තවම එළිය අඳුරු ද....? | සිළුමිණ

තවම එළිය අඳුරු ද....?

ඔබත් මමත් තදින් ම විශ්වාස කරන බොහෝ දෙයින් එපි­ටට විහි­ඳුණු, ඒත් කෙමෙන් කෙමෙන් ක්‍ෂීණ වී යන දේ මේ මිහි­පිට එම­ටයි. එත් ඒ අත­රින් යම් යම් දෑ කිහි­ප­යක් තව­මත් අපට සමීප වුවත් අපි ඒ සාධ­ක­යන් මඟ හැර යන්නට උත්සුක වන්නේ ඒ ගොන්නට ලඝු වන්නා වූ සම­හර කරුණු තුළ අපත් රැඳී ඉන්නා නිසායි.

එකි­නෙ­කට වෙනස් වූ අනු­භූ­තීන් දෙකක් තවත් ස්වරූප දෙකක් සේ ඇවිත් අප එකි­නෙ­කාගේ සිත් හිස් නොකර රැඳි තියෙ­නවා. එසේ නතර ව ලැගුම් ගත් අත්දැ­කීම්, සිති­වි­ලි­ව­ලට පම­ණක් තව තවත් සමීප වීම අරු­ම­යක් වෙයි ද.? නමුත් දිනෙන් දින ඉපි­දෙ­මින් නැවුම් වන මේ බොහෝ අනු­භූ­තීන් වල දී අපි නවමු වූ මාන­යන් සොය­න්නට පෙල­ඹෙන්නේ ම නැති තරම්. නිර­න්ත­ර­යෙන් ඒ තුළින් දක්නට උත්සුක වන්නේ සාමාන්‍ය වූ විඥා­නා­ත්මක වූ සිදු­වීම් ජාල­යක්. ඒ තුළින් උප­දින බොහෝ සිදු­වීම් අපේ ජීවන රිදි­ම­යට නොදැ­නීම මුසු වනවා. සහේ­තු­කව හෝ අහේ­තු­කව එසේ තවත් රිද්ම­යක් හා බැඳීම තව දුර­ටත් අප අප තුළම සිර­වී­මක් නොවේ ද.? එසේ ඇති­වන සම­හර ගැටීම් මත්තෙන් මෙතෙක් අප මේ ජීවි­තය යැයි සිතා විඳීම්, විඳ­වීම් අත­රට මැදිව සිටි මාන­ය­කට වඩා නැවුම් මාන­යක් සොයා ගත හැකි වේවි. නොවෙ­නස් වන රූප රාමු පෙළ­කට බොහෝ විට අපේ හද­වතේ ඒක­කාරි සිති­විලි ගොන්න­කට පණ දිය හැකියි. මේ සෑම ස්වරූ­ප­යක ම, සෑම රස­යක දී ම බොහෝ දෙනා අත්වි­ඳින දුක, සතුට වර්ණ­වත් සිති­විලි රටා හා එක් වනවා.

විසල් ගසක් පා මුල හිඳ සිටින මට ඉන් ගිලි­හුණු පත්‍ර­යක් සෙමෙන් පාවි එනු පෙනෙයි. ගස සිත­නුයේ ඒ පත්‍ර­යෙන් ජීවය වියැකී ඇති බවයි. සත්‍ය එය වන්නේ ද.? අපත් ඒ මතින් පිය­වර තබා ඇවිද යනවා. කාෂ්ඨක වූ පොළව මත දූවිලි සිඹින ඒ පත්‍රය අපේ පා පහ­සින් සැන­සෙන්නේ ජීවය රහිත නිසා­වෙන් ද.?

ඇයි ද අර...?

දිදු­ලන දෙනෙ­තින්

විය­රුව රක්ත ව

අඳුර අස­නවා... ඔබ ගැන

ඇයි ද අර...?

දැල්වෙන සුප­හන් සිත

ආලෝ­කය එතැන ද...?

එළිය අස­නවා ඔබෙන්

නුඹ ම දුටුවා ද නිව­හල්ව අඳුර.?

නිද­හසේ එළිය ද දල්වා වි

කොයි ද ඒ පහන් සිල.?

අඳු­රත් මුමුණා වි රැහැ­යි­යකු විලස

තනි­ක­මින් ඉති­බි­ඳින මේ රාත්‍රි­යේම

සන­ස­වා­ල­න්නට ගයති මහා ස්වර

වයති හරි රස

එළිය වී නිව­හල්ව

අඳුර අස­නවා ඔබ­ගෙන්

තවම එළිය අඳුරු ද....?

- චමත්ක

අදහස්