ලංකා හොස්පිට්ල්ස් සේවාවන්ගේ වර්ධනයක් | Page 2 | සිළුමිණ

ලංකා හොස්පිට්ල්ස් සේවාවන්ගේ වර්ධනයක්

ජාත්‍යන්තරව විවිධ වූ සම්මානයන්ගෙන් පිදුම් ලත්, මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම් ආයතනයක් වන ලංකා හොස්පිට්ල්ස්, සිය අභ්‍යන්තර ක්‍රියාවලීන්, පාරිභෝගික සේවාවන් ඇතුළු වෙනත් සේවාවන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රෝහල් අභ්‍යන්තර කාර්යමණ්ඩල ඇගයුම් සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු ලැබීය.

මෙම සම්මාන උලෙළේදී හෙද සාත්තු , පාරිභෝගික සේවා බාහිර රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානෙ, බිල්ගතකිරීමේ සේව‍ෙ, අභ්‍යන්තර රෝග සේවා, ගෘහ පාලනය, බාහිර රෝගී සහ අභ්‍යන්තර රෝගී ඖෂධවේද, ආහාර පාන සේවා, ආහාර පාන නිෂ්පාදන සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන යන අංශ ඔස්සේ කාර්යමණ්ඩල ඇගයීම් කාර්යය සිදුවිය.

2018 වසරේ ජූලි මාසයේ අප පළමුවෙන්ම ආරම්භ කල කාර්ය මණ්ඩල ඇගයීම් සම්මාන උළෙලේ සිට ලංකා හොස්පිට්ල්ස් හි විශිෂ්ට සේවා සහ එහි ක්‍රියාවලීන් වඩාත් දියුණුවට පත්විය. අපගේ සේවකයන් දිරිගන්වමින්, ඔවුනගේ කුසලතාවන් සහ වෘත්තීය අචාර ධර්මයන් වර්ධනය කරමින් පරිපූර්ණ වූ ක්‍රියාවලියක් ඔස්සේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම අපගේ අරමුණයි” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා ප්‍රකාශ කළේය.

Comments