NNO සන්නම් තානාපතිනී සුරූපී නිළි සබීතා පෙරේරා | සිළුමිණ

NNO සන්නම් තානාපතිනී සුරූපී නිළි සබීතා පෙරේරා

දශක ගණනාවක් තිස්සේ සිය විශිෂ්ට රංගන කෞශල්‍ය තුළින් ශ්‍රී ලාංකේය රසික ජන හදවත් මුසපත් කළ සබීතා පෙරේරාගේ නාමය කා අතරත් ජනප්‍රිය නාමයක් බව නොරහසක්. වයස අවුරුදු තුනේදී රංගන දිවියට අත්පොත් තැබූ ඇය ඉන් අනතුරුව ලාංකේය සහ විදෙස් රසික රසිකාවින් මිලියන සංඛ්‍යාත පිරිසකගේ හදවත් දිනාගැනීමට සමත්වූවා.

ගෞරවාදරයත්, ජනප්‍රියත්වත්, සම්මානත් නොඅඩුව ලැබූ මේ අග්‍රගන්‍ය රංගන ශිල්පිනිය Mega Lifesciences ආයතනයේ සුවිශේෂී නිෂ්පාදනයක් වන NNO නිෂ්පාදනයේ සන්නම් තානාපතිනිය ලෙසින් එක්වීම අප ආයතනයට නිසැක ගෞරවයක්.

මෙරට කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය සහ සම්මානිත සබීතා පෙරේරා මහත්මිය, NNO නිෂ්පාදනයේ සන්නම් තානාපතිනිය ලෙසින් මෙවර ලෝක කාන්තා දිනයේදී එක්වීමට සූදානමින් පසුවන්නේ මෙරට පමණක් නොව ලොව පුරාම සිටින ඇයගේ රසිකයන් වෙත පුදන ගෞරවයක් ලෙසයි. සබීතා පෙරේරා නම් රංගන ශිල්පිනියගේ සුන්දරත්වය සහ රංගන විශිෂ්ටත්වය සිනමා ලෝකය කැළඹවීමට සමත්වුණා. රංගන දිවිය පුරාවට ඇය කළ තෝරාගැනීම් අදටත් අවිවාදාත්මකයි.

NNO පෝෂණීය රාත්‍රී සත්කාරය යනු ඇය එසේ කළ තවත් එක් තෝරාගැනීමක්. යොවුන් සමක් පවත්වාගැනීම සදහා නිසි රාත්‍රී පෝෂණ සත්කාරයක් අත්‍යවශ්‍ය යන කරුණ සබීතා පෙරේරා මහත්මියගේ මතයයි. NNO යනු සුන්දර නිෂ්පාදයක් බවත්, ඇය වඩාත් ආදරය කරන NNO නිෂ්පාදනය කාලයක් තිස්සේ භාවිත කරන බවත් ඇය සදහන් කර තිබෙනවා. ඒ හේතුවෙන් NNO සන්නම් තානාපතිනිය ලෙසින් ඇය තෝරාගෙන පත්කිරීම ඉතාමත් පහසු වූ බව Mega Lifesciences ආයතනය පවසයි.

මීට වසර 10කට පෙර කාන්තා දිනකදීම පළමුවරට හඳුන්වාදුන් NNO නිෂ්පාදනය පෝෂණීය රාත්‍රී සත්කාරයක් ලෙසින් ශ්‍රී ලාංකික කාන්තාවන් අතර මෙන්ම විදෙස් කාන්තාවන් අතරත් විශ්වාසය දිනා සිටිනවා.

අදහස්