රට­ටම කිරි ඉති­රේවා | සිළුමිණ

රට­ටම කිරි ඉති­රේවා

හිරු මීනෙන් මේෂට එන
නොන­ග­ත­යෙදි වෙහෙ­රට යන

උණ වෙඩි ගම මැද පුපු­රන
සුබ නව වස­රක් එළ­ඹුණ
නැත යන වද­නක් නොඇ­සෙන
සිනා සියලු වත රඳ­වන
හැම හද­ටම සුව දන­වන
හෙළ අවු­රුදු සිරි මතු­වන
අලුත් ඇඳුම් ඇඳ ගත්තෝ
සිරිත් විරිත් දැන මුත්තෝ
සිදා­දියේ ගම ඇත්තෝ
නැක­තට මුල් තැන ගත්තෝ
නැති බැරි­කම් දුරු වේවා
බත බුල­තින් සරු වේවා
කල් වැසි අද හෙට ඒවා
රට­ටම කිරි ඉති­රේවා

තෙප්ප­නාවේ ගු ණ­ව­ර්ධන


බක්මහ උදා­නය

දුරුතු සීතල අඳුරු වලා වැර­හැලි ඔතා
රැගෙන ආ සෝතැ­වුල් නිමා වී දුක සිතා
නවම් මහ නැවුම් සිති­විලි පබළු වැල ගොතා
වස­න්තය සැපත් විය මල්ව­රව තුරු ලතා
ගොවි බිමේ බිජු­ව­ටින් සුහු­ඹුල්ව පැළ සැදී
අස්වැන්න නෙළා­ගෙන පැසුණු පසු කිරි වැදී
වී කුරුලු ගී තාල සවන් පතුලේ රැඳී
ගේ කුරුලු ජෝඩු සිය කැදැ­ලි­වල සුව විඳී
නැවුම් පත් ඇදෙන විට වියළි පත් සැලි-සැලී
අලුත් සළු-පිළි ගතින් මුදා-ලයි වැර­හැලී
ගෙයින් ගෙට ගොසින් සැප-දුක් ගැනය විම­සිලී
වතේ පීදී දිලෙයි හද­වතේ හස­රැලී
රබන් පද වැයෙන විට නව සුරල් පද ගොතා
මුවෙන් මුව පැණි රසට නැඟී එයි රස කතා
හිතේ අමි­හිරි මතක මැකී සෙනෙ­හස පතා
හදින් හද බැඳේ අවු­රුදු සිරිත් ගැන සිතා
නග­ර­යද දෝත කද­මලු දරා ගම් වදී
බුලත් අත් පුදන විට සෙමෙන් හිස පිරි­මදී
බක්මහේ සිහින ඉටු කරන අවු­රුදු යෙදී
සිතට රිංගන දුකට ඉඩ නොදී වැට බඳී

මහා­චාර්ය දර්ශන රත්නා­යක


මිහිරි තනු­වක්

රතට රතේ
රතු ඇඳ­ගෙන
එර­බදු
ලක ලෑස්ති වෙනවා
අවු­රු­ද්දට....
නොගැයූ තනු­වක්
මිහි­රට ගය­නවා
කොවු­ළිඳු
අවු­රුද්දේ දොර­කඩ

ජයන්ත ග. ජෝති­ය­රත්න


අසි­රි­යෙන් බැබළේ රටම

කිරි­බතේ කිරි­සු­වඳ හැම­තැ­නම නැගඑති
කැවුම් අග්ගල කොකිස් මේස මත පිරිඇති
කහ සිවුරු පොරව ගෙන කෙසෙල් කැන් සුවදැති
දෙව්දුවේ පිළි­අ­රන් සෙත සදනු පින්ඇති
රබන් බෙර දවු­ල්හඬ තැනින් තැන නැගඑති
නොයෙක් ගී කෙළි දෙළෙන් දන­ම­නය පින­වති
උණ වෙඩිය රතිඤ්ඤා හා මල් වෙඩිය හඬවති
අවු­රු­දුය අසි­රි­යෙන් මුළු රටම බබළති

සරත් ධර්ම­සේන


සංහි­දි­යාවේ අරු­ණලු

සාමයෙ ජය කොඩිය අඹරේ ලෙළ දෙනවා
සින­හව සතුට හැම මුව­කම පළ වෙනවා
වැල වරකා ඉදී සුව­ඳත් පැති­රෙනවා
නන්කෙළි දෙලෙන් දරු දැරි­යන් තුටු වෙනවා
තල්පොල් කිතුල් තුරු යාවුන අවු­රුද්ද
සන්හි­ඳි­යාව අරු­ණලු නැගි අවු­රුද්ද
තුන්හෙ­ළ­යම සතු­ටින් පිරි අවු­රුද්ද
වෙන­දට වැඩිය වටි­නව මේ අව­රුද්ද

හර්මන් පාලිත


සිරිකත වඩීවා!

සැරසී සුදුම සුදු ඇඳු­මෙන් නිරන්තරේ
සැදැ­හැති දනෝ තෙල්ම­ල් ගෙන ගමන් කෙරේ
නොන­ගත නැකත තුළ සද­හම් රැසින් හැරේ
පන්සල් බිමේ බුදු­ගෙය මල්වලින් පිරේ
පිනිබිඳුවලින් සැරසි තරු පිපෙන විට
මිහි­ඳුම් සළු­ව­කින් සැරසි තුසර කැට
සුව­ඳයි කුඹුක් ගහ ­යට මල් පිපෙන කොට
අවු­රුදු දිනේ සිරි­කත එයි ඇතුළු ගෙට
ලන්දේ පිපෙන එර­බදු මල් වස­න්තය
කැවුම් කොකිස් මුං අති­රස අන­න්තය
අවු­රුදු කුමරි ජය­ගෙන මුළු දිග­න්තය
එන්නේ ගමට සැර­සිලි කර යුග­න්තය
මුතු කැට වගේ දිලි­සෙන මුළු දවස පුරා
ළෙන්ගතුකමෙන් නෑ පිරි­වර සපිරි වරා
කදමලු බැදන් එකමුතුවී සිටින තුරා
අවු­රුදු ගමන් යති පීදුණ සතුට තුරා

දෙහි­වල ලය­නල් ප්‍රනාන්දු


වසන්ත සිහි­නය

නැඟෙන වාරම් තාල අනු­වම
පැදෙන ඔංචිලි නැළ­විලා...
ඉදෙන රඹ­කැන් පාට වැටි-වැටි
දුම් ගැසී ගෙට පැමි­ණිලා...
බැදෙන අති­රස කැවුම් මුංගුලි
සුවඳ ගම­ටම පතු­රලා...
පිපුණු එර­බදු රතට හිනැ­හෙයි
බුමු­තු­රුණු මඟ සර­සලා...
මලුත් පිබි­දෙයි බිඟුහු පොර­කති
ගහ­කො­ළත් නව හැඩ ගෙනේ...
පලත් බර වෙයි ඉදුණු පුහු­ලම්-
වලින් කජු ගස් බැබ­ළුණේ...
අලුත් රෙදි­පිළි නැවුම් මුට්ටිය
කිරි ඉතිර යයි නිව­හනේ...
බුලත් හුරු­ළුව පුදා දෙගු­රුන්
දෙපා වැඳ බිම වැති­රුණේ...
රංචු ගැහි-ගැහි පනින චක්ගුඩු
සමඟ වළ­කජු තර­ගයේ...
පංච කෙළි­යට මහ ගෙදර සාල­යට
කවු­රුත් එති රැයේ...
පුංචි කාලේ වින්ද අවු­රුදු
තවම පව­තියි මත­කයේ...
පැංචි­යක වී සිතින් තව­මත්
සැරි­ස­රමි ඒ සිහි­නයේ...

ශ්‍රියා හිඳු­රං­ගල


එදා ගම

ලියන් දඟ හැඩ­කාර රොදට ඔංචිලි පැද්ද
රබන් හඬ පර­දාන ඇසෙන උණ­වෙඩි සද්ද
ගමන් යන එන නෑයො බරට කද­මලු බැන්ද
සැණින් මත­කෙට නැගෙයි එදා ගම අවු­රුද්ද

ටී.ඇම්. පොඩි­රා­ල­හාමි


ගමට එන්න

කොවුල් ගීත දුර ඈතක රැඳිලා
පංච දාදු කෙළි සැඟව ගිහිල්ලා
දරු පැට­වුන් දුරු කත­රට ඇදිලා
මහ­ගෙ­ද­රත් පාළු­වට ගිහිල්ලා
වෙල් ඉප­නැල්ලේ දුව­පැන යන්නට
බැත කන්දේ නව සුවඳ විඳි­න්නට
අම්මා ළඟ හිඳ කිරි­බත් කන්නට
ගමට එන්න අවු­රුදු සම­ර­න්නට

රත්න­සිරි පති­රණ


මගේ පැතුම

දිනු මවු බිමට හද සෙනෙ­හස ඇති වේවා
වැසි දිය පිරී මිහි ලිය සුව­පත් වේවා
සම­ඟිය බලය වී හැම සිත් එක් වේවා
රටේ දියු­ණු­වට නව මං ඉදි වේවා

සරත් කොඩි­කාර


කොවුල් බසින්....

මල්බර වස­න්තයෙ නව­රොන් විසි­රෙ­නවා
පල­තුරු රැගෙන තුරු­ලිය නෑගම් යනවා
සෙනෙ­හස සෙනෙ­හ­සට මුසු වී වැගි­රෙ­නවා
සිත් සුව­පත් කර­න්නට අවු­රුදු එනවා
රබන් හඬින් ගම්මා­නය ඇල­ළෙ­නවා
කොවුල් බසින් අවු­රුදු ගැන සැල­වෙ­නවා
ඔංචිලි වාර­මින් ගත සිත නැළ­වෙ­නවා
අවු­රුදු කුම­රුන්ට දොර­ගුළු හැරැ­වෙ­නවා

සෂිනි කුමාරි සිරි­ව­ර්ධන


ආසිරි

සම්පත් නො අඩුව කිසී
හැම දුක් කර­දර නැසී
පැතුම් කැකුළු පීදේවා
සාමයෙ සුදු මල් පිපී

සුම­න­දාස යටි­ගල


අලුත් ඉර පායලා

තෙරක් නැති නිල් අහස නැවුම් සළු හැඳ විගස
පිළි­ගන්න සැර­සිලා අලුත් අවු­රුදු පලස
රත් පැහැට ගිනි අරං දිනිඳු දැවු­ණත් හවස
අලුත් හිරු පායලා සිප­ගන්න අද දවස
ඊයෙ උදයේ පවා මල් දැරූ තුරු වැලත්
නැවත ඉපදී වගේ හිනැ­හිලා හැඩ බලත්
හද දවා විසුණු කළ දුක් රෝග බිය විපත්
පලා හැර විඳ­ග­නිමු නව අවු­රුද්ද සැපත්

තුෂාරි බෝඹු­වල


අවු­රුදු අරු­මය

දොළ­මග දිගේ එන ගම්මා­න­යට එහා
එර­බදු කැකුළු හිනැහේ රතු පලස උහා
වන­පෙත අතැර විත් ගමපෙත මැදට වහා
මී අඹ වලට මී පැණි හල­න­වලු කොහා
අතු පතු ගා ගෙවල් සෝදා පිරි සුදුව
මල් පුබු­දුවා හැම ගහ­කම සුදු මුදුව
මග තොට එළිය වී පිබිදී රස මදුව
ගම­මැද පිටිය ඇත සැණ­කෙළි බිම බඳුව
අවු­රු­ද්දට කලින් අස්වනු හොඳට පැසී
වී බිහි පිරී කට ළඟ­ටම සිනහ සිසී
සිරි­කත ඇවිත් හැම ගෙයට ම නයන රසී
ගම්මා­න­යට කිරි සහ පැණි දෙකම වසී
සෙයි­ලම නිය­ම්ගම ගම හැම තැනම හොඳින්
රස­වත් කරන කාටත් පෙම්බ­රිත හදින්
එකදා ඇවිත් එකදා යන නො සිට මැදින්
දූවු­රුදු ළ‍ඳේ හැමදා අප සමඟ ඉඳින්
අවු­රුදු සීට්ටුව අර­ගෙන නැකැත් ගුරු
ගෙන්ගෙට ගමන් යන විට පෙර සිරිත හුරු
බර­පැන අතේ මිට මොළ­වති ගෙහිමි වරු
ඉස්සර තිබුණ සම­හර දේ දැනට බොරු

කිරි­ළ­ග­හ­වෙල මාර්ටින් ජය­ව­ර්ධන


සැම­ටම සුබා­සිරි වේවා!

බකිනි කුසුම් සම­නල් බිඟු ඔකඳ කෙරේ
දසත කොවුල් නද දෙස­වන් තුළට පිරේ
පලින් පිරුණු අඹ කජු ඉති බිමට හැරේ
කොවුල් තුඩින් අවු­රුදු පණි­වු­ඩය ඇරේ
රබන් සුරල් හඬ මුසු ගී නද පැතිරේ
ඔන්චි­ල්ලාව බරින් අඹ කජු අතු ඇඹරේ
එර­බදු මල් පලස තණ­පත් මත ඇතිරේ
සුබ නැක­ත­කට හැම නිවෙ­සම කිරි ඉතිරේ
දෑ ආගම් සමගි බැමි තර කර ගනිමු
නෑ කුල සිරිත් සපුරා ආසිරි ලබමු
සපුරා යහ සිරිත් ගුණ නැණ තිර කරමු
විහිදා හෙළ අසිරි අවු­රුදු හර රකිමු
සාමය සමගි දම් රට තුළ පැති­රේවා
යස ඉසු­රින් දැයේ ඔද තෙද වැඩි­වේවා
ලක් මව කිත් යසය ලෝතුළ රැව්දේවා
ලැබූ නව වසරෙ යහ පැතු­මන් ඉටු­වේවා

විමල් රූබ­සිංහ


සුබ වේවා

කෝකිල කුරුලු බට්ටිති සැල­ළි­හිණි ගිරා
නිල­ඹර පියාඹා යති ගී රසය පෙරා
ගස් වැල් පල­බ­රය නෙක මල් වනය පුරා
අවු­රුදු කුමරු පැමි­ණෙයි ගම් දනව් කරා
අවු­රුදු දින­ව­ලදි තබ­මින් මතට තිත
නැක­තට හරි­ය­ටම නිවෙසේ ඉදෙන බත
කෑමෙන් සම­ගි­යෙන් දහ­මින් බැඳී සිත
සරු­කර ගනු මැනවි ජීවිත අනා ගත
ජාතින් අතර හොඳ හිත නිති ඇති වේවා
එකම රටක් ලෙස යළි දියු­ණට යේවා
කෙත් වතු සරුව සැප සම්පත් හිමි වේවා
සැමට ම සුබ අලුත් අවු­රු­ද්දක් වේවා!

අමු­වල අම­ර­සේන


ආසිරි වේවා!

බක් මාසේ වට වැස්සෙන් අව­දිව තුරු­ලිය නව­නිල් සළු ඇඳලා
මල් මිණි බර­ණින් සැරසී හිනැ­හෙයි! සුවඳ සුමු­ඟු­වල දොර ඇරලා
ඉඳු සැව් රන් ආරු­ක්කුව මැද්දෙන් කෝකිල ජය ගීතය අහලා
හෙළ නව අවු­රුදු සිරි­කත එනවා! හෙළ­යට සුබ ආසිරි පතලා

මාදම්පේ ඊබට් ෂෙල්ටන්


සතුට...

රන් අස්වනු නෙළුව බිමේ
රබන් සුරල් පද වය­මින්
ඔංචිලි වාරම් කියන්න
නග­රෙට ගිය දූ-පුතුනේ
ගමට එන්න අවු­රු­ද්දට
සිනා පිරුණු සතුට අරන්...

ආනන්ද අබේ­ව­ර්ධන

අදහස්