හිටියේ යුද්ධෙන් අනාථ වෙලා දැන් කෝටි­ප­ති­නි­යක් | සිළුමිණ

හිටියේ යුද්ධෙන් අනාථ වෙලා දැන් කෝටි­ප­ති­නි­යක්

*  පටන් ගත්තේ තාරා ජෝඩු දෙකෙන්
* උප­දෙස් ගත්තෙ මැලේ­සි­යා­වෙන්

මිනි­සුන්ගේ දෛවය විස­ඳෙන්නේ හරිම පුදු­මා­කාර අන්ද­ම­ටය. එක­කින් බැට කා මුළු ජීවි­ත­යම කඩා­ගෙන වැටු­ණත් යළිත් කොතැ­න­කින් හෝ නැඟී සිටී­මට අව­ස්ථාව සැල­සෙයි. දෛවය යනු­වෙන් විස්තර වන්නේද මෙයම විය හැකිය.

යාප­නයේ කොකු­විල් ප්‍රදේ­ශයේ පදිංචි රාජේ­න්ද්‍රම් ස්ටාලිනී ගේ ජීවිත කතාව දෙස බලන විටද ඉර­ණමේ සම­ච්ච­ල­යන් හා දෛවයේ සර­දම් පිළි­බඳ අපට බොහෝ දේ සිතා ගත හැකි වෙයි.

යුද්ධය ස්ටාලි­නීගේ ඉර­ණම වෙනස් කළේ ඇයගේ ජීවි­තය අඳුරු දසා­ව­කට ඇද දම­මිනි.

“අපි පදිංචි වෙලා හිටියේ යාප­නයේ කොකු­විල් කියන ගමෙයි. තාත්තා රස්සා­වට කළේ වතු වගා කරන එකයි. එළ­වළු පල­තුරු ලූනු මිරිස් කියන හැම දේම වගා කළා. මිදි වගා­ව­කුත් තිබුණා ඒ කාලේ මට මත­කයි.

පවුලේ අපි ළමයි දෙන්නයි මමයි අක්කයි විත­රයි. අපි දෙන්නම ගෑනු ළමයි නිසා තාත්තා අපිට ගොඩාක් ආද­රෙන් අපිව බලා ගත්තා.

මේ පළා­තට යුද්දේ එන්න පටන් ගත්තට පස්සේ අපේ තාත්තගේ ආදා­යම අඩු වුණා. පිට වෙළෙන්දෝ අපේ ගම්මා­න­ව­ලට එන්නේ නැතුව ඇරියා. මේ එක්කම කාල­තු­වක්කු වෙඩි ඇහෙ­න­කොට මෝටාර් උණ්ඩ පුපු­රණ කොට අපිට බයේ එහෙ මෙහෙ දුවන්න වුණා. සම­හර දාට අපි රෑ ගත කළේ වෙනත් ගෙව­ල්වල. පහු­වදා උදේ­ටයි එන්නේ. මට එත­කොට වයස අවු­රුදු එකො­ළ­හයි. මට මත­කයි කාල­තු­වක්කු වෙඩි සද්දේ..මෝටාර් සද්දේ..අක්කයි මමයි එව්වා ඇහෙ­න­කොට කන් වල ඇඟිලි ගහ ගන්නවා. සද්දේ වැඩි­යෙන් එක දිග­ටම ළඟ ළඟ ඇහෙ­න­කොට තාත්තා අපිව ළඟ ගෙද­රක බංක­රේ­කට එක්කන් යනවා. අපි ඒකේ තමයි හැංගිලා හිටියේ.

ඒ වෙන­කොට අක්කා තරු­ණයි. තාත්තා නිත­රම බයෙන් හිටියේ අක්ක­වත් කොටි සංවි­ධා­නෙට අරන් යයි කියලා. එක දව­සක් තාත්තා මොනව හරි දෙකට බය වෙලා ගෙදර ඇවිත් කිව්වා අපි මෙහෙන් යන්න ඕනේ මම හෙට වවු­නි­යා­වට ගිහින් ඉන්න තැනක් බලලා එන්නම් කියලා. එහෙම තමයි අපි වවු­නි­යා­වට ගියේ. මම ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒත් හොඳට ඉගෙන ගන්න බෑ. වවු­නි­යාවේ ඉස්කෝ­ල­වල කියලා දුන්න දේවල් අපිට තේරුණේ නෑ එහෙ ගොඩාක් උග­න්වලා තිබ්බ නිසා.

කොහොම හරි යුද්දේ ඉවර වෙලා අවු­රු­ද්ද­කට පස්සේ තමයි අපි ආපහු යාප­නේට ආවේ. මට ගොඩාක් දුරට ඉගෙන ගන්න බැරි වුණා. ඒක නිසා මට කිසිම රස්සා­වක් ලැබුණේ නැහැ. ඊට පස්සේ දන්න කෙනෙක් කිව්වා කොළඹ ගාමන්ට් එක­කට යනවා මටත් එන්න කියලා. මමත් ගියා. එතන වැඩ කළා. ඒත් ඒ රස්සාව අපිට කරන්න අමා­රුයි. එතන මාස නව­යක්ම වැඩ කළා. පඩි­යක් කියලා දෙයක් ලැබුණ නිසා සතු­ටක් දැනුණා.

ඒ ගාමන්ට් එකේ වැඩ කළ කාලෙ මට යෙහෙ­ළි­යක් හම්බ වුණා. එයා දෙමළ. හරීම කරු­ණා­ව­න්තයි. එයාගේ ගම කොළඹ. අපිට සිද්ද වුණු දේ අහලා එයා ගොඩාක් දුක් වුණා. ඔහොම ඉන්න­කොට තමයි මට එයත් එක්ක මැලේ­සි­යා­වට යන්න අව­ස්ථා­වක් ලැබුණේ.

හැම­තැ­නම එක එක එව්වා බල බලා ඇවි­දින අතරේ එක දව­සක් අපි ගියා ලස්ස­නම ලස්සන තාරාවෝ ඉන්න ගොවි­ප­ළ­කට. එතැන මට ගොඩාක් ආසා හිතුණු තැනක් වුණා. හැබැයි ඒ ආශාව ඇති­වුණේ මම සත්තුන්ට ආදරේ නිසයි. ලස්සන ලස්සන තාරාවෝ දකින කොට ආශාව වැඩි වුණා. මම දවස් කීප­යක්ම එත­නට මගෙ යාළු­වත් එක්ක ගියා.

මට ඉංග්‍රීසී බැහැ. එයා­ල­ටත් ඉංග්‍රීසි හොඳට බැහැ. මගෙ යාළුවා දන්න ඉංග්‍රීසි ටිකෙන් එතන ඉන්න කෙනෙක් සමඟ හිත­වත් වුණා. ලංකා­වට ආවාට පස්සේ මම ඒ මැලේ­සි­යාවේ තරු­ණි­යට ඉඳලා හිටලා ගුඩ් මෝනින් වගේ පින්තූර දැම්මා. භාෂාව බැරි නිසා කතා කරන්න වෙන වැඩි විස්තර ලියන්න අමා­රුයි. ඒත් හිත­ව­ත්කම දිග­ටම තියා ගත්තා.

කොහොම හරි ගාමන්ට් රස්සාව කරන්න බැරි නිසා මම ඒක දාල ආවා. ගමට වෙලා නිකන්ම හිටියා. ඔහොම ඉන්න­කොට මට මැලේ­සි­යාවේ තාරා ගොවි­පළ මතක් වුණා. මටත් හිතුණා ආශා­වට තාරාවෝ හදන්න.''

මිනි­සුන්ට යම් යම් අද­හස් පහල වන්නේද යම් යම් කාල­ව­ලට අනු­වය. මේ කතා කරන ස්ටාලි­නීට තාරා­වන් සැදී­මට ආශා­වක් පහල වීමේ කතා­වත් සම­ගම ඇගේ මුළු ජීවි­ත­යම වෙනස් වී තිබේ.

ඇය දැන් යාප­නයේ සිටින කෝටි­පති තරු­ණි­යකි. නමුත් ඇය ඒ බව කීමට දක්වන්නේ විශාල මැළි­ක­මකි. ස්ටාලි­නීගේ මුළු ජීවි­ත­යම වෙනස් වීමට හේතු වූයේ තාරා ජෝඩු දෙකකි. එසේ නමුත් තාරා­වන් ඇති දැඩි කිරීමේ ශාස්ත්‍රය ගැන කිසි­වක් කතා කිරී­මට ඇය කැමති නැත. ඇය කීයක් හෝ හරි හම්බ කර­ගන්නා තැනට තවත් අයෙකු ඒ කතාව අසා පැමි­ණි­ය­හොත් ස්ටාලි­නීගේ බඩ ගෝස්ත­ර­යට වදින බව ඇය දන්නවා විය හැකිය. නිසාම ඇය තාරා ගොවි­පළ හා ඒ සත්තු පාල­නය ගැන වැඩි යමක් කීමට කැමති නැත. එමෙන්ම තාරා ගොවි­ප­ළට කිසි­වකු රැගෙන යෑමට ද ඇය අකැ­මැ­තිය. ඡායා­රූප ගැනී­ම­ටත් තාරා­වන් තෝරා ගැනී­ම­ටත් ඇගේ ගොවි­පළ ඉදිරි පස ඇති කූඩු කීප­යක තාරාවෝ හා පැටවු රඳවා සිටිති.

තාරා පැට­වුන් මිලට ගැනී­මට පැමි­ණෙන අයට සාම්පල් තාරා­වන් පෙන්වන්නේ මෙතැ­න­දීය. තාර­වන් වර්ගය හා ඔවුන්ගේ තෝම්බු­වද ඔවුන්ගේ සෙල්ලම්ද ස්ටාලිනී අමු­ත්තන්ට පෙන්වන්නේ මෙතැ­න­දීය.

ඇගේ මේ ස්ථාන­යට එන පොඩි­ත්තන් විවිධ වර්ගයේ තාරා­වන් සමඟ සිට ඡායා­රූප ගැනී­මට දක්වන්නේ දැඩි කැමැ­ත්තකි. ඒ සඳහා ස්ටාලිනී කිසි­යම් මුද­ලක් අය කර­න්නීය.

“මේ සත්තුන්ට කන්න බොන්න දෙන්නත් ලොකු විය­ද­මක් යන­වනේ. මං ඒක­වත් මෙහෙම හරි පිරි­මහ ගන්න එපා‍යැ” ඇය පව­සන්නේ එවැ­න්නකි.

ස්ටාලි­නීගේ ගොවි­පොළ තාරා බිත්ත­ර­ව­ලට ද ප්‍රසි­ද්ධය. තාරා බිත්තර මිලට ගැනී­ම­ටද ස්ටාලි­නීගේ ගොවි­පළ වෙත බොහෝ පිරි­සක් පැමි­ණෙති.

තාරා­වන් ජෝඩු දෙක­කින් මෙත­රම් දුරක් පැමිණි ස්ටාලිනී ඒ කතාව පැව­සී­මට මැළි නොව­න්නීය.

“මම දව­සක් ගමේ දන්න කෙනෙ­කුට කිව්වා මම තාරාවෝ හදන්න ආසයි මට කොහෙන් හරි තාරාවෝ ජෝඩු­වක් හොයලා දෙන්න කියලා. ඒයා ගත් කට­ටම කිව්වේ මෙහෙ කොහෙන්ද? තාරාවෝ හොයන්නේ” කිය­ලයි.

දව­සක් එයා ඇවිත් කිව්වා තැනක තාරාවෝ ඉන්නවා ජෝඩු­වක් රුපි­යල් හත්සී­යයි කියලා. මම එයාට කියලා තාරාවෝ ජෝඩු දෙකක් ගෙන්න ගත්තා. ඒත් හදන්න දන්නේ නෑ. මම අර මැලේ­සි­යාවේ කෙනාට ලිව්වා. එයා ලියන දේ මෙහෙ යාළු­වෙ­කුට කියලා අහ­ගෙන ඒ විදි­හට තාරාවෝ හදන්න ගත්තා.

තාරා­වන්ගේ වැඩේ හරි ගියත් මට ඉංග්‍රීසි බෑ කියන එක ලොකු ප්‍රශ්න­යක් වුණා. මම දන්න පල්ලි­ය­කින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්තේ මට භාවිත කරන්න අව­ශ්‍යම ඉංග්‍රීසි ටික විත­රයි. කොහොම කොහොම හරි මම තාරා ගොවි­පළ ගොඩ නඟා ගත්තේ එහෙම තමයි.

මම දැන් තාරා පැටව් විකු­ණ­නවා. තාරා බිත්තර විකු­ණ­නවා. මුලින්ම යාපනේ කට්ටිය තාරා බිත්තර ගත්තෙත් නෑ. බයට ඒවා කෑවෙත් නෑ.

මම මැලේ­සි­යා­වෙන් විස්තර ඇහු­වම එයාලා කිව්වේ ප්‍රද­ර්ශ­න­යක් කරලා ජන­තාව දැනු­වත් කරන්න කිය­ලයි. වැඩේ හරි­ය­ටම හරි ගියා මම හෙමින් හෙමින් දියුණු වුණා. තවත් ඉදි­රි­යට මේක දියුණු කරන්න තමයි මගේ බලා­පො­රො­ත්තුව.

දැන් මිනිස්සු මෙතෙන්ට අලු­තෙන් තාරා පැටව් මිලට ගන්න එනවා.තාරා බිත්තර ගන්න එනවා පුංචි අය ඡායා­රූප ගන්න එනවා.කට්ටිය කියන්නේ තාරා ෆාම් එක කියලා. ඇත්ත­ටම මම මෙතෙන්ට තවම නමක් දාලත් නෑ. නමක් ඕනෙත් නෑ කියලා හිතෙ­නවා.”

රසුල දිල්හාර ගමගේ

අදහස්