කීඩෑවා නිසා අපි විනාශ වුණා | සිළුමිණ

කීඩෑවා නිසා අපි විනාශ වුණා

උවදුර වැඩියෙන් ආවේ තෙල් බෙහෙත් ගහපු අයටයි

අප දකි­මින් හිඳින්නේ බලා­පො‍ෙ­රාත්තු සුන් වූ මිනි­සුන්ගේ මුහුණු ය. මෙව­රත් වගාවේ අස්වැ­න්නෙන් වැඩි­ම­නත් කොට­සක් විනා­ශය.

පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ වී ගොවීහු ‍ෙම් දින­වල අස්වැන්න නෙළ­මින් සිටිති. ඔවුන් අපේ­ක්ෂිත අස්වැන්න නැත. බිහි­සුණු කීඩෑ උව­දු­රක් මෙවර ඔවුන්ගේ අස්වැන්න ව්‍යස­න­යට ලක් කර ඇත. අපි ඒ අස­රණ මිනි­සුන් සොයා ගියෙමු. මේ ඔවුන් අපට කියන කතා­වය.

චිත්‍රා­නන්ද දස­නා­යක ගොවි මහතා

ස්වාභා­වික ලෙස කන්න ආර­ම්භ­යේදි ම ජලය නිකුත් නොකි­රීම නිසාත්, යාය එකට වගා නොකි­රීම නිසාත් ජලය නිසි අයු­රින් පාල­නය නොකි­රීම නිසාත් වරි­න්වර ක්‍රීඩෑ උව­දුර ඉස්මතු වෙමින් පව­ති­නවා.

පසු­ගිය යල විශාල වශ­යෙන් වගා හානි වුණා. පිට­පිට යල මහ දෙකම වගා හානි සිදු වූ නිසා ගොවීන්ට ආර්ථික වශ­යෙන් මහ පාඩු­වක් වුණා.

පසු­ගිය යල කන්නයේ වගා හානි ලියා­ගෙන ගියත් කෘෂි­කර්ම නිල­ධා­රින් කොට­ස­කට පම­ණක් රුපි­යල් පන්ද­හ­සක පමණ වගා හානි ගෙව්වා. සම­හර අයට ලැබුණේ ම නෑ. මෙවැනි අක­ට­යුතු කොහොම වෙන­වද කළ යුත්තේ කුමක්ද කියන එක අපට ප්‍රශ්න­යක්. මේ නිසා ගොවියා අස­රණ වෙලා.

අපි නොකළ දෙයක් නෑ

එච්. පී. ගුණ­සිරි ගොවි මහතා

කීඩෑ උව­දුර ගොය­මට ආවාට පස්සේ උව­දුර වළක්වා ගන්න නොකළ දෙයක් නෑ. ඒත් වැඩක් වුණේ නෑ. සම­හර ගොවීන් ගොවි­තැන් කළේ පවුලේ රන්බඩු ආභ­රණ උකස් කර­ලයි. දැන් වගා හානි­වෙලා ඔවුන්ට කර­කියා ගන්න දෙයක් නෑ. මෙයට රජය සහ­න­සීලී දාය­ක­ත්ව­යක් දැරිය යුතුය.

දැන් ගොවීන් කෘෂි උප­ක­රණ උකස් කරන සිරි­තක් වෙලා තිය­නවා. අද ඒවා නිද­හස් කර ගන්න බැරිව ගොවීන් ඉන්නේ පීඩ­න­යෙන්. අනිත් කරුණ වී මිල අඩු වීමයි. හැම­දාම අස්වැන්න නෙළන කාල­යට පෞද්ග­ලික වෙළෙන්දා වී මිල අඩු කර­නවා. අඩු ආදා­යම් ලාභීන්ට යම් යම් පහ­සු­කම් ලබා දුන්නත් කුඹුරු වැඩ කරන නියම ගොවි­යාට අද නඩත්තු වීමට බැරි තත්ත්ව­යක් උදා‍වී තිබෙ­නවා.

යටි­ය­ල්ප­තාන ගොවි සංවි­ධාන හිටපු සභා­පති අම­ර­සිරි ගොවි මහතා

වී අස්වනු නෙළද්දී අවි­නි­ශ්චිත ලෙස මතු­වන කරුණු ස්වාභා­වික විපත් මෙන්ම රජය බැංකු මෝල් හිමි­යන් පෞද්ග­ලික වෙළ­ඳුන් වැනි අත­ර­මැ­දි­යන් ගන්නා තීණ්දු තීරණ අනුව ගොවියා අස­රණ වෙලා. මෙයට විස­ඳුම් දෙන කිසිම වැඩ­පි­ළි­වෙ­ළක් දකි­න්නට නෑ. මේ හින්දාම දැන් දැන් තරුණ පිරිස් වී වගා­වෙන් අයින් වෙමින් සිටි­නවා. ඒ වගේම සියලු කැප­වීම් කරලා අස්වැන්න නෙළා ගැනී­මට ළංව තිබි­යදී කීඩෑ උව­දුර නිසා අස්වැන්න අඩු­වී­මෙන් ගොවි­යාට වසර ගණ­නා­ව­කින් ඔළුව උස්සන්න බැරිව යනවා.

මෙයට විස­ඳු­මක් ලෙස දැන් තිබෙන කුඹුරු ඉඩම් උක­සට බද්දට ඇ‍ඳේට දී කොළ­ඹට ගොස් අත්වැඩ දී දින­කට රුපි­යල් 2000ක් ලබා­ගෙන මස­කට රුපි­යල් 50,000 ක් පමණ උපයා ගැනි­මට පුරුදු වී සිටිති.

නිල­ධා­රීන් මන්ද­ගා­මියි

දකුණු යටි­යල් පනාත එම්.එම්. තිල­ක­රත්න ගොවි මහතා

වී වගාව දැන් පාඩු ලබන රැකි­යා­වක් වෙලා. ගොයම් කප­න­විට හැම­දාම වෙළඳ පොළේ වී මිල අඩුයි. මෙය හිඟ­න්නගෙ පාත්‍ර­යට සෙන­සුරා වැටීම වගේ දෙයක් වෙලා.

මේ කට­යු­තු­ව­ලදී කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව හා අදාළ නිල­ධා­රින් මන්ද­ගා­මීව කට­යුතු කර­නවා. කව­දා­වත් නිල­ධාරි කුඹු­රට ඇවිත් ගොවියා හමුවී සුහ­දව කට­යුතු කරන ගති­යක් නෑ. නමුත් හැට හැත්තෑව දශ­ක­වල නිල­ධාරි කුඹු­රට ආවා.

කීඩෑ උව­දුර වෙල්යාය පුරා දුව­න­කම් නිල­ධාරි නිදි ද? රජය ඇස්ව­හ­ගෙ­නද? හැම­දාම දුක් විඳින ගොවි­ය­න්ට­මයි සොබා­ද­හ­මත් රිද්දන්නේ.

යෝධ­ඇළ සංජීව අනුර කුමාර ගොවි මහතා

කීඩෑ උව­දුර මෙහෙම එන්නේ කොහො­මද කියන එක අපට ප්‍රශ්න­යක්. වරින් වර ගොය­මට යොදන තෙල් පොහොර වලින් මේ සෙල්ලම ඇති වෙන­වද දන්නේ නෑ. එහෙම නැත්නම් බහු­ජා­තික සමා­ග­ම්වල කුම­න්ත්‍ර­ණ­වල ප්‍රති­ඵ­ල­යක් වෙන්නත් ඉඩ තිබෙ­නවා. දැන් ඉතින් ගොවි­තැ­නට අනේ අනිච්චං කිය­න්නයි වෙලා තියෙන්නේ.

පන්සල් වත්තේ ගෙදර නව­රත්න ගොවි මහතා

එදා අපේ පරණ උද­විය ගොවි­තැ­නදී වී වගාව කළේ ඉතාම සතු­ටින් පවුලේ දයා­ද­යක් වගේ. එදා අපේ පවු­ල්වල දරු­වන් කොච්චර හිටි­යත් පවු­ලට බරක් වුණේ නෑ, එදා නව­දැල්ලේ කුඹු­රු­වල රුක්මල් පිපුණා. කව­දා­වත් තෙල් පොහොර ගොය­මට පොළො­වට දැම්මේ නෑ. මිනිසා සොබා­ද­හ­මට කරන අප­රාධ නිසා අද සොබා­ද­හම කිපිලා. කීඩෑ උව­දු­රට තෙල් ගහන්න අපට රුපි­යල් දහස් ගණ­නක් ගියා. ඒ හින්දා වී වගා­වෙන් නියම ලාබ­යක් ගන්න බෑ. අපි අත­රමං වෙලා.

තෙල් ගැනත් විශ්වාස නෑ

සංසුං­ගම කුරු­ඳු­වත්තේ කේ.එස්. විජේ­රත්න ගොවි මහතා

කීඩෑ උව­දුර පැති­රෙද්දී වග­කි­ව­යු­ත්තන් කළේ කරන්නේ මොන­වද කියන එක ප්‍රශ්න­යක්. කෘෂි­ක­ර්ම­යට කෝටි ගණ­නක් වැය කළත් නිල­ධා­රින් එමට හිටි­යත් පරී­ක්ෂණ ආය­තන කොතෙක් තිබු­ණත් කෘමි උව­දුර මර්ද­නය කරන්න බැරි ඇයි?

මනු­ෂ්‍ය­ත්වයේ නාම­යෙන් ගොවියා අත­රමං නොකර කීඩෑ උව­දු­රට ගොදුරු වී ඇති සියලු කුඹුරු ගොවි­තැ­න්ව­ලට පොදුවේ වන්දි මුද­ලක් ලබා­දිය යුතුයි. මේ සතුන් අහ­සින් එනවා නොවෙයි. මෙයට හේතුව අපට නම් අභි­ර­හ­සක්.

කවු­ඩුල්ල ඒ.එම්.එච්. විජේ­රත්න ගොවි මහතා

රජ­රට ගොවි කමට කණ කොකා හඬන යුගය දැන් අත ළඟට ඇවිල්ලා. පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ මෙවර කීඩෑ උව­දුර වී ගොවි­යාට විශාල බල­පෑ­මක් කළා. මෙම උව­දු­රින් වගා හානි වූ සියලු ගොවීන්ට පිරි­සුදු බිත්තර වී යල කන්න­යට ලබා­දෙන ලෙස අපි අහිං­සක ඉල්ලී­මක් රජ­යට ඉදි­ර­පත් කර­නවා.

වෙහෙර එළිය බෙදුම් නිල­ධාරි සිරිල් කුමාර ගොවි මහතා

අපි පර­ම්ප­රා­ගත ගොවීන් වුණත් බඩේ බඩ­වැල් පිටට හේත්තු වෙන­කම් ගොවි­තැන් කළත් අපි බලු වෙනවා මිස කව­දා­වත් රජ වෙන්න බෑ.

කවු­ඩුල්ල ආර්.ජී. මේබැඩ් ගොවි මහතා

මෙවර මගේ කුඹුරේ විශාල වශ­යෙන් කීඩෑ උව­දුර වැල­ඳුණා. බෙහෙත් කීප­ව­රක් යෙදුවා. මට කුඹුරු වැඩට ගිය මුදල මින් ගන්න පුළු­වන් වෙයිද දන්නේ නෑ.

දුක දන්නේ කුස්සියේ අපියි

කිරි­මැ­ටිය ශාන්ත කෝනා­රත්න මහතා

කීඩෑ උව­දුර වැඩි­පු­රම තිබුණේ අපේ යායට. උදේ ඉඳලා හවස බල­න‍කොට ලිය­ද්දෙන් ලිය­ද්දට කුඹු­රෙන් කුඹු­රට ලෙඩේ පැති­රිලා. මේක සුව කරන්න බැරි ඔඩු ගිය පිළි­ල­යක් වෙලා. අපේ කරුමෙ තමයි ඉතිං.

ගිරි­තලේ උපුල් චන්දන රණ­වීර මහතා

මේ ප්‍රදේ­ශයේ වැසි ජල­යෙන් තමයි වී වගාව කරන්නේ. කීඩෑ උව­දු­රින් ඇති වූ හානි අති විශා­ලයි. මේ පිළි­බ­ඳව රජය හා කෘෂි ඇමැ­ති­ව­රයා මැදි­හත් වී අස­රණ අපට සහ­න­යක් දිය යුතුය.

පිංපාරේ අයි.ජී.ආර්. රණ­සිංහ මහතා

ඉතාම තද­බල විදි­හට තිබුණ කීඩෑ උව­දු­රට මං භූමි­තෙල් පාවිච්චි කළා. ඇඩ්මර් පාවිච්චි කළා. ඒත් අඩු­වක් වුණේ නෑ.

පී.එම්.ඩී. රෝහණ ගොවි මහතා

මෙම වගා හානිය අඩු කර­ගන්න මම විවිධ උප­ක්‍රම යෙදුවා. ඒත් තැනින් තැන උළු­දුර වේගෙන් පැතිරී ගියා. අස්වැන්න නෙළන්න ආස­න්නයේ සිදුවූ මේ අක­ර­තැ­බ්බය නිසා අපි හාන්සියි. ගොවියා රැක ගැනීම රජයේ යුතු­ක­මක් හා වග­කී­මක් වෙනවා.

තිස්අ­මුණ බට පේළියේ ලලිතා කුමාරි

අපේ කුඹුරු යායේ කීඩෑ උව­දුර වලින් වගා හානිය පුදුම විදි­හට සිද්ද වුණා. බලා­ගෙන යද්දි ගොයම විනාශ වුණේ. මේ සිද්ධි­යෙන් අපේ පවුල් ගොඩ ගන්න බැරි තර­මට ප්‍රපා­ත­යට ගියා. කුස්සියේ දුක දැනෙන්නේ අප­ටයි. අපේ දුක දෙවියෝ බලන්නෙ නෑ. අපි ගැන අනු­කම්මා කොට ජනා­ධි­ප­ති­තුමා අපිට සර­ණක් වෙයි කියලා අපේ තද විශ්වා­ස­යක් තිබෙ­නවා.

පිංපාරේ මංගල අධි­කා­රම් ගොවි මහතා

කීඩෑ වසං­ග­ත­යට මම රතිඤ්ඤා පත්තු කරලා දැම්මා. තලා කොළ තලලා වතුර දැම්මා. භූමි තෙල් වැලි­ව­ලට කව­ලම් කරලා දැම්මා. ඒවට හරි ගියාද මන්දා. ටිකක් අඩු වුණා.

කුසුම් පොකුණේ ඉන්දික කුමාර ගොවි මහතා

මේ වගා හානි­යට මම නික කොල, පාවට්ටා කොල තම්බලා දින තුනක් පල් කරලා සව­ස්ව­රුවේ ගොය­මට ඉස්සා. ලෙඩේ ටිකක් අඩු වුණා.

ගොය­මට හිත­කර කෘමි (22) විසි දෙකක් ඉන්නවා. අහි­ත­කර සතුන් හතක් (7) ඉන්නවා. මුල ඉඳ­ලම තෙල් ගහපු අයට හානි වැඩි වුණා. ගම්වල තෙල් නොග­සන කොට සතුන් ඉන්නවා. පුරු­ද්දක් ලෙසට ගොය­මට තෙල් ගසන අයට වගා හානි වැඩියි.

බඹරු දෙබරු මැඩි‍යෝ ගොය­මට හිත­ක­රයි. තෙල් ගැසී­මෙන් මකු­ළුවෝ සම­නල්ලු විනාශ වෙනවා. බහු­ජා­තික සමා­ගම් කරුවෝ තමයි ගොවි ජන­තා­වට ‍උපදෙස් දෙන්නේ. ඒ සමා­ගම් පුද්ග­ල­යින් කොමිස් එකට කප්පම්වලට ගොඩ­නැ­ඟිලි වාහ­න­ව­ලට ගැතිවී මේ අප­රා­ධය කර­නවා.


ඡායාරූප - හිඟු­ර­ක්ගොඩ සමූහ

අදහස්