ගී පොතයි මීවිතයි අතින්ගත් එච්.එම් දැයෙන් සමුගනිි - UPDATE | සිළුමිණ

ගී පොතයි මීවිතයි අතින්ගත් එච්.එම් දැයෙන් සමුගනිි - UPDATE

ගී පොතයි මීවිතයි අතින්ගත් එච්.එම් දැයෙන් සමුගනිි

ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

69 වන වියේ පසු වූ ඔහු කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වී ඇත.

ජනප‍්‍රිය ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන ඒ මහතා සංගීත ක්ෂේත්‍රය නොමැකෙන නාමයකින් පිදුම් ලබයි.

සියඹලාන්ඩුව තම ජන්ම භුමිය කර ගනිමින්,බටනලාවට පෙම් බැදි හෙතෙම ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ,මේ පුංචි රටේ කෙදිනක හෝ වැනි ප්‍රසිද්ධ ගීත ගණනාවක් සංගීතව කර ඇත.

ඔහු 1981 වසරේ දී ආචාර්ය රෝහණ වීරසිංහ සමඟින් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

අවසන් කටයුතු ලබන 10 වන දා සිදු කෙරේ - UPDATE

එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු ලබන 10 වන දා බොරැල්ල සුසානභූමියේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් දැනුම් දේ.

 

 

 

අදහස්