හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණොත් රඟ­පා­න්නත් ආසයි | සිළුමිණ

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණොත් රඟ­පා­න්නත් ආසයි

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තම නාට්‍ය ශිල්පිනිය

 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ (2019) ප්‍රශස්තම නාට්‍ය ශිල්පිනියට හිමි කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ එම්. ඒ. තරුකි ලක්නාරා හැකියාවන් රැසකින් පිරිපුන් දැරියකි. නුගේගොඩ අනුලා විද්‍යාලයේ අටවැනි වසරේ ඉගෙනුම ලබන තරුකි පසුගියදා රසඳුනට ගොඩවැදුණේ ඇගේ අලුත්ම තොරතුරු අපට කියන්නයි.

කොහොමද තරුකි ..

හොඳින් ඉන්නවා.

 

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ දී ලැබුණු සම්මානය ගැන කියමුද?

ගුවන් විදුලි නාළිකා මඟින් ඉදිරිපත්කළ නාට්‍ය අතරින් ප්‍රශස්තම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනිය ලෙස මට සම්මාන හිමිවුණේ සිටි එෆ්. එම්. සේවයෙන් ප්‍රචාරය වු 'සැඟවුණු සෙවණැලි' ගුවන්විදුලි නාට්‍යයේ මා නිරූපණය කළ අන්ධ චරිතය වෙනුවෙන්. ඒ අන්ධ ළමයාගේ නම සුදු හාමිනේ.

 

කොහොමද මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?

ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවකවන ඉනෝකා බණ්ඩාර නැන්දා සහ ශාන්ත විජේකෝන් බණ්ඩාර මාමා තමයි මෙම නාට්‍යයට මාව සම්බන්ධකර ගත්තේ.

 

තරුකි පුංචි කාලෙ සිටම කලාවට සම්බන්ධයිද?

2016 වසරේ ළමා ශිල්පී පරීක්ෂණයෙන් කථනය, ගායනය, වාදනය, කවි ගායනය, යන අංශ හතරෙන්ම ඉහළින්ම සමත් වුණා. ඒ නිසාම මට පුළුවන් වුණා 2018 වසරේ ජාතික නිදහස් දින විශේෂ විචිත්‍රාංගමය වැඩසටහනේ වගේම ලෝක ළමාදින විශේෂ වැඩසටහන්වලට නිවේදිකාවක ලෙස සම්බන්ධ වෙන්න. මීට අමතරව පාසලේ සහ දහම්පාසලේ විවිධ කලා කටයුතු සඳහා කුඩා කාලයේ සිටම සම්බන්ධ වුවා.

 

මොනවද සම්බන්ධ වු ගුවන්විදුලි වැඩසටහන්?

'ළමා රංග පීඨය', 'රුවනාර ළමා සමාජය', 'මිණිමුතු පරයන පුංචි කැකුළු අපි', 'විදුනැණ මඩල', 'අපේ හපන්නු', 'රටට පිපෙන මල්' ඇතුළු ස්වදේශීය සේවයෙන් දැනටමත් ප්‍රචාරය වන වැඩසටහන් ගණනාවකටම සම්බන්ධ වුණා.

 

තරුකි ‍ඓතිහාසික කතා කියවන්න කැමැතියි කියන්නෙ ඇත්තද?

ඔව්. මම කැමැතියි අතීත කතා වගේම ලෝකය ගැන තිබෙන තොරතුරු දැක්වෙන පොත් කියවන්න. මම බොහෝ වැඩසටහන්වලට තොරතුරු සොයාගන්න වගේම ලිපි නිර්මාණ, නාට්‍ය පිටපත් ලියන්නත් එම පොත්පත්වල දැනුම ලබා ගන්නවා. සුමනා ජයතිලක නැන්දා මෙහෙයවන 'හඳ මාමා' වැඩසටහනට සම්බන්ධ වී ත්‍යාග දිනන්නත් හැකිවූවා. ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය, විදුල ළමා ගුවන් විදුලිය, අධ්‍යාපන සේවය, වෙළෙඳ සේවය, සිටි එෆ්. එම් සේවය කියන නාළිකාවල වැඩසටහන්වලට සම්බන්ධ වෙලා වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා.

 

කවුරුද මේ දේවල්වලට සහාය දෙන්නේ

මගේ අම්මා, තාත්තා, මගේ පාසල වන නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහ පන්ති භාර, ශ්‍රේණි භාර, අංශභාර ගුරු මවුපියවරුන් හා ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සාභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම ස්තූතියි.

 

අනාගත බලාපොරොත්තු

තවම මගේ වයස අවුරුදු දොළහයි. හොඳින් ඉගෙනගෙන ‍රටට වැඩදායි පුරවැසියකු වීමටත්, කලාවේ හොඳ ගමනක් යෑමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපාන්නත් ආසයි. මගේ ලිපිනය 1566/ 9/ 14/ b සිරිමල්වත්ත, කොට්ටාව, පන්නිපිටය. 

අදහස්