නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

මවු හිනාව

අප මව යළි අපට නිරෝගී ව ආපසු ලබා දුන් රජයේ වෛද්‍ය සේවා­වට පින් දෙමු. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ සහ විශේ­ෂ­යෙන්ම කළු­බෝ­විල රෝහලේ හෘද රෝග අංශයේ වෛද්‍ය­ව­රුන් ඇතුළු කාර්ය මණ්ඩ­ල­ය­ටත් සුව­සැ­රිය ගිලන් රථ සේවාවේ කට­යුතු කරන අය­ටත් යහ­පත පතමු.

අප ගේ විය­පත් මව හිටි­හැ­ටියේ සිහි සුන් වූවා ය.

ඇය වහා රෝහල් ගත කළ යුතු විය.

අපි වහා ම සුව­සැ­රිය ගිලන් රථ සේවාව අමතා පිහිට පැතු­වෙමු.

ගිලන් රථ­යක් හැකි ඉක්ම­නින් අප නිවෙස ඉදි­රි­යට පැමි­ණියේ ය. ආ හැටියේ ම එහි කාර්ය මණ්ඩ­ලය මවට ප්‍රථ­මා­ධාර දෙමින් ම ඇය ගිලන් රියට ගත්හ. අපිදු එහි නැඟ ගතිමු. කාර්ය මණ්ඩ­ලය ඇයට ඔක්සි­ජන් දෙන අතරේ අප ද සන­හා­ලූහ. ගිලන් රිය හැකි උපරි ම වේග­යෙන් කළු­බෝ­විල රෝහල කරා ගියේ ය.

අප මව වහ වහා හදිසි ප්‍රති­කාර අංශ­යට ගැනිණ. වෛද්‍ය­ව­රුන් සහ කාර්ය මණ්ඩ­ලය එහි රෝගී­නට යුහු­සුලු ව ප්‍රති­කාර කරන හැටි අපි දුටු­වෙමු.

අප මව ද කිසි­යම් කඩි­නම් පිරි­ක්සුම් කිහි­ප­ය­කට බ‍ඳුන් විය. අන­තුරු ව ඇය වාට්ටු­ව­කට ඇතුළු කැරිණ. ඒ සමඟ ම අප මව වට­කර ගත් එහි වෛද්‍ය­වරු සහ කාර්ය මණ්ඩ­ලය හදිසි ප්‍රති­කාර අංශ­යට නොදෙ­වැනි කඩි­න­ම­කින් ප්‍රති­කාර පටන් ගත්හ.

පැය විසි හත­ර­කට පසු වෛද්‍ය­ව­රුන් තීර­ණය කළේ මව ගේ හද ගැස්ම දුබල හෙයින් ඊට අදාළ යන්ත්‍ර­යක් සවි කළ යුතු බව ය.

වාට්ටුව බාර වෛද්‍ය­ව­රයා කොළඹ ජාතික රෝහලේ හෘද­රෝග ප්‍රථි­කාර ඒක­ක­යට දුර­ක­ථ­න­යෙන් ඇමතූ පසු අම්මා හෙදි­යක ද සමඟ රෝහලේ ගිලන් රිය­කින් කොළඹ යැවිණ.

ඉන් පැය කිහි­ප­ය­කට පසු තාව­කා­ලික යන්ත්‍ර­යක් සවි­ක­රන ලද අම්මා නැවත ඇය සිටි වාට්ටු­වට ඇතුළු කරණ ලදී.

වෑයම සාර්ථක විය. මවගේ හද ගැස්ම යථා තත්ව­යට පත් විය. ඒ අනුව අම්මාට ස්ථිර යන්ත්‍ර­යක් සවි කළ යුතු යැයි වෛද්‍ය­වරු තීර­ණය කළහ. ඇය වෙනු­වෙන් අදාළ ස්ථිර යන්ත්‍ර­යක් වෙන් කර ඇති බවත්, එය සවි­කි­රීම සඳහා මුදල් ගෙවී­මක් අවශ්‍ය නොවන බවත් වෛද්‍ය­වරු කීහ.

ස්ථිර යන්ත්‍රය සවි­කර දින දෙක­කට පසු අප මව දෙප­යින් ගෙදර ආවා ය.

ඇය සිහි සුන් වූ මොහොතේ සිට ඇය ආපසු ගෙදර ආ මොහොත දක්වා සියලු ප්‍රථි­කාර කැරුණේ කිසිදු දැන­ඇ­දු­නු­ම්ක­ම­කට හෝ මුද­ලක් ගෙවා හෝ නොවන බව අව­ධා­ර­ණය කළ යුතු ය.

දැන් අපේ රටේ වෛද්‍ය සේවාව කෙත­රම් ජනතා හිත­වාදී ද කාර්යක්ෂ ම ද යන්න අපි ඇස්ප­නා­පිට ම දුටු­වෙමු.

අප මව යළි අපට නිරෝගී ව ආපසු ලබා දුන් රජයේ වෛද්‍ය සේවා­වට පින් දෙමු. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ සහ විශේ­ෂ­යෙන්ම කළු­බෝ­විල රෝහලේ හෘද රෝග අංශයේ වෛද්‍ය­ව­රුන් ඇතුළු කාර්ය මණ්ඩ­ල­ය­ටත් සුව­සැ­රිය ගිලන් රථ සේවාවේ කට­යුතු කරන අය­ටත් යහ­පත පතමු.

මොර­ටුව කටු­බැද්දේ වසන්ත කුමාර ගුණ­ති­ලක මහතා ඇතුළු පිරිස විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි


ගව දුක

වසු­පැ­ට­වාත් එළ­දෙ­නත් සමඟ මිතුරු ව සිටි තවත් වසු­පැ­ට­වෙක් පාරෙන් එහා ගෙවත්තේ සිටියේ ය. තම මිතුරු පැටවා ලොරි­යට පට­වනු දුටු ඒ වසු පැටවා කල­බල වී වැටෙන් එහා පැත්තේ සිට තප්පු­ලෑ­ම­ටත් දඟ­ල­න්න­ටත් වූයේ ය.

පෑවිල්ල දරුණු වෙමින් තිබිණ.

තණ­පත් දැවිණ. හර­කුන්ට උලා කන්නට දෙයක් නැති විය. අපේ ගේ අසල ගෙදර ගව ගාලේ විසූ වැස්සි­ය­ටද, කුඩා පැට­වා­ටද කෑම හිඟ විය.

උන් අහර ඇති පෙදෙ­ස­කට තාව­කා­ලි­කව රැගෙන යා යුතු යැයි සිතූ ගෙහි­මියෝ දිනක් ලොරි­යක් රැගෙන ආහ.

වසු­පැ­ටවා පහ­සු­වෙන් ම රියට පටවා ගත හැකි විය. එහෙත් ඊට විරෝ­ධය පා එළ­දෙන ලොරිය ළඟ වැති­රුණා ය. ඇය කෙසේ­වත් සෙල­විය නොහැකි විය.

වසු­පැ­ට­වාත් එළ­දෙ­නත් සමඟ මිතුරු ව සිටි තවත් වසු­පැ­ට­වෙක් පාරෙන් එහා ගෙවත්තේ සිටියේ ය. තම මිතුරු පැටවා ලොරි­යට පට­වනු දුටු ඒ වසු පැටවා කල­බල වී වැටෙන් එහා පැත්තේ සිට තප්පු­ලෑ­ම­ටත් දඟ­ල­න්න­ටත් වූයේ ය. උගේ හඬ ඇසී ලොරියේ සිටි පැටවා ද දඟ­ල­න්නට පටන් ගත්තේ ය.

ගව හිමි­ක­රු­වන් කොප­මණ උත්සාහ කළ ද එළ­දෙන හුන් තැනින් සොලවා ගැනී­ම­ට­වත් බැරි විය. බොහෝ වේලා­වක් ගත විය. අව­සා­නයේ හිමි­ක­රුවෝ ගම්මු­න්ගෙන් උදව් රැගෙන මහත් වෙහෙස දරා ඇය ලොරි­යට පැට­වූහ.

ඉන් පසු ලොරිය ඉදි­රි­යට ඇදුණේ ය. ඒ සමඟ ම වඩාත් කල­බල වූ වැටෙන් එහා පැත්තේ සිටි වසු­පැ­ටවා ලොරියේ ගම­නට සාපේක්ෂ ව ලොරිය පසු­පස දුව­න්නට වූයේ ‘ එපා එපා‘ කිය­න්නාක් මෙනි.

ඒත් ලොරිය නොන­වත්වා ම ඉදි­රි­යට ගියේ ය. අන්තිමේ දී ඌ වැට අයිනේ හිරවී පාරට හොම්බ දමා­ගෙන ලොරිය නොපෙනී යන­තුරු බලා සිටියේ ය.

ඉන් මොහො­ත­කට පසු මා සැමියා යතුරු පැදි­යෙන් පාරට ආවේ ය.

ඒ දුටු අර වසු­පැ­ටවා වැටෙන් රිංගා තප්පු­ල­මින් ඔහු ඉදි­රි­යට දුව ආවේ පුංචි දරු­වෙකු තම දුක කිය­න්නට දුව එන්නාක් මෙනි. මුල් දසු­නින් සසල වී තිබූ මා සිත මේ දසු­නින් වඩාත් සසල විය.

හොරණ, පර­ග­ස්තොට, කමලා ධර්ම­ලතා ජය­සූ­රිය මහ­ත්මිය යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

අදහස්