ලන්තෑ­රුම | සිළුමිණ

ලන්තෑ­රුම

අතීත ජපා­න­යෙහි ගමන් බිමන් යන විට භාවිතා කරන ලද්දේ උණ පතුරු සහ කඩ­දා­සි­ව­ලින් සෑදු ලන්තෑ­රුම් විශේ­ෂ­යකි. එය ඉටි­ප­න්දම් ගසා පාවිච්චි කරන ලදී. එක් අන්ධ­යකු මිතු­රෙකු හමු­වී­මට ගොස් රාත්‍රී­යෙහි පෙරළා එන්නට සැර­සෙන විට ඔහුට එබඳු ලන්තෑ­රු­මක් දල්වා දෙනු ලැබිණ.

“මට ලන්තෑ­රු­මක් උව­මනා නෑ. රෑයි දවා­ලයි දෙකම මට එකයි.” අන්ධ මිතුරා පිළි­තුරු දුන්නේය.

“ඔව්, ඔබට පාර හොයා­ගන්න ලන්තෑ­රු­මක් වුව­මනා නැති බව මං දන්නවා. ඒත් ඔබේ අතේ ලන්තෑ­රු­මක් නොති­බු­ණොත් වෙන මිනිස්සු ඔබේ ඇ‍ඟේ හැප්පෙන්න පුළු­වන්” අනික් මිතුරා උත්තර දුන්නේය.

අන්ධයා ලන්තෑ­රුම රැගෙන ගමන පිටත් විය. වැඩි දුරක් යෑමට මත්තෙන් එක් පුද්ග­ල­යෙක් ඔහුගේ ඇ‍ඟේ හැප්පු­ණේය. අමුත්තා ඔහුට බැණ වැදිණ.

“ඇස් දෙක පොට්ට­වෙලා ද? කොහේ බලා­ගෙ­නද යන්නේ?”

“ඇයි තමු­සෙට මේ ලන්තෑ­රුම පෙනුණේ නැද්ද?”

“මිත්‍රයා, ඒකේ ඉටි­ප­න්දම නිමිලා.” අමුත්තා පිළි­තුරු දුන්නේය.

(උපුටා ගැනීම ජපන් සෙන් කතා)

සශ්මික ප්‍රභා­ෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යා­ලය, කොළඹ 10.

 

Comments