
කව් ලැකියේ නැති
ඛ-යනු ඝ-යනු
මේ ලිපි පෙළ සිංහල කව් ලැකිය ගැන යි. ලෝක සාහිත්‍යයේ කව් ලැකියක් ඇත්තේ සිංහලයට පමණයි. මේ කව් ලැකියේ වගතුග හෙළි කිරීමේ අදහසින් ලියැවෙන ඉතා කෙටි ලිපි පෙළකි.
ක-වර්ගයට අයත් මහාප්‍රාණ අක්ෂර දෙකකි:
මහාප්‍රාණ ඛ-යන්න
මහාප්‍රාණ ඝ-යන්න
මේ අකුරු දෙක ම කව් ලැකියෙහි නොයෙදේ. ඒ වෙනුවට ඊට අනුරූප අල්පප්‍රාණ අක්ෂරය හෝ වෙනත් අක්ෂරයක් හෝ යෙදීම කව් ලැකිය යි.
මහාප්‍රාණ ඛ-යන්න
ලෙව් ලැකිය කව් ලැකිය
ක-යනු ආදේශය:
ඛග්ග කග
ඛග්ගවිසාණ කගවේණා
ඛනති කනියි
දුක්ඛ දුක්
සංඛ සක්, හක්
ය-යනු ආදේශය:
නඛ නිය
ව-යනු ආදේශය:
මුඛ මුව
මඛාදේව මුවදෙව්
මේඛලා මෙවුල්
සුඛ සුව
මහාප්‍රාණ ඝ-යන්න
ග-යනු ආදේශය:
අග්ඝිකා ඇගෑ
දීර්ඝ දිගු
මහාර්ඝ මහගු