කවි මඩල | Page 2 | සිළුමිණ

කවි මඩල

වර­ල‍ෙ­සහි මුදු සුවඳ

වන මලට මුදා හැර
දෙතො­ල්වල උණු­සුම
දී බුලත් කොළ­යට
සිහි­නිඟහි සිසි­ලස
දිය පිරුණු කළ­යට
දෙප­තු­ලෙහි සියු­මැලිය
ළා තණ ගොමු­වට
අන්හ­රිය
මල්මල් චීත්තෙට
දුන්නාට කම් නැත
හෙට දවස
ලේ කිරි කරන පුද­සුන
මට ඉතිරි කර­ගෙන
සමන් පිච්ච සුවඳ හමන
සේපා­ලික මල් ඉහි­රුණ
දෙවට ළඟදි
හිමි­දි­රි­යෙම
හමු­වෙ­න­්නට
බැරිද
නගෝ


නන්ද­සිරි වැලි­ග­මගේ

-------

ඇයට පර්යාය නැති පදය

ඇය සිකුරු තරු­වට පර්යාය පද­යකි
ඇතැම් ඍතු­වල පහන් එළිය
කඩා වදින තුරු ම පායා ඇති හෙයින්
ඇතැ­මෙක් එයට පහන් තරුව යැයි කීහ
එවිට මම ඇයට පහන් තරු­වැයි කීමි...
තවත් ඍතු­වල ඉර බැස ගිය වහා ම
අහ­සට නැඟ එන බැවින් තවෙ­කෙක්
එයට ඉර­බටු තරුව යැයි කීහ
එබඳු දින­වල මම ඇයට
ඉර­බටු තරු­වැයි කීමි...
රස ඇස ගැටුණු හින්දා ම
හිස නැඟුණු අයෙක් මත් වෙලා­වක
එය ඕෂදී තරුව යැයි කීහ
මත් නොවී කිසි විටෙක මම
ඇයට ඕෂදී තරු­වැයි කීමි...
කවි­යට ම ඇලුණු එන­යින් පද මිදුණු
වෙන­කෙක් සෙමෙන් මුමුණා
දව­හත් තරුව එය යැයි කීහ
වද­නක් දෙකක් අමුණා මම ඇයට
දව­හත් තරු­වැයි කීමි...
ඉංග්‍රීසි­යට යාබද සිතැති මා මිතුරෝ
කාන්සියෙ දෑස් දල්වා බොහෝ සන්ධ්‍යා දින­වල
හෙස්පෙ­රස් යැයි එයට කීහ
අරු­ණලු නැඟෙන උදැ­හැන
ප්‍රබෝ­ද­යෙන් දීප්ති­මත් ඇස් ඇති
ඔවුහු ම යළිත් ඒ වෙත පොස්පො­රස් යැයි කීහ
වචන පැටලී වුව වර­දින්න ඉඩ නොදී මම ඇයට
හෙස්පෙ­රස් සහ පොස්පො­රස් යැයි මාරු­වෙන් මාරු­වට කීමි...
සමු­ගන්න ආසන්න බොහෝ තැන් අග්ගිස්සෙ
බොහෝ දෙන එය අමතා සැඳෑ තරුව යැයි කීහ
නමුත් මම කිසි දිනෙක ඇය අමතා සැදෑ තරු­වැයි නොකීමි....


(සිකුරු තරුව, පහන් තරුව, ඉර­බටු තරුව, ඕෂදී තරුව, දව­හත් තරුව, සැදෑ තරුව යනු සිකුරු ග්‍රහයා අම­තන පර්යාය පදයෝ වෙති. ග්‍රීකයෝ හෙස්පෙ­රස් සහ පොස්පො­රස් ලෙස එය අම­තති.)


කසුන් සම­ර­තුංග

--------------

හඳ පුද­සුන

වලා­කුළු රටා ඇඳි නිල් අහස් වියන යට
පැතුම් මල් කැකුළු ඉති අරන් හෙමි­හිට අතට
අතින් අත පට­ලාන නොගැ­ල­වෙන ලෙස තදට
යමුද අපි පිය නගා අන­න්තය සොයා හෙට
යන මගට කොම්පාසු දුර­දක්න නෑ අතට
මග කියන තරු රටා සිති­ය­මුත් නෑ අපට
සිතේ රැඳි ආද­රය විශ්වා­සය ද හා සතුට
ගෙන යාවි සිත් අපේ පිය­ඹලා අන­න්තෙට
නිල් අහස සයුරු රළ අලං­කෘත කඳු නිම්න
සොයා යමු දිය කඳුරු තැනි­තලා මල් පිපුණ
ඔබේ සිත දරා­ගෙන ආද­රය මට බැඳුණ
එන­වාද මා එක්ක මා නුදුටු කුම­රාණ


අචිනි ලිය­නගේ 

---------

එල්ලුම් ගහ

අතු ඉති කඩ කඩා
ටික ටික නොමරා
දැන්වත්
නිද­හස් කරන්න...


රත්න­සිරි පති­රණ

-----------------

සොඳුරු මතක...

 

හන්තාන දෙසින් එන පවනේ සුවඳ විඳ දරා
ගලා ඇදෙන මහ­වැ­ලියේ දෙපා දොව දොවා
ලතා මඬුලු යට තුරුලුව කොඳුළ බස් එදා
රන් හුයෙන් වෙලා අප දෑඟිලි එකට එක් කළා
දුරින් දුරින් විත් සර­සවි බිමට අප එදා
නෙතින් නෙත බලන විට නෙත් එකට පැට­ලිලා
අලා­මක හැඟුම් මතු වී දෙහද කිති කවා
සසර බැඳුණු ගම­නක මුදු සුවඳ විහි­දුණා
ලතා මඬුලු යට කොඳු­රන බොහෝ පෙම් කතා
යතත් මුසුව මහ­වැලි ගඟ දියේ බොඳ වෙලා
කොඳුළ බස් අපේ නැළ­විලි ගීත තනු දමා
නුඹේ මුවින් අද පැළ තුළ දෝර යයි ගලා


පිය­දාස ටී. හීන්බුන්න

--------

කෙණෙ­රක් වැල­පෙයි

වලා අත­රින් එබි එබී - සඳුන් හොරැ­හින් බලා සිටියා
අපේ සෙනෙ­හස් පෙම් රැඟුම් - කලා වැවු තාවලේ
එහා ඉවුරේ කැලෑ පීරන - ඇත් රජා­මට නෙත් හෙළු­වැයි
මහා විප­තක් අත ­ළ­ඟ­ම­යයි - රැහේ උන් මුමු­නනු ඇසේ
දැන දැනත් අන­තුරේ දැඩි බව - මාත් මාගේ රැහැත් රැකු­මට
අභී­තව ඔබ පෙරට ආවේ - මහා මේඝය සේ අනේ
දීඝ­ජ­න්තුගෙ නොහි­ක්මුණු දළ - සිදුරු කෙරුවා ඔබේ සියො­ළඟ
කඩා වැටුණු ‍යෝධ බල ඔබෙ - මහ­මෙ­රක් බිම වැටි ලෙසේ
නොදැන සිටි­යෙමි මෙවන් විප­තක් - ඔබට අත්වේ යැයි කියා
සමා­වනු මගෙ හිමි සඳේ දීඝ­ජ­න්තුට ඉඩක් නොමැ­තිය මගෙ හදේ
ඉතින් සමු­ගෙන යන්න අව­සර - හිමි­ස­ඳුනි මාගේ දයා­බර
යළිත් එනු­මැන, එන­තුරා මම බලා ඉන‍්නෙමි කලා­වැව මත්තේ


වෛද්‍ය පද්මිණී බෙන­ර­ගම

----------

තටු සිඳ­ගත් බඹරා

තුටු පඬුරු දී මල් නෙළලා
තටු සිඳ­ගත් බඹරා අද තනිවී වැටිලා
කඳුළු සලයි රිදිලා
නෙක මල්වල අසි­රිය දැකලා
හිත වස­ඟ­වුණු බඹරා
ආසා­වෙන් මත්වීලා
නෙත් අඳවී රැඟුවා
දුර නොප­නෙණු බඹරා
මලින් මලට පියඹා
නෙක රොන් රස විඳලා
මල් රුක ළඟම වැටුණා
විෂ රොන් ගත් බඹරා
ළතවි ළතවි හඬලා
කල් ගත කරයි මතුර මතුරා
වරද සිත­ටම පවර පවරා


සුසිල් හෙට්ටි­ආ­රච්චි
 

 

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න. කවි මඬල, සිළුමිණ,ලේක්හවුස්, කොළඹ 10

[email protected]
 

අදහස්