දිය­ණි­යට ගිනි තපින්න මිලි­යන 2ක මුදල් නෝට්ටු ගිනි තැබූ ‘කුඩු පියා’ | සිළුමිණ

දිය­ණි­යට ගිනි තපින්න මිලි­යන 2ක මුදල් නෝට්ටු ගිනි තැබූ ‘කුඩු පියා’

එස්කොබා හා බිරිය

* මුදල් සඟවා තැබී­මට ලියර් ජෙට් යාන­යක්.
* නෝට්ටු මිටි බැඳී­මට මස­කට ඩොලර් 2570ක රබර් පටි
* බිලි­යන 2ක මුදල් නෝට්ටු මීයන්ට හා වේයන්ට
* කුඩු රජාගේ මර­ණින් පසු විනෝද උයනේ හිප­පො­ටේ­ම­සුන් රයි­නෝලා පාර ­පුරා

මෙඩ­ලින් යනු කොළො­ම්බි­යාවේ දෙවැනි විශා­ල­තම නග­ර­යයි. අද එය සංචා­රක ආක­ර්ෂ­ණය දිනූ නේක විද පුෂ්ප­ය­න්ගෙන් පිරි යහ­පත් කාල­ගු­ණ­යක් සහිත නග­ර­යකි. සුප්‍ර­සිද්ධ ටයිම් සඟ­රාව මින් වසර 25කට පමණ පෙර මෙඩ­ලින්, ‘ලොව වඩාත්ම භයා­නක නග­රය’ ලෙසින් නම් කළේය. කට වච­න­යෙන් පැව­සෙ­නුයේ මේ නග­රය තනා ඇත්තේ සොහොන් පිටි­යක් මතින් බවයි. එසේ වීමට හේතු­වූයේ එක්තරා කාල සීමා­ව­කදී මේ නග­රයේ විසූ පුද්ග­ල­යෙකි. එකල නග­රයේ තාප්ප හා බිත්ති පුරාද සාප්පුද සැරසී තිබුණේ ඔහුගේ සේයා­රූ­ව­ලිනි. මුළු නග­රය පම­ණක් නොව රටම භීති­යට පත්ක­ර­මින් කොළො­ම්බි­යාව යුධ කලා­ප­යක් කර මෙඩ­ලින් යන නාමය මුළු මහත් ලෝකය පුරා පැති­ර­වී­මට ඔහු සමත් විය. පැබ්ලෝ එස්කොබා නම් වූ ඔහු ලෝක ඉති­හා­සයේ දරු­ණුම හා වඩාත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රුය. ‘කොකේන් රජු’ ලෙසින් කුප්‍ර­කට නමක් දිනා සිටි ඔහු අසූව හා අනූව දශ­කයේ මුළු මහත් ලෝකයේ කොකේන් බෙදා හැරීමේ ප්‍රධාන මොළ­කරු වූයේය. ඉන් සිය­යට අසූ­වක් පමණ ප්‍රමා­ණ­යක මත්ද්‍රව්‍ය නතර වූයේ ඇමෙ­රි­කා­වේය. මෙනි­සාම එස්කොබා කලක් තිස්සේ ඇමෙ­රි­කා­වට මහත්ම හිස­ර­ද­යක් ව සිටි­යේය. අදද ඔහු අව­තා­ර­යක් මෙන් වරින් වර කොළො­ම්බි­යාව පුරා භීෂ­ණය, මුද­ලට ගිජු­බව, දූෂ­ණය, යුද්ධය හා භයා­න­ක­කම ගැන මතක අවු­ස්ස­න්නේය.

මේ කාලය පැබ්ලෝ එස්කොබා ගැන ලිවී­මට වඩාත් සුදුසු යැයි හැඟුණේ අප රටේද මේ දින­වල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් ගැන නිතර කෙරෙන කතා­බහ නිසාය. කොකේන් මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් මහත් ධන­ස්ක­න්ධ­යක් උප­ය­මින් ඇමෙ­රි­කාව, ආර්ජ­න්ටි­නාව හා කොළො­ම්බි­යාව යන රට­වල බලය පතු­රුවා ගෙන සිටි එස්කෝ­බාට අත්වූ ඉර­ණම හා ඔහු අයුතු ලෙසින් හරි­හම්බ කළ මහා ධන­ස්ක­න්ධ­යට කුමක් වීද යන්න වත්මන් කූඨ ජාවා­ර­මුන්ට පාඩ­මක් වනු නොඅ­නු­මා­නය.

ලෝක ඉති­හා­සයේ වඩාත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු ලෙසින් තව­මත් නම්දරා සිටින එස්කොබා උප­තින් එදා­වේල කන්න නොමැති දිළිඳු පවු­ලක දරු­වෙකි. මත්ද්‍රව්‍ය ජාවා­රමේ ඔහුගේ ආර­ම්භය දුෂ්කර විය. ඔහු පළ­මු­වෙන්ම කළේ හොර රහසේ ඇමෙ­රි­කා­වට කොකේන් ප්‍රවා­හ­නය කිරී­මය. ක්‍රම­යෙන් ධනය හා බලය එක්වෙද්දී කුණු ගොඩ­කට කුණු එකතු වන්නා සේ සහ­ච­රයෝ ඔහු වටා එක්රොක් වන්නට වූහ. එස්කො­බාගේ මේ සහ­චර කණ්ඩා­යම එකල හැඳි­න්වූයේ ‘මෙඩ­ලින් සන්ධා­නය’ලෙසිනි.

එස්කොබා කෙත­රම් සූර බුද්ධි­ය­කින් යුක්තද යත් මුල් අව­දි­යේදී ගුවන් යානා­වල රෝද­වල ඉතා සූක්ෂම ලෙස සඟවා කොකේන් යැවී­මට සමත් විය. ඇඳුම් දිය­ර­මය කොකේ­න්වල පොඟවා පසුව ඒවා මිරිකා කොකේන් ලබා ගැනී­මද ඔහුගේ තවත් උප­ක්‍ර­ම­යකි.

ඔහු මෙලෙස හොර රහසේ කොකේන් සඟවා ගෙන ඇමෙ­රි­කා­වට යෑම නිතර සිදු කළේය. පසුව ඔහු මියාමි වෙර­ළා­සන්න නැව්ව­ලට පැට­වීම සඳහා කොකේන් යැවී­මට දුරස්ථ පාල­ක­ය­කින් ක්‍රියා­ත්මක කෙරෙන සබ්මැ­රීන් දෙකක් මිලට ගත්තේය‍. එම සබ්මැ­රී­නයේ බහා වර­කට යැවූ කොකේන් ප්‍රමා­ණය කිලෝ 2000කි. කොකේන් ප්‍රවා­හ­නය සඳහා ඔහු හෙලි­කො­ප්ටර්, ට්‍රක් රථ හා බෝට්ටු ද යොදා ගත්තේය. ඇමෙ­රි­කා­වට හොර රහසේ කොකේන් ප්‍රවා­හ­නය කිරී­මෙන් ඉතා ධන­වත් වූ එස්කොබා ඔහුගේ සාර්ථ­කම අව­දියේ මස­කට කොකේන් ටොන් 70ක් ඇමෙ­රි­කා­වට ප්‍රවා­හ­නය කිරී­මට සමත් වූයේය. ඔහු හොර රහසේ කොකේන් ප්‍රවා­හ­නය කළේ මෙක්සි­කෝව හා කැරි­බි­යානු රට­වල් හර­හාය. ‘කොකේන් රජු’ ලෙස වැජ­ඹෙන අව­දියේ ලොව කොකේන් සැප­යු­මෙන් සිය­යට අසූ­වක්ම එස්කො­බාගේ අතේ විය.

මෙඩ­ලින් නග­රය මූල­ස්ථා­නය කර­ගෙන ඔහුගේ කණ්ඩා­යම දකුණු සහ මධ්‍යම ඇමෙ­රි­කාව පුරා කොකේන් වව­මින් කොකා කොළ ප්‍රති­සැ­ක­සුම් කිරීම සිදු කළේය. ඉතාම ධන­වත් අප­රා­ධ­කරු ලෙසින් ඉති­හා­ස­යට එක්වෙ­මින් එස්කොබා මෙඩ­ලින් සන්ධා­නය මෙහෙ­ය­ව­මින් එක්රැස් කළ ධනය 1989 වස­රේදී ඩොලර් බිලි­යන 25 ඉක්ම­වීය. මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් සති­ය­කට ඔහු ඉපයූ මුදල ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 420කි. දින­පතා ඇමෙ­රි­කාවේ සිට ඩොලර් මිලි­යන 60ක මුද­ලක් විවිධ කූඨ ක්‍රම­ව­ලින් ඔහු අතට ලැබිණ. ඔහු උප­යන මුදල් ප්‍රමා­ණය සැඟ­වී­මට ව්‍යාජ හා රහස් ක්‍රම යොදා­ගත් අතර වැඩි මුද­ලක් තැන්පත් කෙරුණේ ඇමෙ­රි­කානු මූල්‍ය ආය­ත­න­ව­ලය. එසේම ඇමෙ­රි­කාවේ ඔහු වෙනු­වෙන් මිලදී ගත් ඉතා අගනා වත්කම් ද විය. එස්කොබා නිත­රම සිය සහ­ච­ර­යන් ලවා මුදල් හුව­මාරු කර­වූයේ පැන­මාවේ හා බහ­මාස් දූප­ත්වල ඇති වංච­නික බැංකු මගිනි. නිත්‍ය­නු­කූල ලෙස කොළො­ම්බි­යා­වට ගෙනා මුද­ලින් ඔහු ඉතා අගනා දේපළ මිලදී ගත් අත­රම විවිධ ආයෝ­ජන සඳ­හාද යෙද­වීය‍. ඔහු සතුව කොළො­ම්බි­යාවේ පැන­මාවේ හා ඇමෙ­රි­කාවේ මන්දිර රැසක් විය. එක් මන්දි­ර­යක් ඔහු මිලදී ගෙන තිබුණේ මව සඳ­හාය. දැන් ඒ ඇතැම් මන්දිර කඩා බිඳ දමා ඇති අතර සම­හ­රක් රජය සතු නිවාඩු නිකේ­තන බවට පත්කර ඇත. ඔහු ගැන මතක සට­හන් ඇත්තෝ එම නිව­හ­නක මුදල් ගෙවා රැයක් ගෙවී­මට තව­මත් කැමැත්ත දක්වති.

මෙඩ­ලින් සන්ධා­නය ලෙස හැඳින්වූ සහ­ච­රයෝ එස්කොබා ගේ කළු සල්ලි යොදවා වාර්ෂි­කව අයි ෆෝන් සහ ලෝකයේ මිල අධික පාපන්දු ක්‍රීඩා සමාජ නව­යක් මිලදී ගැනීම සිදු කළහ. වාහන එකතු කිරීම ඔහුගේ විනෝ­දාං­ශ­යක් වෙද්දී විවිධ මාදි­ලියේ මෝටර් රථ, ජීප් හා ට්‍රක්රථ සිය ගණ­නක් ඒ එක­තුවේ විය.

ඔහු සතු මුදල් පොදි බැඳුණේ කුඩා නෝට්ටු මිටි ආකා­ර­යෙනි. එලෙස නෝට්ටු මිටි බැඳී­මට සති­ය­කට ඩොලර් 2800ක රබර් පටි මිලදී ගැනීම අවශ්‍ය විය. කොකේන් ජාවා­ර­මෙන් එස්කොබා ඉපයූ ධනය කෙතෙක් ද යත් ලොව ධන­ව­තුන් ගැන සොයා බලන ‘ෆෝබ්ස්’ සඟ­රාව වරක් ඔහු ජීව­තුන් අතර සිටින ධන­වත්ම පුද්ග­ල­යන් අත­රින් අයකු ලෙස නම් කළේය. දින­පතා ඔහු වෙත ඇදී එන මුදල් කන්ද­රාව ප්‍රවා­හ­නය කර ගැනී­මද ඔහුට ප්‍රශ්න­යක් විය. ඒ සඳහා ඔහු යෙදූ උප­ක්‍ර­මය වූයේ මිලි­යන 100ක මුදල් තබා ගත හැකි ලියර් ජේට් යාන­යක් මිලදී ගැනී­මය. එස්කොබා මුදල් හංග­න්නට හැකි හැම තැන­කම මුදල් සැඟ­වීය. ඔහු විය­දම් කළ නොහැකි මුදල් ඈත ගම්බද මන්දි­ර­වල බිත්ති ගුල්වල, පෙළොව යට හා මල් පෝච්චි­වල මෙන්ම ට්‍රක් ලෝඩ් පිටින් විශාල බැර­ල්වල බහා කොළො­ම්බි­යානු ගම්බද පළා­ත්වල අග­ල්වල සැඟ­වීය. මේ මුදල් කොහේ ඇත්දැයි තව­මත් කිසි­වෙක් නොද­නිති. ඔහු සතු මුදල් නෝට්ටු බැංකු­ගත කළ නොහැකි වූයෙන් සෑම වස­ර­කම ලාභ­යෙන් බිලි­යන 2.1ක් ඔහුට අහිමි විය. ඒ මුදල් නෝට්ටු විශාල ප්‍රමා­ණ­යක් මීයන් හා වේයන්ට ගොදුරු වීමෙන් හා දිය­බත්වි විනාශ වීම නිසාය.

කොකේන් ජාවා­රමේ තමාට හර­හට සිටින්නේ කවුද ඔහු මරා දැමීම එස්කො­බාට සුළු දෙයක් විය. ඒ සඳහා ඔහු සතුව මිනී­ම­රුවෝ 3000ක් සිටි­යහ. 1982 වස­රේදී ඔහු සිය බලය තවත් තහ­වුරු කර ගැනී­මට කොළො­ම්බි­යානු කොංග්‍ර­ස­යට තරග කර ජය ගත්තේය. එහෙත් දෙව­ස­ර­කට පසු ඔහුගේ ධනය පිළි­බඳ තොර­තුර එළි­යට ඒමත් සමඟ ඉල්ලා අස්වන මෙන් ඔහුට බල කෙරිණ. ඉල්ලා අස්වී­මෙන් පසු ඔහු තමා පිළි­බඳ තොර­තුරු හෙළි කළ අධි­ක­රණ ඇමැ­ති­ව­රයා ඝාත­නය කළේය. වරක් ඔහු කොළො­ම්බි­යානු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ඝාත­නය කිරී­මට ගුවන් යාන­යක සිටි මගීන් 107 දෙනාම ඝාත­නය කළේය. ඔහුගේ සන්ධා­නය පුද්ග­ල­යන් පැහැර ගැනී­ම­ටත් පගාව දීම­ටත් ඝාත­න­ය­ටත් කිසි­වි­ටෙ­කත් පසු­බට නොවීය. එලෙස එස්කො­බාගේ කල්ලිය අතින් ඝාත­නය වූවන් අතර ඇමැ­ති­ව­රු, විනි­ස­ක­රු­වෝ, නීති­වේ­දීහු, පොලිස් නිල­ධා­රීහු හා පුවත් කලා­වේ­දිහු ද වූහ. ඔහු මෙවැනි ඝාතන 5000කට වැඩි සංඛ්‍යා­වක් සඳහා වග­කිය යුතු පුද්ග­ලයා බවට ඉති­හා­ස­ග­තව ඇත්තේය. වරක් එස්කොබා වාමාං­ශික ගරිල්ලා සංවි­ධා­න­ය­කට සහාය දක්ව­මින් කොළො­ම්බි­යාවේ අධි­ක­රණ මන්දි­රය වට කර­මින් සිය­ලුම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­ස­ක­රු­වන් ප්‍රාණ ඇප­ක­රු­ෙවා් ලෙස ගනු ලැබූහ. පසුව විනි­ස­ක­රු­වන් 11 දෙනකු හා ප්‍රාණ ඇප­ක­රු­ව­න්ගෙන් වැඩි දෙනෙකු ඝාත­නය ක‍ළේය.

මොහු කෙත­රම් ඝාතන සිදු කළද කොළො­ම්බි­යාවේ දුප්ප­තුන්ට ඔහු ‘රොබින් හුඩ්’ කෙනෙකි. ඔහු දුප්ප­තුන්ට නිවාස සාදා දුන්නේය. පාපන්දු පිටි හා රෝහල් ඉදි කළේය. නොම­සු­රුව මුදල් ආධාර කළේය. මෙනිසා වත්ම­නෙ­හිද ඇතැම්හු ඔහු සිහි­පත් කර­නුයේ ආද­ර­යෙනි.

එස්කො­බාගේ පෞද්ග­ලික සත්ව උද්‍යා­නය හා පවුලේ විනෝද උයන සඳහා මිලදී ගත් ඉඩම වර්ග කිලෝ මීටර් 20ක් පුරා පැතිර තිබිණ. ඔහු එහි තැනූ සත්ව උද්‍යා­නය කොළො­ම්බි­යාවේ නොමැති සත්ව වර්ග­ව­ලින් පිර­වීය. අලි, හිප­පො­ටේ­මස් සත්තු, ජිරාෆ්, ඔටු­වන්, පැස්බ­රුන් හා අශ්වයෝ ඒ අතර වූහ. මේ සතුන් ඉතා ශක්ති­මත්ව වැඩී සිටි අතර එස්කොබා විනෝ­ද­යට රයිනෝ සතුන් පිට නැග යෑම කළේය.

මත් ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ලොව විනාශ කරන මේ කුඩු රජුන් මත් ද්‍රව්‍ය පානය නොකි­රීම විශේ­ෂ­යකි. එස්කොබා ද එවැ­න්නෙකි. ඔහුගේ ළඟම සහ­ච­ර­යකු මතට ඇබ්බැහි වීම වරක් ඔහු දැඩි කම්පා­වට පත් කර තිබිණ. ලොවට විනා­ශය කටින පුද්ග­ල­යකු වුවද අයථා සබ­ඳතා තිබු­ණද මොහුගේ බිරිය මාරියා ඔහු හැර නොගි­යාය. ඇය ඔහු හා විවාහ වෙද්දී වයස අවු­රුදු 15කි. එස්කො­බාට 25 කි. ඔහු දෙදරු පියෙකි. පුතු සෙබ­ස්ති­යන් හා දිය­ණිය මැනු­වෙලා වෙනු­වෙන් ඔහු නොකළ දෙයක් නැති තරම්ය. දරු­වන්ට දිය හැකි සැම දෙයක්ම

දුන් එස්කොබා ඔවුන්ගේ උපන් දින සාද­ව­ලදී පැණි රස කෑමට අම­ත­රව පිඟන් පිර­වූයේ මුදල් නෝට්ටු­ව­ලිනි.

අසූව හා අනූව දශ­ක­යේදී එස්කොබා කොකේ­න්ව­ලින් ඇමෙ­රි­කාව වන­සද්දී ඇමෙ­රි­කා­වට ඔහු මහත්ම හිස­ර­ද­යක් විය. මෙනිසා ඇමෙ­රි­කාව ඉති­හා­සයේ පුද්ග­ල­යකු අල්ලා ගැනීම සඳහා සිදු කළ විශා­ලම මෙහෙ­යුම දියත් කර­මින් කොළො­ම්බි­යානු රජය හා ගිවි­සු­මක් අත්සන් කළේය. ඇමෙ­රි­කානු සීඅ­යිඒ සංවි­ධා­නය මෙඩ­ලින් නග­රය පැමිණ කොළො­ම්බි­යානු විශේෂ කාර්ය බළ­කාය හා එක්ව මෙහෙ­යුම් දියත් කරද්දී එස්කොබා සිය සහ­ච­ර­යන්ද සම­ඟින් මඟී ප්‍රවා­හන බස් රියක නැඟි ගම්බ­දට පලා ගියේය. මල් අප­න­ය­නය කරන ව්‍යාපා­රි­ක­යකු බව අඟ­ව­මින් වෙස්වලා සිටි ඔහුගේ ලොකුම බිය වූයේ තමන් ඇතුළු සහ­ච­ර­යන්ට ඇමෙ­රි­කානු සිර­ගෙ­වල ලැගී­මට සිදු­වනු ඇතැයි යන්නය.

“ ඇමෙ­රි­කානු සිර­ගෙ­ද­රක අව­සන් වෙන­වාට වඩා කොළො­ම්බි­යාවේ සොහො­නක වැළ­ලෙන එක මට සැපක්” යන්න එස්කොබා නිතර ප්‍රකාශ කළ දෙයකි. ඒ වෙනු­වෙන් හුව­මා­රු­වට ඔහු බොහෝ දේ යෝජනා කළේය. වරක් බල­ධා­රීන් වෙත බාර­වී­මට යෝජනා කළ එස්කොබා ස්වයං පිටු­ව­හ­ලක් යෝජනා කර­මින් තමාට රැඳී සි‍ටීමට ‘ද කැත­ඩ්‍රල්’ නමින් සුපිරි බංක­ර­යක් තනා ගත්තේය. දිය­ණි­යට දැඩි ආද­ර­යක් දැක්වූ ඔහු පලා­යන සෑම අව­ස්ථා­ව­ක­දීම ඇය රැගෙන ගියේය. වරක් මෙලෙස කොළො­ම්බි­යානු කඳු­ක­ර­යක සැඟවී සිටි­යදී මැනු­වෙලා රෝගීවී සීත­ලෙන් වෙව්ල­න්නට විය. ඇයට ගිනි තැපීම සඳහා එස්කොබා ඩොලර් නෝට්ටු මිලි­යන දෙකක් පුලුස්සා දැමීය.

තවත් වරක් එස්කොබා තමාගේ නිද­හස පතා කොළො­ම්බි­යානු ජාතික ණය මුද­ලින් ඩොලර් බිලි­යන 15ක් ගෙවා දැමී­මට ඉදි­රි­පත් වුවත් එය ප්‍රති­ක්ෂේප කෙරිණි. තැනින් තැන කෙත­රම් සැඟව සිටි­යත් එස්කොබා වඩාත් ප්‍රිය කළේ මෙඩ­ලින් නග­ර­ය­ටය. මෙනිසා ඔහුගේ අව­සා­නය සිදු වූයේද ඔහු ප්‍රිය කළ නග­ර­යේ­දීය. ඇමෙ­රි­කානු හා කොළො­ම්බි­යානු හමුදා ඔහුගේ සුපිරි බංක­රය වට­ලද්දී ඔහු නග­රයේ නිවෙ­ස්වල වහල මතින් දිව ගියේය. අව­සා­නයේ කොළො­ම්බි­යානු හමුදා වෙඩි පහ­ර­කින් ඔහු මහ­මඟ දී ඝාත­නය විය. කෙසේ­වු­වත්, ඔහු අද­හ­න්නන් පව­සන්නේ එස්කොබා ඝාත­නය වූවා නොව සිය දිවි නසා ගත් බවයි.

එස්කොබා මිය යෑමත් සමඟ ඔහුගේ බිරි­ය­ටත් දරු දෙදෙ­නා­ටත් කිසිම රැක­ව­ර­ණ­යක් නොවූ­යෙන් ඔවු­හුද හොර රහසේ වෙනත් රට­ව­ලට පලා ගියහ. කොළො­ම්බි­යානු රජය එස්කො­බාගේ සියලු ධනය තහ­නම් කර­මින් රාජ්‍ය සන්තක කළ අතර බිරිය හා දරුවෝ සිය නම් වෙනස් කර­මින් වෙනත් රට­වල රැක­ව­රණ පැතූහ. එහෙත් කිසිම රටක් ඔවුන්ට රැක­ව­රණ දීමට ඉදි­රි­පත් නොවීය. පසුව ඔවුහු ආර්ජ­න්ටි­නාවේ තට්ටු නිවා­ස­යක පදිංචි වූහ. පියා මිය යද්දී දරු දෙදෙනා පිළි­වෙ­ළින් 14වැනි හා 9 වැනි වියේ පසු­වූහ.

එස්කො­බාගේ වැරැ­දි­ව­ලට දරු පවුල වැරැ­දි­ක­රු­වන් නොවු­යෙන් ඔවුන්ට ආර්ජ­න්ටි­නා­වේම ජීවත් වීමට ඉඩ හැරියේය.

එස්කො­බාගේ ඝාත­න­යත් සමඟ රජයේ හමුදා ඔහුගේ මන්දිර කඩා බිඳ දම­මින් ඇතැම් ඒවා නිවාඩු නිකේ­තන ලෙස සංර­ක්ෂ­ණය ක‍ළේය. ඔහුගේ ඉඩම් බුල්ඩෝ­සර් යොදවා හාර­න්නට වූයේ බැර­ල්වල සැඟවූ මුදල් සොයාය. ඇමෙ­රි­කා­වට කොකේන් ප්‍රවා­හ­නය කළ ඔහු සතුවූ ගුවන් යාන­යක් තව­මත් බහ­මාස් අවට නොගැ­ඹුරු මුහුදේ ගිල්වා දමා ඇත්තේය. නඩු විභා­ග­ය­න්හිදී වර­ද­ක­රු­වන් වූ ඔහුගේ හෙංච­යි­යන් දීර්ඝ­කා­ලීන සිර දඬු­ව­ම්ව­ලට ලක් කෙරිණි. එලෙස සිර දඬු­ව­මට ලක් කළ එක් සහ­ච­ර­යකු වසර 23ක් සිර­ග­තව සිට 2017 අප්‍රේල් මස නිද­හස්වී පැමි­ණි­යේය. ජෝන් හෙවත් පෙපේ නම්වූ ඔහු එස්කො­බාගේ කුලී ඝාත­ක­යෙකි. නිද­හස්ව පැමිණි පෙපේ මෙඩ­ලින් නග­ර­වා­සීන් විසින් පිළි­ගනු ලැබුවේ අත්පො­ළ­සන් නඟ­මින් ගී ගය­මිනි. බොහෝ දෙනා ඔහු හා සෙල්ෆි ගැසී­මට පොර­කෑහ. තමා ඝාතන 250ක් පමණ කළ බවත් සංවි­ධා­නය 50000 දහ­ස­කට වැඩි සංඛ්‍යා­වක් මැරූ බවත් ඔහු හිරේ සිට පැමිණ පැව­සීය.

“සංවි­ධා­න­යට මට හෝ එස්කො­බාට හානි කර­න­වා­නම් මං මගේ පියා වුණත් මර­ණවා. මං සාමාන්‍ය මිනි­සුන්ට හිරි­හැර කළේ­වත් මැරු­වේ­වත් නැහැ. එස්කො­බාට මිනී­ම­රු­වන් 3000ක් විතර හිටියා. ඒත් පණ පිටින් ආපසු එන්න ලැබුණේ මට විත­රයි. මං වාස­නා­ව­න්තයි. මට වෙනස් වෙන්න හැකිවූ නිසා මිනි­සුන් දැන් මට ආද­රෙයි.” හිරෙන් නිද­හස්ව පැමිණි පෙපේ පවසා තිබිණ. ඔහු සිර­ගෙ­දර සිටි­යදී එස්කොබා සමඟ ගෙවූ ජීවි­තය ගැන ග්‍රන්ථ දෙකක් රචනා කළේය.

නම් වෙනස් කර­මින් ආර්ජ­න්ටි­නාවේ ජීවත් වූ එස්කොබා බිරිය හා දරු­වන් කවු­දැයි අනා­ව­ර­ණය වීමත් සමඟ ඔවුන්ට විවිධ හිරි­හැර එල්ල වන්නට විය. එස්කොබා නීති විරෝ­ධිව ඉපයූ මුදල් ඔවුන් වියදම් කරන බවට චෝදනා කර­මින් එස්කොබා බිරිය හා පුත්‍රයා වසර 2000දී මාස 15ක සිර දඬු­ව­ම­කට යටත් කරනු ලැබිණ. එහෙත් සාක්කි නොමැ­ති­කම නිසා ඔවුන් නිද­හස් කිරී­මට බල­ධා­රීන්ට සිදු විය.

එස්කො­බාගේ පුත්‍ර­යාට නම වෙනස් කළ පම­ණින් පියාගේ පව්ව­ලින් මිදී­මට නොහැ­කිව ඇත්තේ ඔහු පෙනු­මෙන් මුළු­ම­නින්ම පියාට සමාන වීම නිසාය. ඔවුන් කවු­රු­න්දැයි හෙළි­වී­මත් සමඟ පුතා සිය සැබෑ නම වෙනු­වට පියාගේ නම ම භාවිත කර­මින් ජීවත් වීම අරඹා ඇත්තේය. ඔහු පියාට ආද­රය කළද ඔහුගේ ජීව­නෝ­පාය හා මැර­කම් අනු­මත නොක­රයි. දැන් ගෘහ නිර්මාණ ශිල්පි­යකු ලෙස කට­යුතු කරන ඔහු වෙඩි හඬට බියක් නොමැති නිද­හස් පරි­ස­රය ප්‍රිය කරයි.

පියා කළ කී දෑ වෙනු­වෙන් පසු­තැ­වෙන මේ පුතා 2009 වස­රේදී සිය පියා සිදු කළ පාප කර්ම ගැන පොතක් ලියා පළ කළේය. සිය පියාගේ භීෂ­ණයේ වින්දි­ත­යන් දෙදෙ­න­කුගේ හා මවගේ අද­හස් ඇසු­රෙන් රච­නය කෙරුණු එම කෘති­යෙන් ඔහු පියාගේ සියලු රහස් හෙළි කර ඇත. එප­ම­ණක් නොව ඔහු එම­ගින් පියාගේ සියලු වින්දි­ත­ය­න්ගෙන් ද කොළො­ම්බි­යානු ජන­තා­ව­ගෙන්ද මුළු මහත් ලෝක­යෙන්ම සිය පියාගේ ක්‍රියා කලා­පය වෙනු­වෙන් සමාව අයැද ඇත්තේය. වත්මනෙහි ඔහු යහපත් කල්ක්‍රියාව ගැන දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෙකි.

එස්කො­බාගේ ආද­ර­යට වඩාත් ලක්­වූයේ ඔහුගේ දිය­ණිය මැනු­වෙ­ලාය.

පියා ජීව­තුන් අතර සිටින සමයේ වරක් මැනු­වෙලා ඔහු­ගෙන් පැන­යක් විම­සීය.

“ඩැඩී, ඩොලර් බිලි­ය­න­යක් කියන්නේ කීයක්ද?”

“ඩොලර් බිලි­ය­න­යක් කියන්නේ ඔයාගේ ඇස් දෙකේ වටි­නා­කම මගේ පුංචි කුමා­රියේ” ඊට එස්කොබා දුන් පිළි­තුර එය ය. වැඩි­මල් සොහො­යුරා හා මව අනුව නොය­මින් මැනු­වෙලා මහ­ජන ඇසෙන් සැඟව ජීවත් වන්නීය.

ලෝක නෙට්ෆ්ලික්ස් චැන­ලය ඔහුගේ ජීවි­තය අළලා චිත්‍ර­ප­ට­යක් තැනී­මත් සමඟ එස්කො­බාගේ ජීවි­තය පිළි­බඳ මෑතකදී යළිත් ලෝක ප්‍රජා­වගේ කතා­බ­හට ලක්විය.

Comments