වෛද්‍ය­ව­ර­යකු වූ පසු බොහෝ දෙන­කුගේ ඔළුව ඉදි­මෙ­නවා | සිළුමිණ

වෛද්‍ය­ව­ර­යකු වූ පසු බොහෝ දෙන­කුගේ ඔළුව ඉදි­මෙ­නවා

ලොස් ඇන්ජ­ලිස් නග­ර­යෙන් මඳක් ඔබ්බට යන විට ගාබ්‍රි­යෙල් කඳු වැටිය හමුවේ. පස­ඩේනා ඒ කඳු­වැ­ටිය පාමුල නිම්නයේ ඇති පොහො­සත් නග­ර­යකි. වියළි දේශ­ගු­ණ­යක් ඇතත් එහි විශාල මල් පිපෙන මග්නො­ලියා ගස් ද, පාර පුරා නිදැල්ලේ සැරි­ස­රන මොනර රංචුද දැකිය හැකිය. ඉහළ පැළැ­න්තියේ ඇමෙ­රි­කා­නු­වන් වෙසෙන වීදි­යක පිහිටි මන්දි­ර­යක ඉදි­රි­පස උද්‍යා­න­යට යද්දී මා පිළි­ග­න්නට පැමි­ණියේ නොමිටි මැදි වියේ, ප්‍රිය මනාප පෙනු­මක් ඇත්තෙකි. තමා වෛද්‍ය ලක්ෂ­මන් මාක­ඳුර බව හඳුන්වා දෙමින් හෙතෙම මා හා කතාව ආරම්භ කළේය.

* අත දුන්නේ ඉංග්‍රිසි ගුරු­ව­රිය
* රෝගීන් වැඩි­පු­රම ආවේ මට
* රෝගි­යාගේ දැනුම ගැන සතු­ටු­විය යුතුයි

මා ඒ නම ලොස් ඇන්ජ­ලිස් නග­ර­යේදී කිහිප වතා­වක්ම මා අසා තිබිණි. නග­රයේ ජන­ප්‍රිය වෛද්‍ය­ව­ර­යෙකු වූ ඔහු තමා­ගේම වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක් දිගු කලක් තිස්සේ පව­ත්වා­ගෙන යයි.

ඔබේ ළමා කාලය සහ ගම පළාත් පිළි­බඳ අපට කියන්න

මම හැදුණේ රත්න­පුර, බලං­ගොඩ. මගේ පවුලේ සහෝ­දර සහෝ­ද­රි­යන් විශාල සංඛ්‍යා­වක් හිටිය. පුංචි කාලෙ කවු­රුන් හෝ මගෙන් ඇහු­වම අනා­ග­තයේ කවුද වෙන්නෙ කියල, මම කිව්වෙ වෛද්‍ය­ව­ර­යෙක් වෙනව කියල. ඒ කාලේ බලං­ගොඩ ඉස්පි­රි­තාලේ දොස්ත­රල දැක්කා. ඒ අයට හොඳ පිළි­ගැ­නී­මක් තිබුණා. ඔවුන්ට වෙනස් පෞරු­ෂ­යක් තිබුණ. ඒක දැක්කම තමා මට වෛද්‍ය­ව­ර­යෙක් වෙන්න හිතුණේ.

ඒ සිහි­නය සැබෑ කර­ගන්න අත දුන්නෙ කවුද?

මට මත­කයි, ඉංග්‍රීසි උග­න්නපු ගුරු­ව­රිය මේරි ජින්ජර්. එතු­මිය මාව පාස­ලෙන් පසුව නව­ත්වා­ගෙන මට වෙනම ඉගැ­න්නුවා. අද­ටත් මම අවු­රුදු 82 ක් වූ ඒ ගුරු­තු­මිය සමඟ කතා­බහ කර­නවා. මම ගමේ ඉස්කෝලේ­දීත් හැම­දාම පන්තියේ පළ­වෙ­නියා. පසුව කොළඹ ආන­න්ද­යට ඇතුළු වුණා. එහි­දීත් හැම­දාම පන්තියේ පළ­වෙ­නියා.

ආන­න්ද­යේදී ලක්ෂ්මි පෙරේරා ගුරු­තු­මි­යත් මගේ දක්ෂ­කම් හඳුනා ගත්තා. මට මඟ පෙන්නුවා .

ඉස්කෝලේ යන කාලේ දඟ වැඩ එහෙම කළේ නැද්ද ?

ඒ කාලේ මම චිත්‍ර­පටි බලන්න ආසයි. පංති කට් කර­ලත් චිත්‍ර­පටි බල­නවා. සම­හර දව­ස්ව­ලට සවස 2.30 බලල ඉවර වෙලා යාළුවෝ ඇවිත් ඉන්නවා 6.30 දර්ශ­නය බලන්න. ඒ අයත් එක්කත් බල­නවා. ඊට පස්සේ ගෙදර අයත් එක්ක 9.30 දර්ශ­න­යත් බල­නවා. හැබැයි කීයට ගෙදර ආවත් මම පැය දෙක­ක්වත් පාඩම් කර­නවා. මොකද පාසලේ වැඩ කොටස ඉවර නොක­ළොත් මට ඇති­වෙන්නෙ වර­ද­කාරී හැඟී­මක්.

චිත්‍ර­පට බලන්න යද්දිත්, සුළු විවේ­ක­යේදී පාඩම් කරන්න පොතක් අර­ගෙන යන්නෙ.

කොහො­මද ඇමෙ­රි­කාවේ වෛද්‍ය වෘත්ති­යට පිවිසු‍ණේ?

වෛද්‍ය විද්‍යා­ල­යෙන් පිට­වු­ණාට පසුව ගාල්ල සහ මාතර රෝහ­ල්වල වැඩ කළා. 1985 දී ලංකාවේ ත්‍රස්ත­වාදී ප්‍රශ්න තිබුණු සමයේ බොහෝ දෙනෙක් විදේශ ගත වීමත් සමග මම ඇමෙ­රි­කා­වට ආව. මෙහි විශ්ව­වි­ද්‍යා­ලයේ හෘද රෝග පර්යේ­ෂණ අංශයේ හෘද රෝග පිළි­බඳ ඉගෙන ගත්තා. පසුව මම නිව්යෝර්ක් විශ්ව­වි­ද්‍යා­ලයේ විශේ­ෂඥ වෛද්‍ය උපා­ධිය හැදෑ­රුවා. පස්සෙ ආයෙත් කැලි­ෆෝ­ර්නි­යා­වට ආවා. මේ කාලයේ ආර්ථික අමා­රු­කම් තිබුණු නිසා පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­යකු ලෙස රැකි­යාව පටන් ගත්තා.

මුලින් මම වෛද්‍ය කණ්ඩා­ය­මක් එක්ක එකට වැඩ කළා. එතැ­නදී වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් ආවේ මා හොයා­ගෙන එත­කොට මම කල්පනා කළා මට වෙනම තනි­යම වැඩ කරන්න පුළු­වන් කියලා. මං වෙනම මධ්‍ය­ස්ථා­න­යක් පටන් ගත්තා. දැනට මට සායන 4 ක් තියෙ­නව.

දැන් ඔබ වරක් කිව්ව රෝගීන් අතර ඔබ ජන­ප්‍රි­යයි කියලා. කොහො­මද එහෙම වුණේ?

වෛද්‍ය­ව­ර­යෙ­කුට රෝගීන් පිළි­බඳ තිබෙන දයාව කරු­ණාව ඉතා වැද­ගත් කියා මා හිත­නවා. ඒ නිසා ඔවුන් එක්ක වඩා සමී­පව ඔවුන්ගෙ ප්‍රශ්න පිළි­බඳ හොයල බල­නවා. ඔවුන් මා වෙත එන්නෙ සෞඛ්‍ය ගැට­ලු­ව­ලට අම­ත­රව දහ­ස­කුත් එකක් ප්‍රශ්න සහි­ත­වයි. ඔවුන් දෙස දයා­වෙන් අනු­ක­ම්පා­වෙන් කරු­ණා­වෙන් නොබැ­ලු­වොත් මාන­සි­කව ඔවුන් වැටෙ­නවා. එත­කොට කොච්චර හොඳ බෙහෙ­තක් දුන්නත් හරි යන්නෙ නෑ.

ලංකාවේ බොහෝ වෛද්‍ය­ව­රුන් පිළි­බඳ වැඩි දෙනෙ­කුගේ මනා­ප­යක් නෑ. ඇතැ­මුන් රෝගීන්ට පම­ණක් නොවෙයි හෙදි­යන්ට සුළු සේව­ක­යන්ට පවා අකා­රු­ණි­කයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

අධික කාර්ය බහු­ල­කම නිසා වෙන්නත් පුළු­වන්. ඇතැ­මෙ­කුට වෛද්‍ය­ව­ර­යකු වුණාට පසුව මුල අම­තක වෙනවා. තමන් කොහෙන්ද ආවේ කියන එක අම­තක වෙනවා. ටිකක් හිස ඉදි­මෙ­නවා. තවත් පිරි­සක් ධන­යට කෑද­රයි. පුළු­වන් තරම් කෙටි කාල­ය­කදී වැඩි රෝගීන් ප්‍රමා­ණ­යක් බල­මින් සල්ලි හම්බ කර­න්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා රෝගීන් දෙස හෙළන්නෙ නුරුස්නා බැල්මක්. දුප්පත් රටක් ලෙස ලංකවේ රෝගීන් සිය ගණ­නක් එක දව­ස­කට බලන්න සිදු වෙනවා. ඒක අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්.

මුදල් ගෙවා එන පෞද්ග­ලික සාය­න­වල පවා බොහෝ විට රෝගියා ඇතු­ළට ගිය සැණෙන් ආපසු එනවා. වෛද්‍ය­ව­රයා රෝග පරි­ක්ෂා­වට ප්‍රමා­ණ­වත් කාල­යක් වැය කරන්නෙ නෑ. ඇම­රි­කාව ඇතුළු බොහෝ දියුණු රට­වල තත්ත්වය සමඟ ඔබ එය සස­ඳන්නේ කොහො­මද ?

මෙහෙ සාමා­න්‍ය­යෙන් දව­ස­කට රෝගීන් 20 - 25 කට වඩා බලන්න බෑ. එක රෝගි­යකු වෙනු­වෙන් විනාඩි 15 - 30 ක් වෙන් කරන්න ඕනෙ. රෝග නිධා­නය අහල රෝගියා ක්‍රම­වත්ව පරීක්ෂා කරල රෝග තත්වය සහ ඖෂධ පිළි­බඳ පැහැ­දිලි කරලා රෝගි­යාගේ ප්‍රශ්න­ව­ල­ටත් සවන් දීලයි යවන්න ඕනෙ. ඒ වගේම මෙහෙ රෝගීන් වෛද්‍ය­ව­රු­න්ගෙන් එවැනි සේවා­වක් බලා­පො­රොත්තු වෙනව.

ඇයි මේ බෙහෙත් දෙන්නෙ? එහි අතුරු ආබාධ මොන­වද? මේ බෙහෙ­තෙන් කොහො­මද මගේ රෝගය සම­නය වෙන්නෙ යනාදි වශ­යෙන් රෝගීන් ඔබෙන් විම­සීම් කළොත් ඔබ කෝප ගන්න­වද?

සත්ත­කින්ම නෑ. වෛද්‍ය­ව­රයා තුටු වෙන්න ඕනෙ රෝගි­යාට ඇති උන­න්දුව සහ දැනුම ගැන. එය අප­ටත් පහ­සු­වක්. සුළු­වෙන් හෝ අතුරු ඵල, ඖෂධ ගන්නා ආකා­රය රෝගියා කළ­යුතු නොක­ළ­යුතු දෑ පිළි­බඳ පැහැ­දිලි කර දිය යුතුයි.

එසේ වෛද්‍ය­ව­ර­යකු රෝගි­යාට පැහැ­දිලි නොකි­රීම රෝගි­යාගේ මූලික අයි­ති­වා­සි­කම් කඩ වීමක් ලෙස ඔබට පෙනෙන්නේ නැද්ද? ඒ අනුව වෛද්‍ය ආචාර ධර්ම පද්ධ­ති­යක් නීති ගත කළ යුතුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද?

එසේ පැහැ­දිලි කිරී­මක් කරන්න වෛද්‍ය­ව­රයා බැඳී සිටි­නවා. රෝගීන් ආරක්ෂා කරන නීති තිබී­මත් අව­ශ්‍යයි.

වෛද්‍ය ලක්ෂ­මන් මාක­ඳුර කැලි­ෆෝ­ර්නි­යාවේ හොඳම වෛද්‍ය­ව­රයා ලෙස සම්මාන ලබා ඇත. එය ශ්‍රී ලාංකි­ක­යන් ලෙස අපට ආඩ­ම්බ­ර­යකි. ඇමෙ­රි­කානු සමා­ජය තුළ වෘත්ති­මය වශ­යෙන් සාර්ථ­ක­ත්වයේ හිණි පෙත්ත­ටම නැඟුණු ඔහු ගේ වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය නවී­න­තම අංගෝ­පාං­ග­ව­ලින් සම­න්වි­තය.

කාර්ය බහුල ජීවි­තයේ පවා ඔහු විනෝ­ද­කා­මි­යෙකි. විනෝ­දය සඳහා ඔබ මොන­වද කරන්නෙ?

ගීත අහ­න්නත් ගාය­න­ය­ටත් මම කැම­තියි. ලංකා­වෙන් එන කලා­ක­රු­වන් මගේ නිවෙසේ සංගීත සාජ්ජ­ය­කට සහ­භාගී ­වීම අනි­වා­ර්යයි. බොහෝ­විට ඔවුන් වෙනු­වෙන් කළ­යුතු යුතු­කම් අප නොපි­රි­හෙළා ඉටු­ක­ර­නවා. විශේ­ෂ­යෙන්ම මගේ බිරිය තුසිතා මගේ වෛද්‍ය මධ්‍ය­ස්ථා­නයේ පරි­පා­ලන කට­යුතු මෙහෙ­යවා. මගේ කලා කට­යු­තු­ව­ල­ටත් මා දිරි­ග­න්ව­නවා.

ලංකාව විය­දම් කරල ඔබට උසස් අධ්‍යා­ප­නය ලබා දීලා තියෙන්නෙ. ඔබේ රටෙන් දුන් පහ­සු­කම් වෙනු­වෙන් ඔබ රටට මොන­වද දුන්නේ?

මම මගේ රටේ කීර්ති­නා­මය නිර්මා­ණය වන පරිදි ඇමෙ­රි­කාවේ කට­යුතු කර­නවා. අනෙක උප­යන ධන­යෙන් සිය­යට 25 ක් ලංකාවේ දිළිඳු පවුල් වෙනු­වෙන් හා අධ්‍යා­ප­නය ලබ­න්නන් වෙනු­වෙන් විය­දම් කර­නවා. විශේ­ෂ­යෙන්ම බලං­ගොඩ ප්‍රදේ­ශය මගේ ගම නිසා එහි පවුල් ගණ­නා­ව­ක­ටම උදව් කර­නවා.

විශේෂ ස්තුතිය - කුමාරි පණ්ඩි­ත­රත්න

නාරද විජ­ය­සූ­රිය
සේයාරූ - අනින්ද සම­ර­සේන
මංජුල පෙරේරා

අදහස්