ලේක්හවුසියට ආ නව ජනමාධ්‍ය ඇමැති | Page 2 | සිළුමිණ

ලේක්හවුසියට ආ නව ජනමාධ්‍ය ඇමැති

 නව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පසුගිය සිකුරාදා (08) තම පත්වීමෙන් පසු පළමු වරට ලේක්හවුස් ආයතනයට පිවිසියේය. ලේක්හවුස් ආයතනය මෙන්ම මාධ්‍ය කර්මාන්තය සමඟ සෘජු සම්බන්ධයත් ඇති පවුලක සමාජිකයකු වන රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත්වීම ද විශේෂත්වයකි. ඔහු ලේක්හවුස් ආයතනයට විශේෂිත වන්නේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ මුනුපුරකු වීම නිසාය.

කලක් ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි ඩී.ආර්. විජයවර්ධනයන්ගේ පුත් රංජිත් විජයවර්ධනයන්ගේ කනිටු පුත්‍රයා වන රුවන් විජයවර්ධන මහතා විජය පුවත් පත් සමාගම පළ කළ මිඩ් වීක් මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසින් මාධ්‍ය වෘත්තියේ ද අත්දැකීම් ලත් චරිතයකි.

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත් විජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනයට පැමිණි මොහොතේ තම මුත්තණුවන් වන ලේක්හවුස් ආදි කර්තෘ දිවංගත ඩී.ආර්.විජයවර්ධනයන්ගේ පිළිරුවට මල්දමක් පලඳවා ආචාර කළ අයුරු (වමේ ඡායාරූපය) සහ ලේක්හවුස් පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති හිටපු සභාපතිවරුන්ගේ ඡායාරූප අතර ඇති තම මුත්තණුවන්ගේ සහ පියාගේ ඡායාරූප නිරීක්ෂණය කරන අයුරු දැක්වෙයි.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
චින්තක කුමාරසිංහ

අදහස්