ජාතික ත්‍රිපිටක සතියක් | සිළුමිණ

ජාතික ත්‍රිපිටක සතියක්

ජනාධිපතිතුමන් විසින් ජාතික උරුමයක් බවට පත් කළ ථෙරවාදි ත්‍රිපිටකය මහා සංඝරත්නයේ උපදෙස් හා මඟපෙන්වීම මත ලෝක උරුමයක් බවට පත් කිරීමට යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටීමේ යෝජනාව 23 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ නිමිත්තෙන් මේ මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ‘ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය’ ලෙස ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සතිය තුළ පස්වරු 6.00ට සෑම විහාරස්ථානයකම හේවිසි ශබ්ද පූජා කිරීමට කටයුතු යොදන ලෙසත්, සියලු බෞද්ධ සිද්ධස්ථාන හා මංමාවත්වල බෞද්ධ ධජ ඔසවන ලෙසත්, රාජ්‍ය හා පෞද්ගලික වාහනවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේම ආණ්ඩුකාර කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු සියලු රාජ්‍ය කාර්යාලයන්හි මූලිකත්වය බෞද්ධ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.

අදහස්