ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය ඇරැඹෙයි | සිළුමිණ

ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය ඇරැඹෙයි

ජනාධිපතිතුමන් විසින් ජාතික උරුමයක් බවට පත් කරනු ලැබූ ථෙරවාදි ත්‍රිපිටකය මහා සංඝරත්නයේ උපදෙස් මත ලෝක උරුමයක් බවට පත් කිරීමට යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවට සමගාමී ත්‍රිපිටක අභිනන්දන සතිය සෙනසුරාදා (16) ඇරඹිණි.

මෙම යෝජනාව ලබන 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ මළුවේදි සිදු කිරීමට නියමිතය.

ඒ නිමිත්තෙන් ඊයේ 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ‘ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය‘ වෙනුවෙන් රටේ සෑම නිවසකම බෞද්ධ ප්‍රබෝධය ඇති වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැළෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලා සිටියි.

Comments