ධර්මිස්ටර්ලා ගැන මනෝ විද්‍යා ඇසින් බැලීමක් | සිළුමිණ

ධර්මිස්ටර්ලා ගැන මනෝ විද්‍යා ඇසින් බැලීමක්

මාධ්‍යවේදී සුගත් ශාන්ත මොරගහකුඹුර නිෂ්පාදනය කොට ඉදිරිපත් කරනු ලබන ධර්මිස්ටර්ලා වේදිකා නාට්‍යය පිළිබඳ ව මනෝ විද්‍යාත්මක විග්‍රහයක්.

 

ඕනෑම කලා නිර්මාණයක කලාත්මක වටිනාකමක් ඇත. එහෙත් වැදගත් වන්නේ කලාත්මක වටිනාකම පමණක් නොවේ. එම නිර්මාණය බිහිවීමෙන් එහි නව දර්ශනයක් පවතී නම් එය වඩාත් වැදගත් වනු ඇත. මේ නිසා සෑම පුද්ගලයකුට ම නිර්මාණයක් බිහි කළ හැකි වුවද නව දර්ශනයක්, ගැඹුරු සත්‍යයක් ඉදිරිපත් කළ නොහැකිය. විශේෂයෙන් කලාත්මක නිර්මාණ තුළින් නව දර්ශනයක් මතු පිටින් නොදකින ගැඹුරු සත්‍යයක් ඉදිරිපත් කළ විට ඒ සදාතනික වටිනාකමකින් යුතු කලා කෘතියක් ගණයේලා සැලකේ. සෞන්දර්යාත්මක වූ නිර්මාණ චින්තනයකින් හෙබි පුද්ගලයාට ලෝකයේ සහ ඒ තුළ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ ව නව දෘෂ්ටියකින් බැලීමේ හැකියාවක් ලැබේ. එමෙන්ම බොහෝ නිර්මාණ මතින් පුද්ගලයාට නිරීක්ෂණය හා විචාරය පිළිබඳ ව අවබෝධයක් ලබා දෙයි. නිර්මාණයේ ප්‍රකාශිත අදහස් විචාරය කිරීමේ ශක්තිය ඒ නිර්මාණයෙන් ලැබෙන අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දෙන්නේඅධීක්ෂණය මඟිනි. මා ධර්මිස්ට වේදිකා නාට්‍ය ගැන කතා කරන්නේ ඉහත සඳහන් කළ නිරීක්ෂණය මත පමණක් සිට ය.

නිර්මාණකරණයෙහි නව අදහස් ප්‍රකාශ කිරීමක් සෑම විටම සිදු වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම කලා නිර්මාණයක සිදුවන්නේ සෑම විටම සමාජයේ පවත්නා

යම් තත්ත්වයක් පිළිබඳව ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමකි. මෙවැනි නිර්මාණයක නිර්ව්‍යාජත්වයක් තිබිය යුතුය. එවැනි නිර්ව්‍යාජත්වයක් මඟින් යථා ස්වරූපය හඳුනා ගැනීමේ හැකියාව පුද්ගලයාගේ සදාචාර වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. ඒ අනුව සිදුවන ඔහුගේ නිර්මාණය රස විඳින පුද්ගලයා තුළ කිසියම් පහන් බවක් ඇති වේ යැයි අපේක්ෂා කෙරේ. ධර්මිස්ටර්ලා කතාවේ සාරාංශය මෙසේය.

තුසිත දිව්‍ය ලෝකය හා අපාය යන ස්ථාන දෙකක් තිබෙන අතර අපායට නර ලෝකයෙන් යන නරයන් පිරිස් සංඛ්‍යාත්මක ව විශාල වේ. එය අපයේ අයවැයට ප්‍රශ්නයක් වෙනවා සේම දිව්‍ය ලෝකයේ යන නරයන් අඩු වීම ද ගැටලූවක් වී තිබෙයි. නර ලෝකයෙන් අපායට එන පිරිස වැඩි වීමත් නර ලෝකයෙන් දිව්‍ය ලෝකයට යන පිරිස අඩුවීමටත් හේතු සාධක සොයා බලන්නට ඒ ලෝක දෙකේ

පාලකයන් තමන්ගේ දූතයන් නරලෝකයට පිටත් කර එවයි. එහිදී පසුගිය දශක කිහිපය තුළ නර ලෝකයේ ඇති වීතිබෙන වෙනස්කම් දකින ඔවුන් පුදුමයට පත් වෙයි. නර ලෝකයේ ඉතා ප්‍රසිද්ධ දේශපාලන චරිත කිහිපයක් එහිදී ඔවුන්ට මුණ ගැසෙයි. පසුව ඒ චරිත ද මිය ගොස් අපායට පැමිණෙයි. තමන් මිය ගිය බව පවා නොදැන අපායේ සිට එහි පාලන බලය අල්ලා ගැනීමට සැලසුම් කරන ආකාරය හරි අපූරුවට වේදිකා නාට්‍යයේ අවසානයේ පෙන්නුම් කරයි.

පිටපත අර්ථයෙන් ධර්මිස්ටර්ලා නාට්‍ය ඉතා සරල හාස්‍ය මුසු වුණු කතාවක් ලෙස පෙනුණද එය සියුම්ව රස විඳීමේදී මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ගැඹුරු අදහස් රැසක් පවතින බව පෙනේ.

නාට්‍ය තුළ පසු බිම් වන ප්‍රධානතම ස්ථාන තුන වන්නේ අපාය, දිව්‍ය ලෝකය හා නර ලෝකයයි. ප්‍රේක්ෂකයාට වඩාත් සුපුරුදු ස්ථාන කිහිපයක් නාට්‍ය සඳහා යොදා ගැනීම ම නාට්‍යයේ සාර්ථකත්වයට හේතුවක් වී ඇති බව කිව යුතුය.

අපාය, දිව්‍ය ලෝකය පින්, පව් හොඳ නරක යනාදී බෙදීම් පිටුපස ඇත්තේ ආගමික සංස්ථාවයි. ආගම් විසින් හොඳ යැයි අනුමත කරනු ලැබූ හැසිරීම් රටාවක ප්‍රතිඵල වශයෙන් ඔහුට සැලකිලි ප්‍රශංසා ආදියෙන් මරණින් මතු දිවියේ ප්‍රගතිය එනම් දිව්‍ය ලෝකයේ සැප සම්පත් පිළිබඳ ව බලාපොරොත්තුවක් මිනිසාට ලැබේ.

මේ අනුව අපාය දිව්‍ය ලෝකය වැනි සංකේත නාට්‍ය සඳහා යොදා ගැනීමෙන් එහි වටිනාකම තවත් ඉහළ යන බව මගේ අදහසයි.

ධර්මිස්ටර්ලා ගොඩනඟන්නේ මේ අපාය දිව්‍ය ලෝකය වැනි කාල්පනික ලෝක ඇසුරෙනි. එසේ තම තමන්ගේ කාල්පනික ලෝකයට බාහිර හැඩ ගැන්වීමෙන් ද සිහින ලෝකයෙන් ඉවත්ව යථාර්ථය හුවා දැක්වීමට ද මෙම වේදිකා නාට්‍යයකරුවන් උත්සාහ දරා ඇත.

නව සම්ප්‍රදායන් බිහි කිරීමේදී කලාකරුවා සමාජය ඉදිරියෙන් ගමන් කරයි. එහෙත් සමාජය නොපෙනෙන තරමේ බොහෝ දූරස්ථ ව ගමන් කිරීමට ඔහුට අවසර නොලැබේ. ඔහු ගමන් කළ යුත්තේ සමාජය පෙනෙනතෙක් මානයෙන් ය. එසේ නොවුණොත් ඔහුගේ කෘති සමාජය විසින් ප්‍රතිකේෂේප කරනු ඇත. පවතින සමාජ ව්‍යූහයත් දේශපාලන හා ආර්ථීක ව්‍යූහයෙන් කලාකරුවා ඒ යුගයේ සංකල්ප

සමඟ එක්වන සිටිය යුතු බව අදහස් කෙරේ. ඔහුගේ කෘති සමාජය විසින් පිළිගනු ලබන්නේ ඒසේ වුවහොත් පමණී.

නිදසුනක් ලෙස ටවර්හෝල් යුගයේ නාට්‍යවල තිබූ ජාතික මමත්වය, දේශ භක්තිය ආදී සංකල්පවලට කාලීන වටිනාකමක් තිබූ නමුත් අද සමාජයට එවැනි අවශ්‍යතාවක් නැත. මෙය ධර්මිෂ්ටර්ලා හි නිර්මාණකරවන් (පිටපත . ඒ. ඩී පෙරේරා. අධ්‍යක්ෂණය අනුර වරාගොඩ ) මනාව වටහාගෙන ඇත. ඔවුන් තම නිර්මාණය වර්තමාන සමාජය ඇතුළත බොල් බව හා සමාජය පාලනය කරන පාලන අධිකාරියේ ජුගුප්සා ජනක චර්යාවන් පෙන්නුම් කිරීමට යොදා ගැනීමෙන් පවතින සමාජය සියුම්ව තේරුම් ගත්තා යැයි හැඟේ.

මේ නාට්‍ය පුරා දිව යන එක් ප්‍රධාන කාරණාවක් ඉස්මතු කිරීමට කැමැත්තෙමි. එය නම් යුගයේ උණ නම් (MALADIE DUE SIECLE) මනෝ විද්‍යාත්මක කාරණයයි. මින් අදහස් කරන්නේ යම් කාලසීමාවක සමාජය තුළ සිදුවන නව පිබිදීම් මුල් කරගෙන යම් සමාජයක ඇතිවන ප්‍රවණතාවකි. එමෙන් ම අනෙක් අතට එහි ඇති අභ්‍යන්තර මළානික භාවයයි. උදාසීනත්වය ජීවිතයේ නිෂ්ක්‍රියත්වය තමන් තමුන්ගෙන්ම හා අනෙක් මිනිස්සුන්ගෙන් මෙන්ම ස්වභාව දහමෙන්ද දූරස්ථ වීම ආදී ලෙස හඳුන්වා ඇත්තේ මේ අර්බුදයයි.

වර්තමාන සමාජයේ බහුතරයක් තමන් අාධ්‍යාත්මික අර්බුදයක ජීවත් වන බව සවිඥානක ව නොදැන ජීවත් වෙමින් සිටියත් මේ ක්‍රියාවලියේදී මිනිසා ඔහුව වස්තුවක් බවට වෙනස් කොට තිබේ. ජීවිතය ධනයට යටත් කොට ඇත. ජීවත්වීම යන්න ලැබීම යන අදහසින් යටපත් වී ඇත. මිනිසාගේ පුනර්ජනත්වය යන්න නූතන මිනිසාගේ ප්‍රධාන අරමුණ සේ සලකනු ලබන්නේ වස්තූන්ගේ

පරිපූර්ණත්වය හා ඒවා ලැබීමට සැබැවින් ම අරමුණක් නොමැති වුවත් ඔහු සතුට හෝ පෞද්ගලිකත්වය සඳහා වාචික සංග්‍රාමයක යෙදී සිටියි.

'ඉසා අපේ ගෙදර ලබන ඉරිදා පාටියක් තියෙනවා මගේ බර්ත් ඩේ එකට. ඔයාල එන්නම ඕනේ. අපි බීලා හොඳ ජොලියක් දාමු ...අපේ තාත්තට සල්ලි තියෙනවා... අම්මට බලය තියෙනවා.

නාට්‍යයේ කියැවෙන මේ දෙබස එකී අර්බුදයට හොඳ ම සාක්ෂී සපයයි. ජීවත් වන්නේ කුමක් සඳහා ද?

ජීවත් වීමේ අරමුණ කුමක්දැයි මිනිසාගෙන් විමසුවොත් ඔහු ම වික්ෂිප්තභාවයට පත් වනු ඇත. අනාරක්ෂිත බවින් හා හුදකලා බවින් පළා යෑමේ ප්‍රාර්ථනාවක් හැරුණු විට ඔහු සතු වෙනස් අභිමතාර්ථ නැත. ඉහත ඛේදවාචකය ධර්මිස්ටර්ලා නාට්‍ය පුරා දිවයන ආකාරය පෙනේ. මේ තත්ත්වය ඇතුළත ඇතැම් මිනිසුන් උමතු භාවයට පත්වන්නේ ඇයි යන ප්‍රශ්නයට වඩා සැබැවින් ම විමසිය යුත්තේ මේ සිස්ටම් එක තුළ බොහෝ මිනිසුන් උමතු භාවයට පත් නොවන්නේ ඇයි ද යන්නයි.

අනෙකා ගේ ලෝකය තුළ තමා පිළිබඳව කුතුහලය ඇති කිරීමට නූතන මිනිසා උත්සාහයක් ගන්නා බව පෙනේ. තාක්ෂණය ලෝකය ම වී තිබේ. හිසේ කැක්කුමටත් ඉස්පිරිතාලේ යැයි සිතමින් 'අම්මියෝ මගේ ඔළුව රිදෙනවා' යනුවෙන් ෆේස් බුක් එකේ ස්ටේටස් දමයි. අනෙක් අතට වත්මන් සමාජය තුළ මමත්වය හා ස්වරූපරාගය ප්‍රමුඛ ලෙස දැකිය හැකි තවත් තත්ත්වයකි. ස්වරූපරාගය පිළිබිඹු වන ලක්ෂණයක් ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීම හැඳින්වීමට පුළුවන. සාන්ත දියාගෝ සරසවියේ මහාචාර්යවරයකු වන ( JEAN JWENGE) විසින් තමාගේ රූපයට හා මමත්වයට ආශා කරන වත්මන් පරපුර (THE ME ME ME JENARATION) ලෙස හඳුන්වයි. තමාගේ රූපය දෙස වැඩි වෙලාවක් බලාගෙන සිටීම, තමා අතිශයින් කඩවසම් හෝ රූමත් යැයි සිතීම, තමා බොහෝ අභිමානවත් පුද්ගලයකු ලෙස සිතීම මේ අක්‍රමිකතාවයේ ලක්ෂණයක් වේ. මේ සංකල්පය පිළිබඳව මුලින් ම අදහස් ඉදිරිපත් කරන ලද්දේ සිග්මන් ප්‍රොයිඩ් විසිනි.

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය දිනකට තුන් වතාවකට වඩා වැඩියෙන් තමාගේ ඡායාරූප ගැනීම මානසික රෝගී තත්ත්වයක් බව ප්‍රකාශ ඇත.

ඉසා- 'ඔයාලා මගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න අපට චැට් කරන්න පුළුවන්. ලයික් එහෙම කරන්න පුළුවන්, එන්නකෝ අනේ මගෙත් එක්ක සෙල්ෆියක් ගන්න. මං වෙනම එකක් ගන්නකෝ යමාජී..." යනාදී ලෙස කලින් සඳහන් කරන ලද මානසික ඛේදවාචකය ධර්මිස්ටර්ලා වේදිකා නට්‍ය තුළ හරිඅපූරුවට ප්‍රතිබිම්බ කරන ආකාරය දැකගත හැකිය.

නරලොව සෑම තැනකම පාහේ සීසීටීවී කැමරා සවි කර තිබෙයි. එය අපාය සහ තව්තිසාව දකින්නේ නර ලෝකයේ විශේෂ දියුණුවක් ලෙසයි. නමුත් ඒ තුළ ඇත්තේ අනාරක්ෂිත බව හා අවිශ්වාසයයි. තාක්ෂණයට කොටුවන ලෝකය තුළ මිනිස් සම්බන්ධතා දුරස්ථ කර ඇත. තමා සමීපයේ සිටින අය ගැන පවා සොයා බැලීමට ඔවුන් සමඟ කතාබහ කිරීමට කාලයක් නැත. තමා පිළිබඳව අනාරක්ෂිත හැඟීම්වල නිරන්තරයෙන් ම පෙළෙන ආකාරය ධර්මිස්ටර්ලා වේදිකා නාට්‍ය තුළින් අපට අපුරුව ලෙස ඉදිරිපත් කරයි. මෙය එක්තරා ආකාරයකට සමාජයම පිීඩා විඳින මානසික පීඩාකාරී තත්ත්වයක් ලෙස අපට හඳුනාගත හැකියි.

මෑත ඉතිහාසයේ බිහි වූ බොහෝ දේශපාලනඥයන් තුළ ( OSTTRAUMATIC EMBITRMENT DISORDER (PTED) )යන තත්ත්වය තිබෙන බව ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමේදී අපට පැහැදිලි වේ. මේ ( OSTTRAUMATIC EMBITRMENT DISORDER (PTED) තත්ත්වයෙන් පෙළෙන්නන් තුළ අවිඥානික වෛරය, විරෝධී බව අයහපත අසාධාරණ ස්ථානයක් බවත් ඒ ලෝකය කෙරෙහි මෙන්ම සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි ඇති අප්‍රසන්න භාවය අපිළිසරණ, හැඟීම්, පලි ගැනීමේ, ආසාව සහකම්පනීය හැඟීම්අඩු බව දුක්මුසු මනෝභාව තිබීම ආදිය රෝග ලක්ෂණ ලෙස පවතියි. මේ තත්ත්වය මුල්වරට හඳුන්වා දෙන ලද්දේ මයිකල් ලින්ඩෙන් විසිනි. ධර්මිෂ්ටර්ලාහි එන රාණිනි (රොහනි වීරසිංහ) රාජසිංහ (මාක් සැම්සන්) රනාල් (ජයතිලක ඇඹුල්දෙනිය) වැනි අය තුළ මේ අක්‍රමිකතාව නොවන්නේ වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයේ පවතින අභ්‍යන්තර ව්‍යාකූල තත්ත්වය පෙන්වමිනි.

මෙයට අමතරව

1)තමන් ගැන අධි තක්සේරුව

2) සමාව නොදෙන තරහා

3) කළු සුදු චින්තන රටාව

බාහිර ලෝකය කළු සුදු ලෙස දැකීම, ඔවුන්ගේ ලෝකය තුළ පුද්ගල වර්ග දෙකක් ඇත. එනම් පාක්ෂිකයන් හා ද්‍රොහීන් ය. ද්‍රෝහීන් කායික හෝ මානසික වශයෙන් විනාශ කිරීමට උත්සාහ ගැනීම කළු සුදු චින්තන රටාව සහිත දේශපාලකයාගේ ස්වභාවයයි

4) තමාට සිදුවන අපහාස, තර්ජන හමුවේ දරා සිටීමේ හැකියාව නොමැති වීම.

5) නිරන්තර අවිඥානක මානසික ගැටුම් පවැතීම.

සමස්ත දේශපාලන ක්‍ෂේත්‍රය තුළ පවතින මානසික ගැටලූ ලෙස දැකිය හැකියි. දීර්ඝ කාලයක් මෙසේ මානසික ගැටලූ සහිත ක්‍රියාකාරකම් නිසා ඉහළ පවතින මේ තත්ත් වය ක්‍රමයෙන් පහළ ස්තර හා ධූරාවලි තුළට ගමන් කර අවසානයේ ධූරාවලියේ පහළ ම ස්තරය වන සාමාන්‍ය ජනයාටත් ව්‍යාප්ත වීමෙහි භයානක පැත්තකි. කාලයක් යන විට සාමාන්‍ය ජනයා තුළ කළු සුදු චින්තන රටා ප්‍රචණ්ඩත්වය,

අපේක්ෂාභංගත්වය, මානසික පීඩනය පිළිබඳව සැකමුසු භාවය හා අනාරක්ෂිත හැඟීම් දැකිය හැකි වනු ඇත. සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝ විෂ්ලේෂණවාදයේ එන යමක් ගොඩනැඟීමෙන් ලබන අවිඥානක සොම්නස අතිශය වැඩි තත්ත්වයකි. මෙය සමස්ත සමාජයේ ම යම් රෝග තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.

සෑම කෙනෙක් ම බලය ලබා ගැනීමට එය පවත්වා ගෙන යෑමට ආසා කරයි. එය සමාජ පෙලඹවීමකි. පුද්ගලයා තුළ පෙලඹවීම් දෙකක් ඇත. පළමු ව

බඩගින්නත්, පිපාසය හා නින්ද ආදී අවිඥානකික ප්‍රේරණයන්, එනම් ජෛව විද්‍යාත්මක ප්‍රේණය බලය හා තත්ත්වය ලබා ගැනීමට ඇති ආසාව ද සමාජ ප්‍රේරණයන් ලෙස ක්‍රියාත්මක වේ.

ධර්මිස්ටර්ලා නාට්‍යයේ එන දේශපාලකයන් හතරදෙනා තමාගේ බලය හා තත්ත්ව ය පිළිබඳව මහත් අභිරුචියෙන් කතා කරයි. එ් බලය පවත්වා ගැනීමට, රැක ගැනීමට ගන්නා වෙහෙස පිළිබඳව යම රජු ඉදිරියේ පාපොච්චාරණය කරයි. තවත් විටක අතීතයේ තමන් ජීවත් වූ හැටි අභිමානයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රකාශ කරයි. මෙය මනෝවිද්‍යාවට අනුව අතීතකාම තත්ත්වයකි. අතීතකාමය යනු අතීත මතකයන් වෙත දක්වන අසීමිත ආසාවයි. මේ ආකාරයෙන් විමසා බලන කල අපගේ වේදිකාවට කාලයකින් බිහි වූ හොඳ මනෝ විද්‍යාත්මක වේදිකා නාට්‍යක් ලෙස ධර්මිස්ටර්ලා හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ඔබ ද ධර්මිස්ටර්ලා නාට්‍ය එක් වරක් හෝ නරඹා එහි ඇති මනෝ විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගන්නට උත්සාහ ගන්නේ නම් වැදගත් යැයි සිතමි. ධර්මිස්ටර්ලා තුළින් එළියට එන්නේ වර්තමාන සමාජයේ සෑම අංශයකම සිදුවන හා සිදුවෙමින් පවතින ඛේදවාචකයේ එක් පැත්තකි. නාට්‍යකරුවා ඔහු තුළ තෙරපෙමින් පවතින සංකල්ප නිර්මාණයකට පෙරළා තමා පෙළුෑ ආතතියෙන් මිදෙයි. එහි මහඟු ප්‍රතිඵලයක් වශයෙන් හෙතෙම භාවමය විශාන්තියක් ලබයි. මේ රළු සත්‍ය ගුණදාස අමරසේකර 'යළි උපන්නෙමි' කෘතියේ ප්‍රස්ථාවනාවෙහි දක්වා ඇත.

'සාහිත්‍යකරුවා හැව දමමින් ජීවත්වන සත්ත්වයකු වැන්න; කලින්කලට විවිධ මතිමතාන්තරවලින් ඔහුගේ මන සපිරෙයි. ඒවා ආත්ම කොට යටපත් වීමට නම් ඒ මත මතාන්තර හැවක් බවට පමුණුවා එළිය ට දැමිය යුතුය .

සාහිත්‍යකරුවා එළියට දමන හැව සිය සාහිත්‍ය කෘතියයි.

 

Comments