BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

පැරිස් යළිත් දිවි නසා ගන්න හදලා

පොප් ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් ගේ පෞද්ගලික ජීවිතය හාරා ඇවිස්සූ ‘නෙවර්ලන්ඩ්’ වාර්තා චිත්‍රපටය ලොව පුරා ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. මයිකල් ට ලිංගික අපචාර චෝදනා එල්ල කර තිබු‍ෙණ්ත් මේ චිත්‍රපටයයි. නමුත්, තම පියාට එරෙහිව නැගී ඇති මේ චෝදනා ප්‍රතික්ෂේප කළ මයිකල්ගේ දියණිය පැරිස් ජැක්සන්, එම චිත්‍රපටය නැරඹූවේද නැහැ.

මුලදී එම චෝදනාවලට සිනාසුණු පැරිස්, පසුව ඒ ගැන කල්පනා කරමින් කාලය ගත කළා දැයි දැන් සැකයක් මතුවෙලා. ඇය පසුගියදා සිය දිවි නසා ගන්න උත්සාහ දරා තිබෙනවා. ‍ෙම් නිසා වහාම ඇයව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පවුලේ අය කටයුතු කර තිබෙනවා. මීට කලින් ද ඇය මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා තිබෙනවා. එයට ‍හේතුව වුණෙත් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ ගැනීමයි.

මේ ගැන අදහස් දක්වන හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ තම පියා පිළිබඳව පැතිරී ඇති චෝදනා නිසා පැරිස් ගේ මානසික තත්ත්වය අතිශය අයහපත් තත්ත්වයට වැටී ඇති හේතුවෙන් ඇය මෙලෙස දිවි තොර කර ගැනීමට උත්සාහ ගන්නට ඇති බවයි.

 


රිහානා රහසේම විවාහ වෙලා

සුපිරි ගායිකා රිහානා සහ ධනවතකු වන හසන් ජමීල් ගේ පෙම් සබඳකම ගැන ආරංචි පැතිරුණේ පසුගිය 2017 වසරේ සිටයි. රිහානා ගේ හිත ගත් හසන් ජමීල් සවුදි අරාබියේ ප්‍රසිද්ධ මෝටර් රථ වෙළෙඳ ආයතනයක හිමිකරුවායි.

පසුගිය සතියේ ‍හොලිවුඩ් ආරංචි මාර්ග පැවසුවේ මේ සුපිරි ගායිකාව හසන් ජමීල් සමඟ රහසේම විවාහ ගිවිස ගත් බවයි. මේ ගැන වටින් ගොඩින් කරුණු දැන ගත් විගසින්ම රිහානා ගේ රසික කැළ තම තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා පිටු ඔස්සේ ඇයට සුබ පතමින් විවිධ අදහස් පළ කළා.

බොහෝ අය අනුමාන කළේ ඇගේ විවාහ මංගල උත්සවය ළඟදීම පවත්වනු ඇති බවයි. මේ අතර තවත් පිරිසක් අනාවැකියක් ලෙස පැවසුවේ රිහානා මවු පදවිය ලැබීමේ කැමැත්තකිනුත් පසුවන බවයි.

නමුත් මේ අනාවැකිය හැබෑ වනු ඇතැයි දැන් තියාම ප්‍රකාශ කරන්න බැරිලු. ඇගේ සමීපතම යහළු හෙහෙළියන් කියන්නේ රිහානා දරු සුරතල් බලන්නේ තවත් වසර දෙකක් පමණ ගත වූ පසුව කියලයි.

හසන් ජමීල් සමඟ පෙම් සබඳකම් පවත්වන්නට කලින් රිහානා වරින් වර කිහිප දෙනකුට පෙම් කළා. එක් කාලයකදී බේස් බෝල් ක්‍රීඩකයකු වන මැට් කෙම්ප් සමඟ සබඳකම් පැවැත් වූ රිහානා, ඉන් පසුව රැප් ගායක ඩ්‍රේක් සමඟ ද ඔහුගෙන් වෙන් වූ පසුව ජනප්‍රිය ගායක ක්‍රිස් බ්‍රවුන් සමඟ ද පෙම් කළා.


කපිල් දේව් චරිතයත් බොලිවුඩ් සිනමාවට

රන්වීර් සිං ඉන්දීය ක්‍රිකට් ශූරයකු ලෙස රඟන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් ලබන වසරේ අප්‍රේල් මාසයේදී තිරගත වේවි. රන්වීර් එලෙස ක්‍රිකට් තරුවක් බවට පත්වන චිත්‍රපටය තමයි, ‘83’. ඔහු නිරූපණය කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ කපිල් දේව්ගේ චරිතයයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කබීර් ඛාන් ‘83’ චිත්‍රපටයෙන් තවත් අලුත් යොවුන් කලාකාරියක බොලිවුඩ් සිනමාවට එක්වෙනවා. ඇගේ නම අමියා. මේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙස එක්වන ඇය, කපිල් දේව් ගේ දියණියයි. තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සන්දීප් පටිල්ගේ චරිතය රඟන්නේ සන්දීප්ගේම පුතු, චිරාග්. ඔහු ‘83’ චිත්‍රපටය ගැන කතා කරද්දී අමියා ගැන විශේෂ සඳහනක් කරන්න අමතක කළේ නැහැ.

“අපි දෙන්නා මුලින්ම මුණ ගැහුණේ ‘83’ චිත්‍රපටයෙ වැඩ පටන්ගත් දවස් වලදීයි. අමියා. දිල්ලි වලයි ඉන්නෙ. මම මුම්බායි වල අමියා මට වඩා බාලයි. එයා මේ චිත්‍රපටයේ දිනපතා පුහුණුවීම්වල වැඩකටයුතු කළා. අපි හැම දෙනාටම එදිනෙදා පවත්වපු වැඩ ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ ඉන්න කොට එයා මාව හමුවෙන්න ආවා.” චිරාග් ගේ මේ කතාවට ඉන්දීය මාධ්‍ය උලුප්පා දක්වා තිබුණා.

‘83’ චිත්‍රපටයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සුනිල් ගවස්කාර් ගේ චරිතය ඇතුළු තවත් ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ චරිත ඇතුළත් වෙනවා. මේ චිත්‍රපටයට ‘83’ යනුවෙන් නම යොදා ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පිල මුල් වරට ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත්තේ 1983 දී නිසයි.

 


උර්මිලා දේශපාලනයට

තවත් බොලිවුඩ් තාරුකාවක් ඉන්දීය දේශපාලන ලෝකයට පිවිසෙන්නට බලාපොරොත්තු වෙනවා. ඇය, උර්මිලා මතොන්ද්කාර්. අනූව දශකය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ඇය ලැබුවේ ‘රන්ගීලා’ සහ ‘ජුදායි’ යන චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කිරීමෙන්.

උර්මිලා දේශපාලනයට එන්නේ කොංග්‍රස් පක්ෂයෙන්. ඇයට එම පක්ෂයෙන් උතුරු මුම්බායි ආසනයට තරග වැදීමට අපේක්ෂකත්වය ලැබීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මහ මැතිවරණයකදී උර්මිලා ට ඡන්ද සටන මෙහෙයවීමට සිදු වන්නේ උතුරු මුම්බායි අසුන 2014 සිට නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ ගෝපාල් ශෙට්ටි සමඟයි. උර්මිලාගේ භූමිකාවට කොංග්‍රස් පක්ෂය තුළ විශේෂ තැනක් හිමි වනු ඇතැයි පැවසෙනවා.

උර්මිලා තම සිනමා ජීවිතය ආරම්භ කළේ ළමා නිළියක හැටියට 1980 දී තිරගත වූ ‘සාකෝල්’ නම් වූ මරාති චිත්‍රපටයේ රංගනයෙන් ඇය බොලිවුඩ් සිනමාවට එක් වූයේ 1981 දී තිරගත වූ ‘කල්යුග්’ චිත්‍රපටයෙන් ‘රංගීලා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය උර්මිලාගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.

අදහස්