පිරෙන්නේ
දිනිඳු පෙර­ඹර නැඟී දිගත සිය­රැස් පතු­රු­වන්නේ
වැ‍ටී විසි­රුණු තුෂර පිණි­බිඳු මුතු පොටක්සේ දිළෙන්නේ
ගලන ගංගා ගලා යාවී සුමුදු වැලි­පර දිය­ක­රන්
පිපෙන පෙණ පිඩු විසිර යන්නේ හඳට මිහි­රක් එක්ක­රන්
සරන මසු කැළ පිහි­න­මින් යයි රිදී රේඛා මතු­ක­රන්
ඈත කඳු පෙළ මලින් සැරසේ සුවඳ සුළ­ඟට මුසු කරන්
නීල කඳු­වැටි සීත මීදුම් කැරළි මැද සැඟවී ගියාදෝ
අඹරේ දිදු­ලන තාරකා මල් පරව කොත­නක සැඟ­වු­ණාදෝ
සීත සුළ­ඟක් වගේ අවු­දින් යළිදු ඔබ සැඟවී ගියාදෝ
ජීවිතේ නෙත පුරා ලියැ­වුණු ආදරේ කවි නිමා­වූ­ණාදෝ

වික්‍රම සෙනෙ­වි­රත්න
 


හංස නාදනී

ඇලෙමි සැන­හෙමි
හංස ලාස්‍යයේ
තුරුණු විය­මන
ලිහී ගිලි­හෙන...
රංග මණ්ඩ­පයේ
ඉඳු­වර අඳුන් වසා
රන් සුණු තව­රලා
දෙනෙතේ විතේ මී පුරා
හංස නාදනී
වෙළෙමි කැළ­තෙමි
හංස ලාස්‍යයේ
සිලුටු තොල් පෙති
මතට වෑහෙමි
හීන සංධ්ව­නි­යේ­

චා­මරී ෆොන්සේකා


සඳ එළිය නැත - ඒත්
සඳ තව­මත් මා ළඟය

සඳ පිපිලා හිනා­වුණා පස­ළො­ස්වක පෝය දාට
සඳ හිනැහී ගෙන ආවා එළිය දෙමින් මගේ හදට
සඳ නාවත් ටික දව­සක් අඳු­රින් පිරි මගේ ලොවට
සඳ පිපෙනා පස­ළො­ස්වක ගැන සිහිවී හරිම සතුට...
මගේ හදට ස‍ඳේ එළිය සත­ළිස් වස­රක් ලැබුණා
අගේ නැතිව පායන සඳ දෙස බල­මින් සිත පිරුණා
අගේ කිය­න්නට සඳ ගැන ලිව්වා බෝ කවි වරුණා
මගේ හිතට දැනු­ණෙම නෑ දින­යක් වෙද සඳ නොඑනා...
නොපෙ­නෙන සඳ දිහා බලමි දෙනෙත් වලට මුවා­වෙලා
ඉඳ හිට ආවත් පුන්සඳ අඳුර මැදින් පමා­වෙලා
වැස්ස - සුළඟ - විදුලි අකුණු මැද අද සඳ වහ­න්වෙලා
හිතා­ගන්න බැරි තර­මට අස­ර­ණ­කම හිතේ වෙලා....

කුසුමා වර්ණ­සූ­රිය.
 


“සේනා”

පිට­ර­ට­ව­ලින් වස විස නැව්වල ගේනා
ලොකු ලොක්කන් ගයති කවි හඬදී විණා
උන් තුටු­වෙයි මුදල් ගංගා­වල පීනා
ගොවියෝ විනා­සයි ඇවි­දිල්ලා “සේනා”....
උදළු නගුල් ගෙන ගොවි ජන­තාව ‍අතේ
දහ­ඩිය වගු­රුවා ශක්තිය ඇතිව ගතේ
තාමත් සුවඳ ඇත ගොවි­යගෙ කෑම පතේ
අද එය නස­න්නට “සේනා” ඇවිත් පුතේ...
මුද­ලා­ලිලා පැමිණ ගොවි­යට ණය දෙනවා
අස්වනු පැසුන පසු ලාබෙට ගෙනි­ය­නවා
ගොවියෝ හැම­දාම දුක් කඳු­ළැලි බොනවා
“සේනත්” ඇවිල්ලා තව කර­දර දෙනවා...
වගා බිමට ගොවි දරු­වන් තිබුණි සෙනේ
තුරු­ලිය ළපලු මල් කැන් පිබි­දුණා වනේ
එම­ටයි දුක් ගැහැට ගොවි­යට දිනෙන් දිනේ
පල­යව් යන්න දැන් “සේනා” දළ­ඹු­වනේ...

ජී.ජය­සිංහ
 


ඇසි­ල්ලෙක දුටු රුවක්

තත්ප­රෙන්
දහ­ස­කින් එකක්
වූ
ඇසි­ල්ලෙක
දුටුව නුඹ....?
අදින් අද වන තුරා
ඇස් දෙකට
දැක්කෙ නෑ....
එහෙත්
මහ වත
මුළුමණින්
වසා­ගෙන
රිද­වනා තර­මක්
මොන
වර­දක් කළා­ටද
මං ?

දඹේ­ගොඩ ජින­දාස
 


ස්ත්‍රී

හ‍ඳේ සෙනෙ­හස කිරි කඳුළු කර
ළැම පළා ගත නහර විනි­විඳ
තෙමා රළු සඳ කතර
ජීව­යෙන් දලු දමන
ලෝක­යක් ගොඩ නඟන
ස්ත්‍රී.....
මිහි­ත­ලය සේ දුක් දරන
අහස සේ මැසි­විලි අසන
ඇඟ මසද රුහි­රුද
අන් සිතැඟි මත පුද­දෙන
ප්‍රේමයේ දියැ­ත්තෙන් නිවුණු
ස්ත්‍රී....
වහල් මෙහෙයේ දුක දරා­ගෙන
ඒ මතින් හිස වුව ද දන්දෙන
කටු ඇනී ලේ ගලන දෙතො­ළඟ
සිනා බිඳු­වක තැවුල් සඟ­වන
ස්ත්‍රී...
ඇතත් බාධක ගැහැට අප­මණ
සුසුම කඳු­ළට නොවී අව­නත
මිනිස් වග නම් පර­පුරේ බර
රැගෙන ඉදි­රි­යට ඇදෙන්නී
ස්ත්‍රී....

උත්‍රා කුමාරි රණ­සිංහ.


ඇසි­ල්ලෙක දුටු රුවක්

තත්ප­රෙන්
දහ­ස­කින් එකක්
වූ
ඇසි­ල්ලෙක
දුටුව නුඹ....?
අදින් අද වන තුරා
ඇස් දෙකට
දැක්කෙ නෑ....
එහෙත්
මහ වත
මුළුමණින්
වසා­ගෙන
රිද­වනා තර­මක්
මොන
වර­දක් කළා­ටද
මං ?

දඹේ­ගොඩ ජින­දාස
 


දුරින් හිඳ තුටු­වෙමි

චන්ද්‍ර­යා­ණනි, සෞම්‍යය ඔබ
දුරදි නෙත සිත බැඳ ගනී ඔබ
දුර හිඳන අප
එසේ කීවද
දුර ගෙවා ඔබ ළඟ­ට­වත් අය
පැව­සුවේ නම් වෙනත් වද­නකි
“හරිම ශුෂ්කය
දිවි ගෙවිය නොහැ­කිය
සමඟ ඔබ”
ළං නොවී
ඔබ වෙත
දුරින් හිඳ
ඔබේ සොමි රුව
බලා තුටු­වෙමි....

එම්.චන්ද්‍ර­පාල

අදහස්