වට්ටක්කා ගොවීන්ගේ මැසිවිල්ල | Page 2 | සිළුමිණ

වට්ටක්කා ගොවීන්ගේ මැසිවිල්ල

වට්ටක්කා වගාවේ අස්වැන්නට නිසි මිලක් නොලැබී යාම හේතුවෙන් ගොවීන් ජනතාවට මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව සිටියි.සිංහල අලුත් අවුරුද්ද බලාපොරොත්තුවෙන් වගා කළ වට්ටක්කා තොග අලෙවි කිරගැනීමට නොහැකිව මෙලෙස අසරණ වී සිටින්නේ බලධාරීන්ගේ ක්‍රියා කලාප හේතුවෙනි.මේ අතර ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් විනාශ වෙමින් තිබෙන බව ගොවීන් පවසයි.අද වන විට වට්ටක්කා කිලෝවක් රුපියල් 4 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වි ඇති බව ඔවුන් සඳහන් කළේය.ඒ හේතුවෙන් විශාල පිරිසකගේ වට්ටක්කා වගාව බිම්වල සහ නිවෙස් තුළත් කැළැ තුළත් විනාශ වෙමින් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් තම වගාව මිලට ගැනීමට මේ වන විටත් ඉදිරිපත් නොවු බවත් ඒ නිසා ලක්ෂ ගනනින් ණය වි වගා කළ වට්ටක්කා තොග පිටින් කුණු වෙමින් තිබෙන බව වගාකරුවන් චෝදනා කරයි.මේ අතර වට්ටක්කා මිල පහල බැසීමත් සමග ගොවිජන මධ්‍යස්ථාන හරහා වැඩි මිලට වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කෙළේය.වට්ටක්කා මිල පහල බැස ඇති මොහොතක ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 30 ක් වැනි මුදලකට වට්ටක්කා මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Comments