වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය 30 වනදා සිට | සිළුමිණ

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය 30 වනදා සිට

වස විසෙන් තොර ආහාර පරිභෝජන රටාවකට මහජනතාව හුරුකරනු වස් ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කරනු ලබන "වස විස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය" ලබන 30 වනදා ආරම්භ වේ.කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අප්‍රේල් පළමු වනදා දක්වා මෙය පැවැත්වේ.විශේෂ ජාතික සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා රංග පීඨයේදී මාර්තු මස 31 වන දින පස්වරු 4.00ට පැවැත්වෙනු ඇත.

Comments