ශ්‍රීලනිප පොදු ජන පෙරමුණු තීරණාත්මක සාකච්ඡාව 21දා | Page 2 | සිළුමිණ

ශ්‍රීලනිප පොදු ජන පෙරමුණු තීරණාත්මක සාකච්ඡාව 21දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් 21 වැනිදා පැවැත්වීමට එම පක්ෂ දෙක තීරණය කර තිබේ.

පක්ෂ දෙක අතර සාකච්ඡා නිල වශයෙන් ඉකුත් 14 වැනිදා ආරම්භ කළ අතර එහිදී තීරණය කර ඇත්තේ තවත් සාකච්ඡා වාර කිහිපයක් ම පැවැත්වීමටය.

පක්ෂ දෙකට වැදගත් තීරණ රැසකට පැමිණීමට ඇති බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගට ම පක්ෂ දෙකේ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්න බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සන්ධානගත වීමෙන් පසු නායකයන් සහ නිලධාරින් පත් කිරීම සම්බන්ධවත්, ඉදිරියේදී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳත් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Comments