ශ්‍රීපාදස්ථානය පිරිසිදු කරන්න තරුණ ජීවවේදියෝ එකවෙති | Page 2 | සිළුමිණ

ශ්‍රීපාදස්ථානය පිරිසිදු කරන්න තරුණ ජීවවේදියෝ එකවෙති

ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය මඟින්  මේ මස 23 සහ 24 දෙදින තුළ ශ්‍රී පාදස්ථානය අවට එකතු වී තිබෙන කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබේ.මෙය එම සංවිධානය මඟින් හත්වැනි වරට සිදු කරනු ලබන අතර  මෙමගින්  අපද්‍රව්‍යවලින් තොර සුපිරිසිදු සිරිපා අඩවියක් සහ ජෛව පද්ධතියක් පවත්වා ගැනීමට අමතරව අපද්‍රව්‍ය මඟින් සිදුවන විනාශය පිළිබඳව ජනතාව වෙත පණිවුඩයක් ලබා දීම හරහා අනාගත පරපුර සඳහා සිරිපා අඩවිය ආක්ෂා කිරීමත් අපේක්ෂා කරන බව එම සංවිධානය සඳහන් කරයි. 
 
මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේදී 260කට අධික පිරිසක් සහභාගි වූ අතර කිලෝග්‍රෑම් 800 ක පමණ පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් එක් රැස් කොට විධිමත්ව බැහැර කිරීමට කටයුතු කර තිබිණි. මෙම වැඩසටහන සඳහා පරිසර හිතැති ඕනෑම අයෙකුට සහභාගී විය හැකි අතර තනිව හෝ කණ්ඩායම් වශයෙන් වුවද දායක වීමට අවස්ථාව තිබෙන බවත්  මේ වැඩ සටහන පිළිබඳ අවශ්‍ය සියලු විස්තර facebook.com/ybasrilanka Facebook පිටුවෙන් හෝ දුලංජය චමල් - 0775880212, කසුනි යාපා රූපසිංහ - 0711795456, බුද්ධි ද සිල්වා -  0772324294  දුරකථන අංක මඟින් ලබා ගැනීමේ හැකි බවත් එම සංවිධානය සඳහන් කරයි. 
 
දෙස් විදෙස් විවිධ ආගමිකයන් ගේ වන්දනාවට පත්වූ පුදබිමක් මෙන්ම මෙන්ම ජෛව විද්‍යත්මකවද ඉතා ඉහල වටිනාකමක් හිමි කරගත් සුවිශේෂී පරිසර පද්ධතියක් වූ ශ්‍රී පාදස්ථානය කඳුකර තෙත්  වනාන්තරයන්ගෙන් සමන්විත ඉහළ ජෛව විවිධත්වයකින් යුත් අතිශය සංවේදී ජලපෝෂිත ප්‍රදේශයකි.‌ මෙයින් මෙරටට ජීවය දෙන ප්‍රධාන  ගංගා රැසක්ම ආරම්භ වන අතර ශාක හා සත්ත්ව විවිධත්වය අතින්ද සමණල කන්දට හිමිවී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී පාදය ආගමික පුද බිමක් බැවින් අති විශාල පිරිසක් සිරිපා කරුණා කිරීම  නිසා අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන ශ්‍රී පාද අභය භූමිය තුළ අධික කැළි කසළි ප්‍රමාණයක් එකතු වීම ද සිදුවේ.  විශේෂයෙන් ජෛව හායනය නොවන ප්ලාස්ටික්, පොලිතීන් වැනි දෑ විශාල ප්‍රමාණයන්ගෙන් වනාන්තරය තුළ එක් රැස් වීම හේතුවෙන් එහි ජෛවවිවිධත්වයට සහ පරිසර සංවේදීතාවට බලපෑම් එල්ල වී ඇති අතර මෙනිසා මෙම සුන්දර ආගමික පරිසරය දිනෙන් දින  විනාශයට පත්වෙමින් තිබේ.
 
 
 
 
 
 
 

Comments