නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

සැබෑ සබැඳියාව වෙහෙරකි

නා හිමි­යන් ගේ අව­සන් කටයුතු සිදු කැරුණේ පසු දා ය. ඒ පන්ස­ලට යාබද පිටි­යක දී ය. මුලින් ම සිදු කැරුණේ බොදු වතා­වත් ය. දෙව­නුව අනු­ශා­ස­නා­වක් කළේ කතෝ­ලික පල්ලියේ හිමි නමය. ඉන් පසු මුස්ලිම් පල්ලියේ මවු­ලවි තුමාත්, හින්දු කෝවිලේ පූජක තුමාත් අනු­ශා­සනා කළහ.

ආදා­හන කට­යුතු සිදු කැරුණේ මහා ජන­කා­යක් මධ්‍යයේ ය. ඊට විවිධ ආග­මි­කයෝ අයත් වූහ.

මෙය මා දුටු හීන­යක් නොවේ.

නා හිමි­යන් අප­වත් ව තිබිණ.

අලුත් ධර්ම ශාලාවේ වැඩ අව­සන් ව නොති­බුණු හෙයින් දේහය තැන්පත් කරනු ලැබ තිබුණේ ආවාස ගෙයි කුඩා සාලයේ ය.

නාහිමි­ය­නට අව­සන් බුහු­මන් දැක්ව­වී­මට පැමිණි පිරිස් බෝ සෙවෙ­ණේත්, අලුත් ධර්ම ශාලාව ඉදි­කැ­රෙ­මින් තිබූ තැනත් හිඳ සිටි­යහ.

මම ද ඒ අතර වීමි.

නාහිමි­යන්ගේ අභා­වය වෙනු­වෙන් ශෝකය පළ කැරෙන බැනර් තාප්ප­යේත් ගස් අත­රත් එල්ලා තිබිණ. ඉන් කිහි­ප­යක් ලියැවී තිබුණේ දෙම­ළෙනි.

මට දෙමළ නොතේ­රු­ණත් ඒවායේ වූ රූ මා තුළ හැඟී­මක් ඇති කළේ ය. ඒ වූකලී කඳුළු කඩා හැලෙන ඇස් ය.

වෙහෙර මළුවේ පසෙක කුඩා හට් එකක් තනා තිබිණ. ඒ මැද මේස­යක් ද ඒ දක්වා දික් වී ගිය පෝලි­මක් ද විය. ඒ අව­ම­ඟුල් කට­යුතු වෙනු­වෙන් පරි­ත්‍යාග එකතු කැරුණු අයුරු ය. මුස්ලිම් ‍තොප්පි පැලඳ ගත් බොහෝ දෙනෙකු ද පෝලිමේ සිටිනු පෙනිණ.

මම පන්සල් බිමේ ඇවි­ද්දෙමි. විහාර ගෙය දෙම­හල් මන්දි­ර­යකි. ඊට අදාළ සමරු ඵල­කය පසෙක තිබේ. ඊට දායක වූ ප්‍රධාන පුද්ග­ල­යාගේ නම ද එහි තිබේ. ඒ දෙමළ නමකි.

නා හිමි­යන් ගේ අව­සන් කට­යුතු සිදු කැරුණේ පසු දා ය. ඒ පන්ස­ලට යාබද පිටි­යක දී ය. මුලින් ම සිදු කැරුණේ බොදු වතා­වත් ය. දෙව­නුව අනු­ශා­ස­නා­වක් කළේ කතෝ­ලික පල්ලියේ හිමි නමය. ඉන් පසු මුස්ලිම් පල්ලියේ මවු­ලවි තුමාත්, හින්දු කෝවිලේ පූජක තුමාත් අනු­ශා­සනා කළහ.

ආදා­හන කට­යුතු සිදු කැරුණේ මහා ජන­කා­යක් මධ්‍යයේ ය. ඊට විවිධ ආග­මි­කයෝ අයත් වූහ.

මෙය මා දුටු හීන­යක් නොවේ. කොළඹ නග­රයේ මෝදර පෙදෙසේ කල්‍යාණ නදී විහා­ර­ස්ථා­නයේ සිදු වූවකි. අප­වත් වූයේ එහි නාය­ක­ත්වය හෙබවූ කුඩා පීල්ලේ රතන හිමියෝ ය.

මෙය සිදු­වූයේ මීට මාස කීප­ය­කට පෙර ය. එහෙත් එදා ජාතින් අතර පැවති මේ අපූරු සබැ­ඳි­යාව ගැන රටේ ජන­තාව සංවේදී කිරී­මට අපේ මාධ්‍ය පොහො­සත් නොවූ හෙයින් මෙය තව­මත් රටට නැවුම් අද්දැ­කී­මක් යැයි මම සිතමි.

විවිධ ජාතීන් සමඟ රතන හිමි­යන් කට­යුතු කර ඇති අපූ­රුව!

මාලබේ, තලා­හේනේ, එල්. බී. ඒ. එරත්න මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


නොමැකෙන සිහිවටනය

එය නැති වූයේ ජකර්තා ගුවන් තොටු­පළේ දී ය. එය ආර­ක්ෂක පටියේ ට්‍රේ එක මත තැබූ හැටි මත­කය. ආපසු ගත් බව මතක නැත.

මම දුක් වීමි. ඒ එය නවීන ජංගම දුර­ක­ථ­න­යක් වූ නිසා නොවේ. පුතු දුන් සිහි­ව­ට­න­යක් බැවිනි.

මා ඉන්දු­නී­සි­යා­වට ගිය අව­ස්ථාවේ දී මපුතු මට තිළිණ කළ ජංගම දුර­ක­ථ­නය ආපසු එද්දී නැති විය. එය නැති වූයේ ජකර්තා ගුවන් තොටු­පළේ දී ය. එය ආර­ක්ෂක පටියේ ට්‍රේ එක මත තැබූ හැටි මත­කය. ආපසු ගත් බව මතක නැත.

මම දුක් විමි. ඒ එය නවීන ජංගම දුර­ක­ථ­න­යක් වූ නිසා නොවේ. පුතු දුන් සිහි­ව­ට­න­යක් බැවිනි.

මෙර­ටට පැමිණි මා පළ­මු­වෙන් ම කළේ විදෙශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යෙන් උදව් ඉල්ලී­මයි.

ඉන්පසු දීර්ඝ ක්‍රියා­ව­ලි­යක් සිදු ව ඇති බව මා දැන ගත්තේ පසු ව ය.

විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය මගින් මගේ ඉල්ලීම ඉන්දු­නී­සි­යාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ල­යට යොමු කැරී තිබිණ. එරට ගුවන් තොටු­පළ ආර­ක්ෂක අංශය අපේ තානා­පති කාර්යා­ලය මාර්ග­යෙන් මගේ තොර­තුරු සොයා බලා ඇත.

අව­සා­නයේ ජංගම දුර­ක­ථ­නය මට ලැබිණ. එය එවා තිබුණේ ඉන්දු­නී­සි­යාවේ සිට මෙහි පැමි­ණෙන කෙනෙකු අත ය.

මගේ නැතිවු සතුට යළි මට ගෙන දීමට හවුල් වූ විදේශ කට­යුතු අමා­ත්‍යාංශය, ශ්‍රී ලංකා තානා­පති කර්යා­ලය, තානා­පති පෞද්ග­ලික සහ­කාර අයි­රාං­ගනි සුබ­සිංහ මහ­ත්මිය ඇතුළු උදව් කළ සැමට යහ­පත පතමි.

වාද්දූවේ, එස්. වික්‍ර­ම­රත්න මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments