මන්නා­රමේ අන්‍ය ආග­මි­ක­යන් මැවූ බෞද්ධ ප්‍රබෝ­ධය | සිළුමිණ

මන්නා­රමේ අන්‍ය ආග­මි­ක­යන් මැවූ බෞද්ධ ප්‍රබෝ­ධය

ත්‍රිපි­ට­කය ලෝක උරු­ම­යක් කිරීමේ ක්‍රියා­ව­ලියේ 'ත්‍රිපි­ට­කා­භි­ව­න්දනා' බෞද්ධ පුන­ර්ජී­වය සඳහා කදිම ජාතික වැඩ­ස­ට­හ­නකි.

රටේ බෞද්ධ පුන­ර්ජී­ව­යක් ඇති කිරීම පිණි­සත් බුදු­ද­හමේ චිර­ජී­ව­නය සඳ­හාත් ආරම්භ වූ එම වැඩ­ස­ට­හන බහු­ත­ර­යක් බෞද්ධ­යන් වෙසෙන පළා­ත්ව­ලට වඩා සෙසු පළා­ත්ව­ලට ඉතා වැද­ගත් වන බව පසු­ගිය සතිය පුරා­ව­ටම දැක­ගැ­නී­මට ලැබිණි.

බෞද්ධ­යන් බහු­ලව සිටින පළා­ත්ව­ලට වඩා අන්‍ය ආග­මි­ක­යන් බහු­ත­ර­යක් වෙසෙන පළා­ත්වල 'ත්‍රිපි­ට­කා­භි­ව­න්දනා' වැඩ­ස­ට­හන ඉතාම ජන­ප්‍රිය වූ අතර බොහෝ ස්ථාන­වල එම වැඩ­ස­ට­හන් සංවි­ධා­නය කොට තිබුණේ පොලි­සි­යයි.

මන්නා­රමේ දී මේ සද්ක්‍රි­යා­වට දායක වීමට තීර­ණය කළේ මන්නා­රම කලා­පයේ සිටින සිය­ලුම රජයේ සේව­ක­යෝය.මන්නා­රම කී සැණින්ම අපට සිහි­යට නැ‍ඟෙන්නේ මුස්ලි­ම්ව­රුන් බහු­ත­ර­යක් සිටින පළා­තකි. ඇත්තේන්ම එය සත්‍ය­යකි. රජයේ සේවයේ පම­ණක් නොව වෙළඳ ක්ෂේත්‍රය තුළද පළාතේ සංස­ර­ණය වන පුද්ග­ල­යන්ගේ ගහ­නය අනු­වද මන්නා­රම පිරී යන්නේ මුස්ලිම් වැසි­ය­න්ගෙනි. දෙමළ හා සිංහල වැසියෝ ද මන්නා­රමේ ජීවත් වෙති. එමෙන්ම මන්නා­රමේ රජයේ සේව­ක­යන් අත­රද සිංහල හා දෙමළ වැසියෝ එකට සේවය කරති.

සිංහල බෞද්ධ රජයේ සේව­ක­යන්ට ත්‍රිපි­ට­කය යන්න අමු­තු­වෙන් කියා දිය යුතුව නැතත් මන්නා­රමේ සිටින මුස්ලිම් හා දෙමළ රජයේ සේව­ක­යන්ට බුදු දහම තෝරා බේරා­ගැ­නී­මට නොහැකි පරි­ස­ර­යක ජීවත් වෙති.

ත්‍රිපි­ට­කය ලෝක උරු­ම­යක් කිරීමේ ක්‍රියා­ව­ලියේ 'ත්‍රිපි­ට­කා­භි­ව­න්දනා' ජාතික වැඩ­ස­ට­හන රජය ක්‍රියා­ත්මක කරද්දී මන්නා­රම කලා­පයේ සියලු රජයේ සේව­ක­යෝද ඊට පූර්ණ අනු­ග්‍ර­හය දැක්වූහ.

පිණ්ඩ­පාත චාරි­ත්‍රය ඔවුන් කිසි දිනක දැක නැති භික්ෂූ වතා­ව­තකි. නමුත් ඔවුන් ඒ පිළි­බඳ දන්නා පිරි­ස­ගෙන් තොර­තුරු විමසා පිණ්ඩ­පා­තයේ වැඩම කළ භික්ෂූන් වහ­න්සේට දානය පිරි­නැ­මූහ. පිරි­කර පූජා කළහ. පසඟ පිහි­ටුවා වැද නම­ස්කාර කළේ මහ පාරේය.

පිණ්ඩ­පා­තයේ වැඩම කළ බෞද්ධ භික්ෂු­වට මුතු­කු­ඩය ඉහ­ලන ලද්දේ මුස්ලිම් වැසි­යෙකි. එක්කෝ දෙමළ වැසි­යෙකි. ඔවුහු මන්නා­රමේ රජයේ සේව­කයෝ වූහ. මේ පිණ්ඩ­පාත භික්ෂු වතා­ව­ත්ව­ලින් පසුව මන්නා­රමේ මුරු­න්කන් පුරාණ විහා­ර­ස්ථා­නයේ දී ධර්ම දේශ­න­යක් සංවි­ධා­නය කොට තිබිණි. සිංහල බෞද්ධ රජයේ සේව­ක­යන් මන්නා­රමේ ඉතා හිඟ වුවත් ධර්මය ශ්‍රව­ණය කිරී­මට ශ්‍රාව­ක­යන්ගේ කිසිම අඩු­වක් නොවීය.

දෙමළ හා මුස්ලිම් රජයේ සේව­කයෝ ධර්ම ශ්‍රාව­කයෝ වූයේ ඉතාම භක්ති­යෙනි. බෞද්ධ­යන් මහා පිරි­සක් මැද ධර්ම දේශනා පව­ත්වන විට ඔවු­නො­වුන්ගේ දේශ­නා­වල හඬ භික්ෂූන් වහ­න්සේගේ හඬ පරයා ඇසෙ­න්නට වූවත් මන්නා­රමේ මුරු­න්කන් පුරාණ විහා­ර­ස්ථා­නයේ දී එවැ­න්නක් සිදු නොවීය.

අපේ බොහෝ බෞද්ධ­යන්ට වඩා ඒ මිනිස්සු එදින නියම බෞද්ධයෝ වී සිටි­යහ. ධර්ම දේශ­න­යෙන් පසුව ධර්ම පූජා, පිරි­කර පූජා සඳ­හාද හික්ෂූන් වහ­න්සේට ගිලන් පස පූජා කිරී­මේ­දීද මන්නා­රමේ අන්‍ය ආග­මි­ක­යන් අතින් බෞද්ධ ප්‍රති­පත්ති ප්‍රද­ර්ශ­නය විණි. ධර්ම පූජා - පිරි­කර පූජා සඳ­හාද හික්ෂූන් වහ­න්සේට ගිලන් පස පූජා කිරී­මේ­දීද මන්නා­රමේ අන්‍ය ආග­මි­ක­යන් අතින් බෞද්ධ ප්‍රති­පත්ති ප්‍රද­ර්ශ­නය විණි. ඒ වැඩ­ස­ට­හන් මාලා­වම ක්‍රියා­ත්මක වී අව­සන් වන තුරුම මන්නා­රමේ දෙමළ හා මුස්ලිම් වැසි­ය­න්ගෙන් විද්‍යා­මාන වූයේ දැඩි සැදැ­හැ­වත් භාව­යකි.

බෞද්ධා­ගමේ ඉගැ­න්වෙන සමා­නා­ත්ම­තාව මානු­ෂී­ය­භා­වය කරු­ණාව දයාව අනු­ක­ම්පාව පම­ණක්

 

නොව මේ දහම තුළ පවත්නා ආග­මික සහ­න­ශී­ලී­තාව මන්නා­රමේ මේ පිරි­සට ඉතා කෙටි කල­කින් අව­බෝධ වී ඇති බවක් පෙනෙ­න්නට තිබේ.

මේ වෙනස ඇති වීම කෙරෙහි බල­පාන ලද ප්‍රධා­න­තම හේතුව වන්නේ පසු­ගිය කාල වක­වා­නුවේ දී උතුරු පළාත් තුළ බුදු දහම සම්බ­න්ධ­යෙන් පැවැති ව්‍යාකූල තත්ත්ව­යයි. උතුරේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් උතුරේ අන්‍යා­ග­මි­ක­යන් තුළ වර්ධ­නය කොට තිබුණේ බුදු දහමේ ඉගැ­න්වෙන හර­වත් දේශනා නොව ඉන් බැහැර කර­වන ලද ඊර්ෂ්‍යාව ක්‍රෝධය හා වෛරය පම­ණකි.

උතුරේ යම් ස්ථාන­යක බුදු පිළි­ම­යක් තැන්පත් කිරීම උතුරේ අන්‍යා­ග­මි­ක­යන්ගේ හත්මුතු පර­ම්ප­රා­වක්ම විනා­ශ­යට පත්වන විශාල බල­වේ­ග­යක් ඇති ක්‍රියා­වක් යැයි උතුරේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් මුළු උතු­ර­ටම පෙන්වා දී තිබිණි.

උතු­රට බුදු පිළි­ම­යක් වැඩම කළ සෑම අව­ස්ථා­ව­ක­දීම දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් බුරුතු පිටින් ඔවුන්ගේ ගෝල බාල­යන්ද රැගෙ­න­විත් කළ යක්කම් නිසා උතුරේ අන්‍යා­ග­මි­ක­යන් සිත­න්නට ඇත්තේ බුදු පිළි­මය නිසාත් බුදු දහම නිසාත් එවැනි විනා­ශ­යක් සිදු­වෙ­තැයි යන්නය. ඊට ඒ මිනි­සුන්ට දොස් තැබී­මේද ප්‍රයෝ­ජ­න­යක් නැත. උතුර කරවූ ප්‍රධාන දේශ­පා­ල­න­ඥ­යන්ගේ මතය හා ආග­මද දහ­මද වූයේ බුද්ධා­ගම නිසා උතුරේ වැසි­යන්ගේ සිය­ලුම දේ විනාශ වන බවය.

මේ දහම ඔවුන් ඇද­හුවා පම­ණක් නොව ඒ බව ක්‍රියා­වෙන්ද ඔප්පු කොට පෙන්වී­මට උත්සහ දැරීය. උතුරු පළාත් සභා­වට බලය තිබූ කාල වක­වා­නුවේ දී උතුරු පළාත් ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා පවා බෞද්ධා­ග­මට විරුද්ධ විය. එහි ප්‍රති­ප­ල­යක් වූයේ නාග­දීප විහා­ර­ස්ථා­නයේ ඉදි කිරී­මට ගිය බුදු පිළි­ම­යට තහංචි පැන­වී­මය. නාග­දී­පය යනු­වෙන් ස්ථාන­යක් නැති බවත් එය වහාම නයි­න­තීව් වශ­යෙන් වෙනස් විය යුතු බවත් උතුරු පළාත් සභා­වේම යෝජ­නා­වන්ය.

මුල­තිව් ගුරු­කන්ද රජ­මහා විහා­රයේ අර්බු­ද­යකි. ඒ අර්බු­දය තව­මත් ඇත්තේ අධි­ක­ර­ණ­යේය. මුල­තිව් කෝකි­ලායි ශ්‍රී සම්බෝධි විහා­රයේ ඉඩ­මට නඩු කියා තිබේ. එහි නායක හිමි­යන් වන ශ්‍රී තිස්ස­පුර ගුණ­ර­තන හිමි­යන්ට එල්ල වන තර්ජ­න­ වල කිසිම අඩු­වක් නැත.

නෙඩු­න්කේණී කුරු­දු­මලේ පුරා විද්‍යා ස්ථානය විවෘත කිරී­මට ගිය අව­ස්ථාවේ දී එහි තැන්පත් කිරී­මට රැගෙන ගිය බුදු පිළි­මය නතර වූයේ පොලී­සි­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් වූ නඩු­වේද තව­මත් කෙළ­ව­රක් නැත. එමෙන්ම වවු­නි­යාවේ නෙඩු­න්කේණී වෙඩු­ක්කු­නාරී හා වවු­නි­යාවේ සම­ල­න්කු­ලම යන බෞද්ධ සිද්ධ­ස්ථාන පිහිටි ප්‍රදේ­ශයේ බල­හ­ත්කා­ර­යෙන් හින්දු කෝවිල් අටවා බුදු දමට උතුරේ දී කෙරෙන තර්ජ­න­වල කෙළ­ව­රක් නැත.

එවැනි පරි­ස­ර­යක් මව­මින් බෞද්ධා­ග­මට වින කටින උතුරේ දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් රොත්තක් මැද මන්නා­රමේ රජයේ සේවක සේවි­කාවෝ දහ­සක් වටින පුද්ග­ලයෝ පිරි­සකි. අගය කළ යුතු සත්පු­රු­ෂයෝ පිරි­සකි.

රජය මඟින් දීප ව්‍යාප්තව සංවි­ධා­නය කළ වැඩ­ස­ට­හනේ ඉහ­ළම ප්‍රති­ලාභ උදා වූයේ එවැනි මිනි­සුන් අත­රින් බවට කිසිම විවා­ද­යක් නැත.

උතුරු පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා වන ආචාර්ය සුරේන් රාඝ­වන් මහතා වවු­නි­යාව ශ්‍රී බෝධි දක්ෂි­ණා­රාම විහා­ර­ස්ථා­නයේ දී ලබන 29 දා පව­ත්ව­න්නට බලා­පො­රොත්තු වන බෞද්ධ සම­ළු­වෙන්ද මීට වඩා යම් වෙන­සක් ඇති කර­ගැ­නීම සඳහා සංවි­ධා­ය­ක­ව­රුන් හා බෞද්ධ මහ නාය­ක­හි­මි­ව­රුන් දක්ෂ­යන් විය යුතුය.

රසුල දිල්හාර ගමගේ

අදහස්