හේමාස් හෙල්ත් ඇප් | සිළුමිණ

හේමාස් හෙල්ත් ඇප්

 

ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ට්‍රේලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය හිමි මෙරට ප්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය තවත් එවැනිම දැවැන්ත පියවරක් තබමින් සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ මෙරට පළමු ජංගම දුරකථන යෙදවුම වන හේමාස් හෙල්ත් ඇප් Hemas Health App පසුගියදා හඳුන්වා දෙන ලදි.

ඩිජිටල් සුවසේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන හේමාස් රෝහල් සමූහය විසින් අභිනවයෙන් හඳුන්වාදෙන මෙම ජංගම දුරකථන යෙදවුම (mobile app) මෙතෙක් සුවසේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයන් විසින් හඳුන්වා දෙන ලද ජංගම දුරකථන යෙදවුම්වලට වඩා මුළුමනින්ම වෙනස් වන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරට එක් ජංගම දුරකථන යෙදවුමක් මගින් සුවසේවාවන් රැසක් සහ සුවපත් දිවිපෙවතකට අවශ්‍ය සේවාවන් ගණනාවක් ලබා දීමට හේමාස් හෙල්ත් ඇප් සමත් වීම නිසයිග මෙම ජංගම දුරකථන යෙදවුම ඇන්රොයිඩ් සහ ඇපල් ජංගම දුකථන සඳහා භාගත කිරීමට හැකි ලෙස නිර්මාණය කර ඇත.

රෝහල් සේවා රැසක් අතැගිලි තුඩගට සමීප කරවන හේමාස් හෙල්ත් ඇප් යෙදවුම මගින් විශේෂඥ වෛද්‍ය හමුවීම් සඳහා ඉඩ හසර සැලසෙන අතර මෙහි අන්තර්ගත ටෙලි මෙඩිසින් පහසුකම සහ ටෙලි ෆිසියෝ සේවාව මගින් රෝහලට පැමිණීමකින් තොරව වෛද්‍යවරයා හෝ භෞතචිකිත්සකවරයා විඩියෝ දුරකථන ඇමතුමක් මගින් සජීව ලෙස සම්බන්ධ කර ගත හැකග මෙහි දී රෝගියාගේ රසායනාගාර වාර්තා වෙත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ද විය හැකි බැවින් රෝගී පුද්ගලයාට අවශ්‍ය උපදේශනය එසැනින් සිදු කළ හැකග වීඩියෝ සාකච්ඡාව සිදු කරන අතර තුර වෛද්‍යවරයාට හෝ භෞතචිකිත්සකවරයාට රෝගියාට යම් පණිවිඩයක් ලිඛිතව ලබා දීමට ද මෙහි දී පහසුකම් සලසා ඇත.

අදහස්