ත්‍රිපිටකය ලෝක උරුමයක් කෙරෙන වැඩ අැරඹෙයි | Page 2 | සිළුමිණ

ත්‍රිපිටකය ලෝක උරුමයක් කෙරෙන වැඩ අැරඹෙයි

ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස  ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් බාර දීම මාර්තු මස 23 දින ප.ව. 2.00ට ශ්‍රී දළඳා මාලිගා මහ  මළුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී සිදු කිරීමට නියමිතය.

රජය විසින් මේ නිමිත්තෙන් මාර්තු 16 සිට 23 දක්ව කාලය තුළ ත්‍රිපිටකාභිනන්දන සතිය නමින් දීප ව්‍යාප්ත  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති (12) මාධ්‍ය හමුවේ දී පැවසීය.

මෙම සතිය තුළ පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ බෞද්ධ වැඩසටහන් සහ උත්සව පැවැත්වීමට පියවර ගෙන  ඇත. මාර්තු 23 වැනි දින ත්‍රෛනිකායික මහනා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ස්වාමින්වහන්සේලාගේ  සහභාගීත්වයෙන් සහ ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවල නියෝජිතයන් ද සහිතව ත්‍රිපිටකය ලෝක උරුමයක්  කරන ලෙස සිදු කරනු ලබන ඉල්ලීම ඇතුළත් යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානියා වෙත බරදීමට  නියමිතය.

ත්‍රිපිටකාභිනන්දන සතිය තුළ නිවාස,පෞද්ගලික හා රජයේ ගොඩනැගිලි සේවා ස්ථානවල බෞද්ධ ධජවලින්  සරසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙයට අමතරව පාසල් දහම් පාසල්, බෞද්ධ සමිති සමාගම්  සම්බන්ධ කරගෙන දානමය පිංකම් රැසක් ද සංවිධානය කෙරෙන බව ජනාධිපති ලේකම්වරය පැවසී ය.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පාළාත් පලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, බුද්ධ  ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී.කිත්සිරි මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා  අතුළු නිලධාරිහු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 

Comments