PropertyGuru සම්මාන උලෙළ 2019 ඇරඹේ | සිළුමිණ

PropertyGuru සම්මාන උලෙළ 2019 ඇරඹේ

ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්ෂණ සමාගමක් වන PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළ ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත් ම දේපළ වෙ‍ෙළඳාම් සම්මාන උළෙල ලෙස හැදින්විය හැකිය.එහි අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා එම සමාගම පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ.

www.AsiaPropertyAwards.com වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘතය. තුන්වන වාර්ෂික PropertyGuru ආසියානු දේපළ සම්මාන උලෙළ (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටත ම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරනු ලබයි .

කොළඹ, නැගෙනගිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විශිෂ්ටත ම මහල් නිවාස ව්‍යාපෘතිය, නිවාස ව්‍යාපෘතිය සහ නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා විවෘත කාණ්ඩය යටතේ සම්මාන පිරිනැමේ. ඊට අමතරව වාණිජ කාණ්ඩය යටතේ විශිෂ්ටත ම පාරිභෝගික, කාර්යාල, මිශ්‍ර භාවිතය, කාර්මික සහ හෝටල් සංවර්ධන යන කාණ්ඩ යටතේ ද සම්මාන පිරිනමන අතර විශිෂ්ටත ම නේවාසික සංවර්ධන (මාලදිවයින) ව්‍යාපෘතිය ලෙස නව සම්මානයක් ද එවර සම්මාන උලෙළට හඳුන්වා දී ඇත.

ආයතනික සමාජ සත්කාරක (CSR), තිරසර සංවර්ධන, සැලසුම් සහ ඉදිකිරීම්, පාරිභෝගික සේවා සහ ගොඩනැගිලි ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා ද මෙවර විශේෂ සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. තවද, වසරේ ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් පෞරුෂයට හිමි සම්මානය මෙවර ද පිරිනැමීමට නියමිතය. PropertyGuru දේපළ වාර්තා සඟරාවේ සංස්කාරක මණ්ඩලය විසින් පිරිනමනු ලබන මෙම සම්මානය පළමු වරට 2018 වසරේ පිරිනැමුණු අතර එය Indocean Developers සමාගමේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් මොරායස් මහතා විසින් දිනාගන්නා ලදි.

විශිෂ්ටත ම සංවර්ධකයා සහ විශිෂ්ටත ම බොටික් සංවර්ධකයාට හිමි සම්මාන මෙහිදී පිරිනැමෙන ඉහළ ම සම්මාන වේ. මෙරට සම්මාන උලෙළේ ප්‍රධාන කාණ්ඩ යටතේ ජයග්‍රහණය කරන පිරිසට මේ වසරේ නොවැම්බර් මසදී තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන අවසාන මහා ආසියානු දේපළ සම්මාන උලෙළ සඳහා අයදුම් කළ හැකිය. එහිදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා කලාපයේ 15කට අධික වෙළඳපල ප්‍රමාණයක් නියෝජනය කරමින් අවසන් මහා වටයේ සම්මාන සඳහා අයදුම්කරුවන් තරගවදිනු ඇත.

ශ්‍රී ලංකාවේ දේපළ වෙ‍ෙළඳාම් කර්මාන්තය තුළ විශාල පිබිදීමක් ඇතිවී තිබෙන අතර පසුගිය වසර දෙකෙහිදී මෙම සම්මාන උළෙල සඳහා හිමිවූ විශාල ප්‍රතිචාර මගින් ඒ බව තවදුරටත් පිළිබිඹු වෙයි. Altair ට්වින් ටවර්ස් සැලසුම් කළ මෙරට කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී මොෂ් සෆ්දි මහතා පසුගිය වසරේ නොවැම්බර් මසදී මෙහි අවසාන මහා වටයේදී විශිෂ්ටත ම තට්ටු නිවාස ගෘහ නිර්මාණ සැලසුම (ආසියානු කලාපය) සඳහා වන සම්මානය මෙරටට හිමිකර දීමට සමත්විය.

 

අදහස්