ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමයින් දිරිමත් කරයි | සිළුමිණ

ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමයින් දිරිමත් කරයි

සොබාදහමේ සහ වෘක්ෂලතා රැක ගැනීමේ අවශ්‍යතාව මෙරට දරුවන් හට අවබෝධ කරවීමේ උදාර පරමාර්ථය පෙරදැරිව CBL සමූහයට අනුබද්ධිත CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ටියාරා සන්නාමය නවතම ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ගම්පහ දිස්ත්රිඅක්කයේ අත්තනගලු ඔයට ආසන්නව අවට පන්සලේ සහ දහම් පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. ටියාරා ජ්‍යෙෂ්ට කළමනාකාරිත්වය මෙන්ම ප්‍රදේශවාසීන් සහ වනවගාව වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා කණ්ඩායමක් වන 'තුරු' සංවිධානයේත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Comments