113 වැනි කඳුරට සුලෝහිත සංග්‍රාමය | සිළුමිණ

113 වැනි කඳුරට සුලෝහිත සංග්‍රාමය

ටී.බී. තෙන්නකෝන් කුසලානය වෙනුවෙන් පිටියට පිවිසෙන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම මහා සටන 15 - 16 දෙදින දිගන පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයයේ දී පැවැත් වෙයි. කිංග්ස්වුඩ් විද්‍යාලය දිඝායු බණ්ඩාරගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර ධර්මරාජ විද්‍යාලය සචින්ත සේනානායකගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි.

සියක් වසක් ඉපැරණි කිංග්ස්වුඩ් - ධර්මරාජ ගැටුම ආරම්භව ඇත්තේ 1893 වසාරේදීය. දිවයිනේ ඉපැරණිතම තරගාවලියක් වන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු සටනේ දී ධර්මරාජ විද්‍යාලයේ නායකයා ලෙස මෙරට අධ්‍යාපනඥයකු ලෙස සැලැකෙන සර් දොන් බාරෝන් ජයතිලක ශූරීන් විසින් දරන ලද අතර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායකත්වය ඒ.ඊ. ස්පෙන්සර් විසින් උසුලා ඇත.

1899 වසරේ දී පළමුවරට පාසල් සිසුන්ගෙන් සමන් විත තරගයක් බවට කිංග්ස්වුඩ් - ධර්මරාජ මහා තරගය පරිවර්තනය වුවත් ඊට පෙර පාසල් සුසුන් පමණක් නොව විද්‍යාලයේ ගුරුමණ්ඩය ද මහා තරගයට තරග කොට ඇත. පළමු කිංග්ස්වුඩ් ධර්මරාජ සිසු ක්‍රිකට් ගැටුම 1889 වසරේ ජුලි 01 වැනිදා පවත්වා ඇති අතර ධර්මරාජ විද්‍යාලයේ ජේ.සී. ඩි. මෙල්ගේ නායකත්වයෙන් හා කිංසුඩ් විද්‍යාලයේ ටී.බී. මරහේන් ගේ නාකත්වයෙන් තරග කොට ඇත.

තරග 33ක් ධර්මරාජ විද්‍යාලය ජයගෙන ඇති අතර 2015 වසරේ දී ධර්මරාජ විද්‍යාලය තරූෂ වේරගොඩගේ නායකත්වයෙන් 109 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම සටනින් අවසන් වරට ජය වාර්තා කිරිමට සමත්ව ඇත.

කිංග්ස්වුඩ් විද්‍යාලය තරග 19ක් ජයගෙන ඇති අතර අවසන් වරට 1958 වසරේ දී මොරීස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් කන්ඳ උඩරට සුලෝහිත සංග්‍රම සටන අවසන් වරට ජයගෙන ඇත. තරග 57ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

වසර 112ක තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා ලෙස වාර්තා පොතට එක්ව සිටින්නේ ධර්මරාජ විද්‍යාලයේ සේනක දිසානායකයි. ඔහු 1983 වසරේ පැවැති 77 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම සටනේදි ඉනිමක දී ලකුණු 200ක් රැස්කිරිමට සමත්ව ඇත. කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙන්නේ ඉනිමක දී ලකුණු 167ක් රැස්කිරීමට සමත් වු කිලිෆ්ඩ් රත්නවිභූෂණයි. ඒ 1959දිය. 112 වසරක තරග ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කරමින් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නේ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ පී.එල්. ආර්තු අල්විස්ගේ නාමයයි.

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක දිඝායු බණ්ඩාර කිංග්ස්වුඩ් කණ්ඩායමට නායකත්වය සපයන්නේ සිව්වන වසර වර්ණලාභියකු ලෙසය. පසුගිය වසරේ පාසල් ක්‍රීකට් කාර්තුවේ දී පන්දුවට පහර දීමෙන්ද දක්ෂතා පෙන්නුම් කර ඇති දිඝායු තුන් ඉරියව් ක්‍රිඩකයෙකුගේ දක්ෂතා අතර සිටීයි.

ධර්මරාජ විද්‍යාලය සචින්ත සේනානායකගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි. සචින්ත සේනානායකගේ ද පන්දුවට පහරදෙන්නකු ලෙසද කණ්ඩායමේ වැඩි ඉඩකඩක් ලබාගෙන සීටීයි.

ධර්මරාජ විද්‍යාලයේ උපනායක ලෙස කටයුතු කරන්නේ කසුන් ගුණවර්ධනයි. නායකත්වය මානා සහායෝගයක් ලබාදෙමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ දක්ෂතා පෙන්නුම් කරමින් පසුගිය පාසල් ක්‍රීකට් කාර්තුවේ දී ධර්මරාජය වෙනුවෙන් දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි.

කිංග්ස්වුඩ් කණ්ඩායමේ සෙසු ක්‍රිඩකයන් ලෙස උත්පල ජයලත්, ලක්මාල් ද සිල්වා, හර්ෂන වික්‍රමසිංහ, අකාල බෝගොඩවත්ත, දේවින්ද දිසානායක, දුමිදු දමිස්ක හා විනුක පුසුපිටිය වර්ණ ලාභීන් ලෙස කණ්ඩායමට එක් වෙයි.

ධනුක රත්නායක, පූර්ණ හේරත්, ඉසුරු දයානන්ද, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, දුලාජ් බණ්ඩාර, නවින්ද්‍ර දිල්ෂාන්, ශේන් සිරිවර්ධන, චේතිය ඒකනායක, මුදිත ඊරියගම, ධනුක මාරසිංහ, සසිත්‍ර සමරරත්න, චේතිය වීරකෝන්, විරාජිත ඇහැළේපොළ, දිනුක පතිරගේ, ජනිත ගුණතුංග හා තුෂාන් හේරත් 113 වැනි කිංස්වුඩ් - ධර්මරාජ විද්‍යාල කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝය.

අදහස්