ත්‍රි’ම­‍ලේ වැලි ජාවාරම මඬින්න උපරිම බලය | Page 2 | සිළුමිණ

ත්‍රි’ම­‍ලේ වැලි ජාවාරම මඬින්න උපරිම බලය

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් සිදු කරනු ලබන වැලි කැණීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා එක්ව විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ‍යේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා පවසයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ප්‍රදේශයේ සිදු වන පරිසර හානි සලකා මේ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කිසිදු ගංගාවක හෝ ජලාශයක වැලි කැණීම් සිදු කිරීම කාර්යාංශය විසින් තහනම් කර ඇති බව පැවසූ ඒ මහතා; මේ ඒකාබද්ධ වැටලීම් සිදු කිරීමේදී කාර්යාංශය හා ආරක්ෂක අංශ උපරිම බලය යොදන බවද කීය.

 

Comments