සුඛෝපභෝගී බසයක ගින්නක් | සිළුමිණ

සුඛෝපභෝගී බසයක ගින්නක්

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී (8) දින අළුයම බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ ගරාජයක අලුත්වැඩියාව කින් පසු බස් රථය මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී එක වැරම ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගින්නක් හට ගැනීම නිසා බස් රථය දැවී ගිය බව හිමිකරු කියයි. බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී වෙනත් මාර්ගයේ ගමන් ගත් වාහනය රියදුරෙකු බස් රථයේ පිටුපස ගින්නක් ඇති බව රියදුරට දැනුම් දීමත් සමග බස් රථය මාර්ගයෙන් ඉවත් කොට නවතා විනාඩි කිහිපයක් යද්දී එකවරම විශාල ගිනි ජාලාවක් ඇති වූ බව එහි රියදුරු සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 80කට වඩා වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථයක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇත . කෙසේ වෙතත් මෙම බස් රථය කාර්මික දෝෂයක් නිසා ගිනිගත්තද එසේත් නොමැති නම් වෙනත් කිසියම් සිද්ධියක් ඇති වූයේද යන්න පරීක්ෂණ පවත්වන බව සීගිරිය පොලිසිය පවසයි.

(සීිගිරිය විශේෂ)

අදහස්