කව් ලැකියෙහි නැති මහාප්‍රාණ | සිළුමිණ

කව් ලැකියෙහි නැති මහාප්‍රාණ

 

ලෙව් ලැකියෙහි හා කව් ලැකියෙහි යෙදෙන ගාත්‍රාක්ෂර අතර ද වෙනස්කම් කීපයකි. පළමුවැන්න; මහාප්‍රාණ අක්ෂර කව් ලැකියෙහි නොයෙදීම යි. ඒ වෙනුවට ඒ්වාට අනුරූප අල්පප්‍රාණ අක්ෂර හෝ වෙනත් අක්ෂර යෙදිණ.

මහාප්‍රාණ ලෙව්ලැකිය කව්ලැකිය

ඛ - මුඛ මුව

මඛාදේව මුවදෙව්

ඝ - දීර්ඝ දික්/දිගු

සංඝ සඟ

ඡ - ඡායා සේ

‌ඡේක සේ

ඣ - ගිජ්ඣකූට ගිජිකුළු

ඨ - ඕෂ්ඨ ඔට

ජ්‍යෙෂ්ඨ දෙටු

ඪ - ගූඪ ගුළු

ථ - අර්ථ අරුත්

ස්ථාන තැන්

ධ - බුද්ධ බුදු

ධර්ම දම්/දහම්

ඵ - ඵල පල

භ - ශුභ සුබ

සභා සබා

Comments