ඇත් රජුනේ | සිළුමිණ

ඇත් රජුනේ

උන්නේ එදා වන­යට වී ඇත් රජුනේ
දළ දෙක නිසා වැන­සෙ­න්නට වුණේ අනේ
එදා උන්නු තේජස දැන් කොයිද අනේ
ඇයිදෝ මිය ගියේ වනයේ ඇත් රජුනේ

වන දෙව්ලිය හඬයි පුරවා කඳුළු නෙතේ
මහ­මේ­රුව පවා නැතිදෝ සලිත වුණේ
සක් දෙවි­ඳුනේ ඇයි මැරු­මට ඉඩ දුන්නේ
පඬු­පුල් ආසනේ නැතිදෝ උණු වන්නේ

තාලෙට පාතබා කර­ඬුව වඩ­මන්නේ
කන්දෙක සොල­වලා පෙර­හර සර­සන්නේ
මළ­කුණු නොකා දලු කොළ කෑ නිරි­ඳුන්නේ
නිවන් පුරේ යන්නයි මම පින් දෙන්නේ

ආර්. එම්. කවීන් සචින්ත රත්නා­යක
7ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රා­ර­වින්ද පිරි­වෙන් විද්‍යා­ය­ත­නය,
පොල්ගොල්ල.

 

අදහස්