පුරාවස්තු සංචිතයෙන් කාසි තුන්දහසක් අතුරුදන් | Page 2 | සිළුමිණ

පුරාවස්තු සංචිතයෙන් කාසි තුන්දහසක් අතුරුදන්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාණ කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වීඕසී කාසි 3000කට අසන්න ප්‍රමාණයක් හා අනුරාධපුර යුගයට අයත් මිල කළ නොහැකි පෞරාණික බුදුපිළිමයක්

අතුරුදන් වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්ත‍ෙම්න්තු ආරංචිමාර්ග පවසයි.

මේ බව අනාවරණය වී ඇත්තේ මෙම කාසි සංචිතය භාරව සිටි සහකාර අධ්‍යක්ෂවරයා විශ්‍රාම යෑමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කාසි සංගණනයේදීය. මේ සංගණන අවස්ථාවේදී ඔහු විසින් සිදුකළ බව කියන සැක සහිත මැදිහත්වීම් මාලාවක් නිසා එතෙක් සංගණනයේ යෙදී සිටි සේවක පිරිසක් සිය රාජකාරියෙන් ඉවත් වී තිබේ.

වාර්තා කර ඇති ලේඛණ ප්‍රකාරව මෙම පුරාවස්තු සංචිතයේ බුදු පිළිම 06ක් හා වී.ඕ.සී කාසී 10514ක් තිබූ බව තහවුරු වී ඇත. එහෙත් මේ වනවිට එම සංචිතය තුළ අත්තේ බුදුපිළිම 5ක් හා වී.ඕ.සී කාසි 7500කට ආසන්න ප්‍රමාණයක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩවල මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි. එසේම මෙම කාසි සංචිතයේ තිබූ කාසි ප්‍රමාණය සම්බන්ධව මින් පෙර දී පිළිගත හැකි කිසිම බළධාරියකු විසින් අත්සන් තැබූ ලියවිල්ලක් මෙතෙක් තමන්ට ඉදිරිපත් වී නොමැති බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.

Comments