නාස්තිය දූෂණය නවතන හැටි ගැන හැරී ජයවර්ධන කතා කරයි | සිළුමිණ

නාස්තිය දූෂණය නවතන හැටි ගැන හැරී ජයවර්ධන කතා කරයි

නාස්තිය දූෂණය වළක්වමින් රට ඉදිරියට ගෙන යාමට නම් රටේ තිබෙන නීති හරිහැටි ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකට ව්‍යාපාරික මහතා පැවසීය.

පසුගියදා අයවැය පිළිබඳව පැවැති සාකච්ඡාවේදී මෙම අදහස් පළකළ හැරී ජයවර්ධන මහතා එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණි. එහිදී ඒ මහතා විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී.

කර්මාන්තයේ නියැළෙන්න්ට අනුව, මේ වනවිට හොර සිගරැට්වලින් වසරකට බිලියන 80ක ලංකාවට ආදායම අහිමි වෙනවා. සිගරැට් වලින් නීත්‍යානුකූලව එකතු කරන ටැක්ස් එක බද්ධට සා‍ෙප්ක්ෂව දෙගුණයක් වෙනවා.

ලංකාවේ මධ්‍යසාර කර්මාන්තයේ බලපත්‍රලාභී නියෝජිතයන් මේ වන විට 1100 ක් ඉන්නවා. ඉන් බලපත්‍ර 500ක් තියෙන්නේ තනි පුද්ගලයන් තිදෙනෙකු යටතටයි. ලෝකයේ පළමු වතාවට මේ බලපත්‍රලාභී නියෝජිතයන් දිසා අධිකරණයේ නඩුවක් දැම්මා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීති විරෝධී ආකාරයෙන් දුම්කොළ හා මද්‍යසාරවලින් අහිමිවන ආදායම එකතු කරගන්න ක්‍රමයක් හදන්න කියලා. ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව අවුරුද්දකට බිලියන 80ක ආදායමක් අහිමි වෙනවා.

මෙවැනි එක් අංශයකින් පමණක් ආණ්ඩුවට බිලියන 80ක් අහිමි වෙනවා නම් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. අපි අපේ රටේ බදු එකතු කරන්න කියලා මේ වන විට මොනවද කරලා තියෙන්නේ කියලා අවධාන යොමු කළ යුතුයි. මුදල් අමාත්‍යාංශය මෙවර ඉදිරිපත් කළ අයවැය සාර්ථක අයවැයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතාම දුෂ්කර ආර්ථික තත්ත්වයක් යටතේ අභියෝගාත්මක පසුබිමක් තුළයි ඔවුන් ජනතාවට සහන දීමට කටයුතු කර තිබෙන්නේ.

නමුත් අපි මේ කතා කරන ප්‍රශ්නය විසඳන්න අයවැය තුළින් අපොහොසත් වී තිබෙනවා. මෙහිදී විශේෂයෙන් ම අපේ රටේ නිෂ්පාදනය සඳහා අභියෝගයක් නොවන ආකාරයට සැලසුම් තිබිය යුතුයි. අද සැමන් කිලෝග්රෑම් එකක් රුපියල් 500ටයි ලංකාවට ආනයනය කරන්නේ. සමහර හරක් මස් වර්ග රුපියල් 600 සිට 1000 දක්වා මිලකට ආනයනය කරනවා. මින් ප්‍රයෝජන ගන්නේ ඒ ඒ රටවලින් මේ රටවලට එන සංචාරකයන් පමණයි.

අපිට මේ ආකාරයට ලංකාවට එන අපේ කර්මාන්තවලට අහිතකර දේවල් පාලනය කළ යුතු වෙනවා. ඒ සඳහා නීති ප්‍රතිපත්ති තිබිය යුතුය. රේගු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව මීට වඩා ශක්තිමත් කළ යුතු බව පෙන්වා දිය යුතුය. එමෙන් උතුරු - නැ‍ඟෙනහිර පළාත පිළිබඳව අවධානය යොමු කළ යුතුය. නමුත් අද එවැනි දෙයක් සිදු වන්නේ නැත.

පසුගිය කාලයේදී විශාල සුරා බදු වැටලීමක් සිදු කළා. නමුත් ඒ පරීක්ෂණවලට එක් දිස්ත්‍රික්කයක සහකාර සුරාබදු ‍ෙකාමසාරිස් ඇඟිලිගැසීම් සිදු කළා. බලපෑම් කළා. නමුත් මම මීට සති දෙකතුනකට කලින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා. අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස. නමුත් මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

පසුගිය කාලයේ ඉන්දියාවේ ණය ක්‍රමයක් යටතේ අලුත් දුම්රිය ගෙන්වූවා. අපේ අලුත්වැඩියා කළ දුම්රිය මාර්ගවල සාමාන්‍ය දුම්රිය ධාවනය කළ හැක්කේ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්. නමුත් මේ දුම්රිය වෘත්තීය සමිති සහ බලධාරින් අතර පසුගිය දිනවල තිබුණ මතවාදයක් වූයේ අලුතින් ගෙනා දුම්රිය මේ මාර්ගවලට නොගැළපෙන බවයි. ඉතිං මේ සුළු වැරැද්ද සකස් කරන්න ආණ්ඩුවට බිලියන ගණනින් වියදම් වෙනවා නේද?

අපේ ර‍ෙට් සංස්ථා කීයක් නම් තිය ෙනවද? ඉන් මුදල් උපයන ඒවා තියෙන්නේ කීයද? මේ සංස්ථා කීයකට ආණ්ඩුවෙන් සහන දෙනවද? අපි මේ නාස්තිය දැන්වත් නැවැත්විය යුතුයි. එවිට අපිට පිටරටින් සල්ලි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ළඟ මුදල් තියෙන නිසා අපිට මිනිසුන් ශක්තිමත් කරන්න පුළුවන්. අලුත් බදු අය කර ගන්නවාට වඩා අ‍ෙප් දැනට තිබෙන මේ අර්බුද විසඳා ගත්තොත් එය ලොකු සහනයක් වේවි.

මේ සඳහා නිසි උපදේශකයන්ගේ සේවය රජය විසින් ලබා ගත යුතුයි. විශේෂයෙන් ම ඒ ඒ කර්මාන්ත අත්දැකීම් ඇත්තන්ගේ උපදේශනය ඉතා වැදගත්. ඔවුන් මේ මුදල් එකතු කර ගන්නේ කොහොමද කියන එක ගැන සරලව කියා දේවි.

මේ සඳහා ලොකුවට වගු ප්‍රස්තාර අවශ්‍යය වෙන්නේ නැහැ ඉතාම සරලයි. දැන් බලන්න... අද රූපවාහිනියේ ප්‍රවෘත්තියක් දැක්කා වී කිලෝඑක රුපියල් 35යි කියලා. ආණ්ඩුව වී වගාවට සහනාධාර තුනක් දෙනවා.

ඊළඟ කන්නයේ විශාල අස්වැන්නක් ලැබේවි. නමුත් කොහොමද ඒ වී ගොවියා තමන්ට ලාභදායි මුදලකට වී විකුණන්නේ... මිල තව තවත් පහළට යයි. එයින් වෙන්නේ ගොවියා අධෛර්යමත් වෙන එකය. ඔවුන්ට කිසි කෙනෙකුගේ නිසි උපදේශනයක් ලැබෙන්නේ නැහැ.

ගොවීන්ට අපනයන වෙළඳපළ පිළිබඳව නිසි අදහසක් නැහැ. නමුත් එය කළ හැකි ආකාර තියෙනවා. අද වියට්නාමය, පකිස්ථානය සහල් අපනයනය කරනවා. එයින් ඒ ඒ රටවලට විශාල ලාභයක් ලැබෙවා. ඇමරිකාව පවා කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න දැඩි ප්‍රතිපත්ති අරන් තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම ක්‍රමයක් නැහැ. අපේ රටේ ලූනු ගොවියාට, වට්ටක්කා ගොවියාට මෙවැනි ප්‍රතිපත්තියක් නැතිකමින් පසුගිය කාලය පුරාම ප්‍රශ්න ඇති වුණා.

අපේ රටේ ගොවිජනතාව මේ නිෂ්පාදන සිදු කරන්නේ අභ‍ි‍යෝග රැසක් මැදයි. කාලගුණය, වනසතුන්, විවිධ පළිබෝධ ප්‍රශ්න රැසක් හමුවේ කටයුතු කරන ඔවුන්ට අස්වැන්නට හරි මිලක් ලැබුණේ නැත්නම් මොකක්ද ඇතිවන තත්ත්වය. මෙලෙස රටක් ලෙස අපි ඉදිරියට යන්නේ කොහොමද?

මේ සියලු අභියෝගවලට හොඳම විසඳුම තමයි ර‍ෙට් ඇති නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම. එසේ වූවා නම් මුදල් අමාත්‍යාංශයට මෙච්චර අභියෝග එන එකක් නැහැ. අපි අද ණයක් ගත්තොත් එය ඵලදායි වුණත් - නොවුණත් ඒ සඳහා පොලිය ගෙවිය යුතු වෙනවා. එය රජයට වගේ ම පරම්පරාවටම බලපාන ප්‍රශ්නයක්.

අපේ රටට රටේ ෆොස්පේට් තියෙද්දි ෆොස්පේට් පොහොර ආනයනය කරනවා. කිරි ටොන් හැත්තෑදහසක්, අසූ දහසක් ආයතනය කරනවා.

නිකන් හිතලා බලන්න... එම එක ටොන් එකකට ඩොලර් 3500 ක් ගෙවන විට අපිට විදේශ විනිමය ඩොලර් කී දාහක් නම් වැය වෙනවද කියලා.”

අදහස්