ඔබේ ව්‍යාපාරයේ ඉන්නෙත් ‘කිව්වොත් පමණක් වැඩ කරන’ සේවකයන් ද?... | සිළුමිණ

ඔබේ ව්‍යාපාරයේ ඉන්නෙත් ‘කිව්වොත් පමණක් වැඩ කරන’ සේවකයන් ද?...

තම ආයතනයේ මානව සම්පත ගැන ඕනෑම ප්‍රධානියකුගෙන් ඇසුවොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ, තම ආයතනයේ විවිධ පුද්ගලයින් රැසක් ඉන්නා බවයි. තවද මෙම පුද්ගලයින් අතර අඛණ්ඩව සේවාව කරගෙන යන විශ්වසනීය කොටසක්, ආකල්ප වෙනස් කිහිප දෙනෙක් ද ඉන්නා බව ඕනෑම කළමනාකරුවකුගේ සරල පිළිතුර වේ. එසේම, සෑම සේවකයකුම තම උපන් ගතිගුණ, සේවා කාලය තුළ පවත්වාගෙන යාමද අපට කිසිදා එළිපිට දක්නට ලැබෙන දෙයක් නොවේ.

ඕනෑම පුද්ගලයකුගේ සිතිවිලි, ආකල්ප, හැසිරීම වෙනස් කිරීමට එම අවට පරිසරය බෙහෙවින් ඉවහල් වනු ඇත. එම නිසා ඕනෑම සේවකයකුට තම දායකත්වය ලබා දීමේදි ඔහුගේ ප්‍රයත්නය පමණක් නොව, තම ආයතනයේ පරිසරය ද ඊට කදිම ශක්තියක් වේ.

ආයතනයක සේවකයින් තුන් ආකාරයකට වර්ගීකරණය කළහොත් පහත වර්ග තුන ඉතා සුලබව දක්නට ලැබේ.

1. ඉතා කලබලකාරී / කාර්ය බහුල සේවකයින් (Runners)

2. කිව්වොත් පමණක් වැඩක් කරන සේවකයින් (Doers)

3. තමාගේ වැඩ සැලසුම් කරගෙන ඉලක්ක කරා ගමන් කරන සේවකයින්. (Perfermers) යනාදි ලෙසිනි. ‍

ඉතා කළබල කාර්යබහුල සේවකයෝ (Runners)

මොවුන් විවේකීව සිටින වේලාවක් දැක ගැනීම ඉතා දුර්ලභය. ඔවුන්ගේ වේලාවෙන් වැඩි කාලයක් යොමු වන්නේ රාජකාරි ගැටලු විසඳීම, පාඩු පියවාගැනීම අසහනකාරී මානසිකත්වයක්, අධික කායික වෙහෙසක් දරා ගැනීමය. එමෙන්ම ඔවුන්ගේ කාර්යභාරය තුළ ඇති සියලුම වැඩ, රෝහලක හදිසි අනතුරු අංශයේ ක්‍රියා පටිපාටියට සමානය. මොවුන්ගේ ‍සේවා ප්‍රතිඵල නොපෙණුනද ඉතා කාර්යක්ෂම කණ්ඩායමක් ලෙස මොවුන්ව සමහර ආයතන හඳුනා ගනී.

කිව්වොත් පමණක් වැඩක් කරන සේවකයෝ (Doers)

මේ අය, ඉතා සැහැල්ලු නිස්කලංක වැඩ පරිසරයක කල් ගෙවන අතර, රැකියාවේ ස්ථාවරත්ව රඳා පවත්වා ගැනීමට අධිෂ්ඨානයක් ඇතිව තම කාර්යය භාරය ඉටු කරයි. තමාට දුන් කොටස පමණක් ඉටු කිරීමට වග බලා ගන්නා අතර, තම අත්දැකීම් උදෙසා වැඩි වැඩ කොටසක්වත් නව නිර්මාණ හා ඵලදායිතාවය උදෙසා කිසිඳු වෙහෙසක්වත් නොදක්වයි. මෙම සේවක කොටස තම ආයතනයේ පියාපත් සෙවණෙහි රැඳී, සාමාන්‍ය වේතනයක් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබා කල්ගෙවනු ඇත.

තමාගේ වැඩ සැලසුම් කරන ඉලක්ක කරා ගමන් කරන සේවකයෝ (Performers)

මෙම කොට්ඨාසයේ ඉතා සුළු ප්‍රමාණයක් සේවකයින් රැ‍ඳෙන අතර, මෙම පිරිසේ දක්නට ලැබෙන ලක්ෂණ වන්නේ ඔවුන්ගේ සෑම කාර්යයක් සඳහාම සැලසුමක්, විධිමත් සන්නිවේදනයක්, ඉතාමත් ආකර්ෂණීය පිළිවෙළක් සහ වේලාවට වැඩ කරන විනයක් දක්නට ලැබේ. තවද මොවුන්ගේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් ඉතා ඉහළ මට්මක පවතී.

ඉහත සඳහන් වැඩපිළිවෙළ බොහෝ විට ආයතනයේ ප්‍රධානීන්ට නොපෙනෙන ආකාරයේ කාචයක් අන් සේවකයින් විසින් සවි කර ඇත. එනම්, ඔවුන්ගේ යහපත් ක්‍රියා, ඉහළ කළමනාකාරිත්වයට නොපෙනෙන ලෙස ඔවුන් කටයුතු කිරීමයි. මීට ප්‍රධානතම හේතුව වන්නේ මෙම කොට්ඨාසය ඉහත සඳහන් කොටස් දෙකටම විශාල අභියෝගයක් වන බැවිනි.

බොහෝ සේවක ප්‍රධානීන් ආයතනයේ දායකත්වය සහ විශ්වසනීයභාවය හඳුනාගැනීමේදී නිරන්තරයෙන් ම පළමු කොට්ඨාසය හඳුනාගැනීමට පෙළැඹේ.

එමෙන්ම සෑම දිරි දීමනාවක්ම ඔවුන්ට වැඩියෙන් ලබා දීම හේතුවෙන් ඔවුන්ගේ රඳා පැවැත්ම විශාල දායකත්වයකට හිමිකම් නොලබන බැවින් දෙවන කොට්ඨාසයේ දායකත්වයද හීන වීමට ඉඩ මං පෙත සැලසේ.

ඉහත කරුණු අනුව තම සේවකයින්ගේ සේවා දායකත්වය නිසි ලෙස හඳුනා ගැනීමට සහ ඇගැයීම ඉතාම ක්‍රමානුකූළ ලෙස සිදු කළ යුතු අතර සෑම සේවකයකුම තුන්වන කොට්ඨාසයට යොමු කිරීම ඉතාම වැදගත් සහ අගනා කාර්යයකි. මේ සඳහා පහත සඳහන් දෑ ඉතාමත් ඉහළ අන්දමින් සැලසුම් කරගත යුතුවේ.

ඉහත රාමුව ඉතා සවිමත් ලෙස සැලසුම් කිරීමෙන් ආයතනයක ඇතිවිය හැකි නොසන්සුන්තාවයන්, ප්‍රතිඵල ළඟා කර ගැනීමේ අසීරුතා, අනවශ්‍ය සේවා පීඩන මඟ හරවාගෙන ඉතා සැහැල්ලු / කාර්යක්ෂම සහ ඵලදායි ආයතනයක සිහිනය උරුම කර ගැනීමට මෙය විශාල සවියක් වේ.

අදහස්