කරන්නාගොඩ හෙට CIDයට | සිළුමිණ

කරන්නාගොඩ හෙට CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (11) පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට නියම කර තිබේ.

2008 වසරේදී තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත් අතර එය වළක්වාලමින් තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 7 වැනිදා රහස් පොලීසියට නියෝග කළේ ය. එලෙසම මේ පරීක්ෂණයට සහ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් 11 වැනිදාට ලබාදෙන ලෙසට ද අධිකරණය කරන්නාගොඩ මහතාට නියම කර තිබේ.

 

අදහස්