ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනයකට | සිළුමිණ

ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනයකට

ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්වෙන බව වාර්තාවේ.
 
මාසිකව සිදු කරන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉදිරි මාසය සඳහා වන ඉන්ධන මිල ගණන් මෙතෙක් ප‍්‍රකාශයට පත් කෙරුණේ සෑම මසකම 10 වැනිදාය. එහෙත් ඊයේ නිවාඩු දිනයක් වූ බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නා මිල සූත‍්‍ර කමිටුව ඊයේ රැස් වී තිබුණේ නැත.
 
ඒ අනුව එළඹෙන මාසයට අදාළ නව ඉන්ධන මිල ගණන් අද දිනයේ දී ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වේ.
 
එහිදී ලෝක වෙළඳපොළේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ගණන් ද සැලකිල්ලට ගනු ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Comments