මාසයකට පිටකොටුවේ කෝටි 3ක කුණු කෑම විකුණයි | Page 2 | සිළුමිණ

මාසයකට පිටකොටුවේ කෝටි 3ක කුණු කෑම විකුණයි

පිටකොටුව මැණින් වෙළෙඳපොළ සහ අවට ඇති වෙළෙඳ සල්වලින් මසකට රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් නුසුදුසු ආහාර අලෙවි කරන බවට කොළඹ මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත තොරතුරු ලැබී තිබේ.

පලතුරු වර්ග, බෝතල් කළ බීම වර්ග, ජල බෝතල්, බිස්කට් වර්ග ඇතුළු තවත් ආහාර පාන රැසක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ ඒවා සමඟ එකතුකර අලෙවි කරන බව පැවසේ.

කොළඹ මහානගර සභාවේ සෞඛ්‍ය ඒකකය වහාම ක්‍රියාත්මක වී මේ සම්බන්ධව වැටලීම් සිදු කරන බවත් දිගින් දිගටම එවැනි ආහාර පාන අත්අඩංගුවට ගන්නා බව ද එම ඒකකයේ නිලධාරියෙක් කීය.

Comments