DSI Gen X ටයරය වෙළෙඳපොළට | සිළුමිණ

DSI Gen X ටයරය වෙළෙඳපොළට

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම තවත් අද්විතීය නිමැවුමක් වන Gen X මෝටර් සයිකල් ටයරය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙන රාත්‍රියේ ධාවනයේදී ධාවකයා පහසුවෙන් හඳුනා ගත හැකි Neon Effect එකක් ලබා දෙන Neon Strip එකක් සහිතව නිපදවා ඇති Gen X ටයරය ධාවකයාගේ ආරක්ෂාව මනාව තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යන අතර මෑත වසරවල බහුලවම සිදු වී ඇත්තේ යතුරුපැදි අනතුරු වන අතර අනතුරුවලට ලක්වී වැඩිපුරම මියගොස් ඇත්තේද යතුරුපැදිකරුවන් බව ශ්‍රී ලංකා පොලිසිය ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් විද්‍යානුකූලව නිමවා ඇති Gen X ටයරයේ ඇති ආරක්ෂිත කට්ට රටා නිසා වැසි සහිත අවස්ථාවලදී ටයරය සහ පොළොව අතර ජල තට්ටුවක් ඇති නොවන නිසා ලිස්සා යෑම වැළකේ. ටයරයේ ඇති වර්ණ ස්ටිකර් මගින් එයට උසස් සහ අගනා පෙනුමක් එක් කරයි. වෙළෙඳපොළේ ඇති ටයර් අතරින් වැඩිම දුරක් ධාවනය කළ හැකි Gen X ටයරය ප්‍රථම අදියරේදී 90/100 x 10 ස්කූටර් කාණ්ඩය යටතේ සහ 100/90 X 17, 300 X 17 මෝටර් සයිකල් කාණ්ඩය යටතේ හඳුන්වා දෙයි. එය වෙළෙඳපොළ පවතින ආරක්ෂිත, ආකර්ෂණීය සහ දිගු කල් පැවැත්මක් සහිත ටයරය වේ.

Comments