ලොවක් මවිත කළ සීගි­රිය | සිළුමිණ

ලොවක් මවිත කළ සීගි­රිය

සීගි­රිය යනු අපේ අතීත මුතුන් මිත්තන්ගේ කලා කුස­ල­තා­ව පිළි­බිඹු කරන කැටපතක් බඳු නිර්මා­ණ­යකි. එය ඉතා විස්මිත නිර්මා­ණ­යක් වන අතර සීගි­රිය ලොව අට­වන පුදු­මය ලෙස නම් කෙරු­ණේද එකී විස්මිත බව නිසා­මය. මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රි­ක්ක­යට අයත් වන සීගි­රිය කාශ්‍යප රජුගේ නිර්මා­ණ­යකි. එප­ම­ණක් නොව, සීගි­රිය ‘සීහ පබ්බත’, ‘සීහ ගිරි’ වැනි නම් වලින් ද හඳුන්වා ඇත. කාශ්‍යප රජු­ගෙන් අන­තු­රුව සීගි­රිය වල් බිහි­ ව­න්නට විය

19 වැනි සිය­වසේ සීගි­රිය නැර­ඹි­මට පැමිණි ‘මේජර් ෆොබස්’ නම් තැනැත්තා තමාගේ ග්‍රන්ථ­යක සීගි­රිය පිළි­බඳ පිටු 20ක පමණ විස්ත­ර­යක් කර ඇත. එකල ශ්‍රී ලංකාවේ ආණ්ඩු­කා­ර­ව­රයා වූ ඒ.එච්. ගෝර්ඩන් මහතා සීගි­රිය ගැන තම අව­ධා­නය යොමු කර ඇත්තේය. ඉන් පසුව අප රටෙහි ප්‍රථම පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­රයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් සීගි­රිය නැව­තත් එළි­පෙ­හෙළි කර­න්නට විය. සීගි­රිය කොටු පවුරු හා දිය අගල්, ජල උද්‍යාන, ශිල උද්‍යාන, සිංහ පාදය, රාජ මාළි­ගය, බිතු සිතු­වම්, කැට­පත් පවුර හා කුරුටු ගී ආදි­යෙන් යුක්තය. සීගි­රිය වැනි ජාතික උරු­ම­යන් රැක ගැනීම අප කාගේත් වග­කී­මකි.

අමීරා හමීඩ්
9 ශ්‍රේණිය ‘ඊ’,
යසෝ­දරා විද්‍යා­ලය,
කොළඹ 08

Comments