නිහඬ නග­ර­ය කම්පා­වට පත් වූ දා... | සිළුමිණ

නිහඬ නග­ර­ය කම්පා­වට පත් වූ දා...

නව­සී­ල­න්තයේ බොහෝ නගර සාම­කාමී හා නිද­හස් පරි­ස­ර­ය­කින් යුක්තයි. නග­රයේ උත්සව සැම­රු­ම­කදී හැර වෙඩි හඬක් ඇසෙන්නේ නැති­ත­රම්. එප­ම­ණක් නොවෙයි කොයි­යම්ම තැනක හෝ පුංචි හෝ ගිනි­ගො­ඩක් ගැසී­මත් නීති­යෙන් තහ­නම්. රටේ ජන­තාව විවිධ ජන­ව­ර්ග­ව­ලින් යුක්තයි. ඒ වගේම මිනි­සුන්ගේ ආර­ක්ෂාව නිද­හස හා පෞද්ග­ලි­ක­ත්වය ඉතා ඉහ­ළින්ම සුර­කින රටක්. ක්‍රයි­ස්ට්චර්ච් කියන්නේ නිතර භූමි­ක­ම්පා­ව­ලට මුහු­ණ­දෙන ප්‍රදේ­ශ­යක්. එලෙස වරි­න්වර හට­ගත් භූමි­ක­ම්පා­ව­ලින් හානිවූ ගොඩ­නැ­ගිලි නැවත පිළි­ස­කර කර­මින් ගොඩ­නැ­ගී­ගෙන එද්දී පසු­ගි­යදා සිදුවූ ඛේද­වා­ච­කය දරා­ගන්න බැරි­ත­රම්.

සෙයිඩ්ගේ පවුලේ උද­විය සිරි­යාවේ සිදු­වන ප්‍රචණ්ඩ ක්‍රියා හේතු­වෙන් සර­ණා­ග­ත­යින් ලෙස නව­සී­ල­න්ත­යට පැමිණ වස­ර­ක්වත් ගත­වූයේ නැහැ. එසේ තිබි­යදී ක්‍රයි­ස්ට්චර්ච් නුවර ඒ දවසේ සිදුවූ දේ ‍සෙයිඩ්ට තව­මත් හීන­යක් වගෙයි. සෑම සිකු­රා­දා­කම පියාත් වැඩි­මල් සහෝ­ද­ර­යාත් සමඟ දේව­ස්ථා­න­යට යෑම ඔහුගේ සිරි­තක්. පසු­ගිය සිකු­රා­දාත් ඔවුන් අල් නූර් දේව­ස්ථා­න­යට ගියේ බැති­සි­තින් කරන ඒ යාඥා මෙහෙය සඳ­හායි. ඒත් ඒ දවස සයිඩ්ට ජීවි­තයේ කව­දත් අම­තක කළ නොහැකි දින­යක් වේයැයි ඔහු සිහි­නෙ­කි­න්වත් නොසි­ත­න්නට ඇති. එදා සිට ගෙවුණු දින කීපය සෙයිඩ් ගත කළේ සැබෑ­වත් සිහි­න­යත් අතර මංමු­ළා­වූ­වකු ලෙසින්.

ක්‍රයි­ස්ට්චර්ච් නග­රයේ මුස්ලිම් දේව­ස්ථා­නයේ සිදු වූ මිනිස් සංහා­ර­යෙන් මිය­ගිය අය අත­රින් පළ­මු­වෙන්ම මිහි­දන් කෙරුණේ සෙයිඩ්ගේ පියා කාලිඩ් හා වැඩි­මල් සහෝ­දර හම්සායි. ‍ඔවුන්ට සමු­දෙන්න සෙයිඩ් සොහොන් පිටි­යට පැමි­ණියේ රෝද පුටු­වෙන්. නිල් පැහැති ගන රෙද්ද­කින් ඔහුගේ දෙපා වැසී තිබුණේ ප්‍රහා­ර­යෙන් ඒ දෙපා දැඩිසේ තුවා­ලවී තිබීම නිසයි. ඔහුගේ මුහු­ණෙන් පළවූ තැති­ගන්ම හා බිය­ප­ත්බව වසන් කළ නොහැකි තරම්. සිය සමී­ප­ත­ම­යන් මිහි­දන් කෙරෙද්දී ඒ දුක වාවා­ගත නොහැ­කිව සෙයිඩ් තව­මත් සුව­පත් නොවූ දෑත් එස­වූයේ ඔවුන් වෙනු­වෙන් කෙරෙන අව­සන් යාඥාව කිරී­ම­ටයි. අව­සන් ගෞරව දක්ව­මින් දෙප­යින් නැගී සිටී­මට ඔහු උත්සාහ දැරු­වත් නොහැකි වුණා. වේද­නාව දරා­ගත නොහැකි සෙයිඩ්ට තමන් අවට කොතෙක් දෙනා සිටි­යත් ඒතැන ඉන්න නොහැකි බවක් දැනුණා.

තමාට මෙතැන සිටිය නොහැකි අන්දමේ මහා තනි­ක­මක් දැනෙන බවක් සියල්ල දෙස හිස් බැල්මෙන් බලා සිටි සෙයිඩ් කෙඳි­රිලි හඬින් පව­සද්දී ඥාති­යෙක් සෙයිඩ් රැගත් රෝද පුටුව සෙමෙන් තල්ලු කර­ගෙන ඔහු ඉව­තට රැගෙන ගියා.

මේ විප­තට පත් තවත් අය­කුගේ කතා­වක්. ඔහු ෆරීඩ්. එදින අව­සන් කට­යු­තු­ව­ලට සහ­භා­ගි­වන්න ෆරීඩ් පැමි­ණියේ සුපු­රුදු රෝද පුටු­වෙන්. ඔහු ආබා­ධි­ත­යකු බවට පත්කළ හදිසි අන­තු­ර­වෙලා දැන් වසර හතක්.

ඒ අවා­ස­නා­වන්ත දිනයේ ෆරීඩ් අල් නූර් පල්ලි­යට පැමි­ණියේ බිරිය හුස්නා සම­ඟයි. ඇවි­දී­මට නොහැකි නිසා ඔහු සෑම තැනම ආවේ ගියේ රෝද පුටු­වෙන්. ෆරීඩ් මේ ප්‍රහා­රය සිදු­වන මොහොතේ යාඥා කර­මින් සිටියේ පල්ලියේ ඇතු­ළත කාම­ර­ය­කයි. තුව­ක්ක­කරු වෙඩි තියා­ගෙන පල්ලි­යට කඩා වැදෙන අන්දම දුටු හුස්නා බියෙන් මුස­පත් වුවත් මුළු­ගැන්වී නොසිට පල්ලියේ කොට­සක සිටි කාන්තා­වන් හා දරු­වන් පිට­තට අරන් යන්න උත්සාහ දැරුවා.

“දරු­වත් උස්ස­ගෙන මේ පැත්තෙන් එන්න.” ඇය කාන්තා­වන්ට කෑ ගැසුවේ පල්ලියේ පිටු­ප­සින් තිබූ දොරක් පෙන්ව­මින්. ඒ විදි­හට කාන්තා­වන් හා දරු­වන් පිරි­සක් පිට­තට යැවූ හුස්නා මීළ­ඟට දිව ආවේ කාම­ර­යක සිටින සිය ආබා­ධිත සැමියා පිට­තට කැඳවා ගැනී­ම­ටයි. එහෙත් ඇයට ඔහු සිටින කාම­ර­යට එන්න ලැබුණේ නැහැ තුව­ක්කු­කරු දිව­යන පිරි­සට පිටු­ප­සින් වෙඩි තබද්දී සැමියා ෆරීඩ් සිටි කාම­රය ඉදි­රි­යේම ඇය වෙඩි වැදී වැටුණා.

ෆරීඩ් හා බිරිය පල­ස්තී­නයේ සිට නව­සී­ල­න්ත­යට පැමි­ණියේ මින් වසර තිහ­කට පමණ පෙරයි.

“මට මුකුත් පෙනුණේ නැහැ. ඒත් වෙඬි හඬ ඇහෙද්දි විප­තක් බව දැනුණා. මා නිහ­ඬ­වම සිට වෙඩි හඬ නෑසී යද්දී පිට­තට පැමිණ මගේ මෝටර් රථය පිටු­ප­සට ගොස් හැංගුණා. රෝද පුටු­වෙන් යද්දී මගේ ළඟම හිත­ව­තුන් මිතු­රන් දිවි බේරා ගන්න මා පසු­කර දුව යනවා මං දැක්කා. සැඟවී සිටිද්දි මගේ දුර­ක­ථ­න­යට කතා කළ මිතු­රෙක් මට උදව් කිරී­මට නොහැ­කිවූ අන්දම කිය­මින් හඬා වැටුණා. මට හැමෝ­ගේම මාන­සික තත්ත්වය තේරුම් ගත හැකියි. ඒ හැම­ටම පම­ණක් නොවෙයි මේ අවා­ස­නා­වන්ත දේ සිදු­කළ කෙනා­ටත් මං සමාව දෙනවා.

සැඟවී සිටි තැනින් පැමිණ බලද්දී සෑම තැනම මිය­ගිය අය හා තුවා­ල­ක­රු­වන් වැටී සිටියා. මර­ණා­සන්න උද­විය ජීවි­තය ඉල්ලා හඬා වැටෙද්දී මං අස­ර­ණව එහෙත් වච­න­යෙන් ඔවුන් සැන­සුවා. සැබැ­වින්ම මිය­යන්න තිබුණේ දුවන්න බැරි මමයි. ඒත් මං බේරුණා.

බිරිය මිය­ගොස් ඇති­බව දැන ගනිද්දී මට සිහි­පත් වුණේ නිවෙසේ සිටි දිය­ණි­යයි.

‘දුවේ, අම්මා දැන් නැහැ. මීට පස්සේ ඔයාට අම්මා වෙන්නෙත් මායි’ කියා මං දුවට කියද්දී ඇය හඬා වැල­පුණා.”

මේ සඳ­හන් කළේ එදා සිදු­වී­මෙන් විප­තට පත් 50දෙනා­ගෙන් දෙදෙ­නකු ගැන පම­ණයි.

මුස්ලිම් ජන­තා­වට එල්ලවූ මේ ප්‍රහා­ර­යෙන් පසු ශෝකය පළ­ක­ර­මින් උදව් කිරී­මට නව­සී­ලන්ත වැසි­යන් ඉදි­රි­පත් වූයේ කිසිම ජාති­බේ­ද­ය­කින් තොර­වයි. නව­සී­ලන්ත ආදි­වා­සීන් වන ‘මවුරි’ ජන­තාව රටේ ප්‍රධාන ස්ථාන­ය­න්හිදී ඔවුන් සම්ප්‍ර­දා­යි­කව රණ­බි­ම­කදී හෝ රග්බි ක්‍රීඩා පිටි­යේදී පව­ත්වන චාරි­ත්‍රා­නු­කූල ‘හුකා’ රංග­නය ඉදි­රි­පත් කළේ මිය­ගි­ය­වුන් වෙනු­වෙන් සිය ආචා­රය පුද­ක­ර­මින්. රට­පුරා සෑම නග­ර­ය­කම පාහේ වැද­ගත් ස්ථාන­වල මල් කළඹ තබා ඉටි­ප­න්දම් දල්ව­මින් ක්‍රීඩා පිටි­ව­ලට එක්වී සමූහ වශ­යෙන් ද ශෝකය පළ­කළේ තමන් මුස්ලිම් ජන­තාව සමඟ සිටින බව ලෝක­යාට පෙන්ව­මින්. නව­සී­ලන්ත පාසල් සිසුන්ද වෙන්වෙන් වශ­යෙන් මේ සඳහා එක්ව සිටියා.

විප­තට පත් ජන­තා­වගේ නෑසි­යන් වෙනු­වෙන් මානු­ෂීය වශ­යෙන් මෙන්ම මූල්‍ය­මය වශ­යෙන්ද උදව් උප­කාර කරන්න බොහෝ දෙනා ඉදි­රි­පත් වෙලා. එහෙත් මුස්ලිම් ජාති­ක­යන් වශ­යෙන් ඔවු­නට ආධාර උප­කාර කළ­යුතු අන්දම ගැන එරට මුස්ලිම් ප්‍රජාව ජන­තාව දැනු­වත් කර තිබෙ­නවා. බොහෝ­විට නව­සී­ලන්ත වැසි­යන් සිය ආද­රය කරු­ණාව හා සතුට බෙදා හදා ගන්නේ එකි­නෙකා වැලඳ ගැනී­මෙන්. එහෙත් මුස්ලිම් ජන­තා­වගේ ආචාර සමා­චාර වෙනස්. විශේ­ෂ­යෙන්ම කාන්තා­වන් වැලඳ ගැනීම ආග­මෙන් තහ­නම්.

මේ ඛේද­වා­ච­කය සිදුවූ පසුදා අප­රා­ධ­කරු උසා­වි­යට ඉදි­ර­පත් කළා. එදින උසා­විය මහ­ජ­න­යාට තහ­නම් කර පිළි­ගත් මාධ්‍ය ආව­ර­ණ­යට අව­සර දී තිබුණේ පිළි­ගත් මාධ්‍ය ආය­තන තුන­කට පම­ණයි. නඩු විභා­ගය ආර­ම්භ­යට පෙර විනි­ස­කරු එම මාධ්‍ය අමතා දේශ­න­යක් පැවැ­ත්වූවා. විපත සිදු­කළ අප­රා­ධ­කරු සිද්ධිය පටි­ගත කර සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබුණා. එහෙත් නව­සී­ලන්ත අන්ත­ර්ජාල සප­යන ආය­තන ඒ සියලු දර්ශන සිද්ධි­යෙන් පැයක් ගත­වී­ම­ටත් මත්තෙන් ඉවත් කර තිබීම බොහෝ රට­ව­ලට ආද­ර්ශ­යක් වුණා. ජන­තාව අතර වෛරී හැඟීම් පැතිර යෑම මර්ද­නය කර­මින් එම බිහි­සුණු දර්ශන නැවත හුව­මාරු කර­ගන්නා පුද්ග­ල­යන් නීතිය ඉදි­රි­ය­ටත් පමු­ණුවා තිබුණා.

දැන් ඒ රට උත්සාහ දරන්නේ යළි මෙවැනි සිදු­වීම් නොවී­මට වග­බලා ගනි­මින් විප­තට පත්වූ­වන්ට උප­රිම සහන සල­ස­න්නයි. ඒ සඳහා ජාති බේද­ය­කින් තොරව වැඩි­දෙනා එක්ව සිටීම කාටත් ආද­ර්ශ­යක්.

සේමාලි කැල්ල­පත

අදහස්