11 දෙනෙකු බිලිගත් මහා රිය අනතුර | Page 2 | සිළුමිණ

11 දෙනෙකු බිලිගත් මහා රිය අනතුර

විජයානි එදිරිසිංහ, මාපාකඩ සමූහ, මීගහකිවුල සමූහ, සොරණාතොට සමූහ,මහවැලි කලාපීය සමූහ, මඩකළපුව සමූහ 
ඡායාරූප-මීගහකිවුල සමුහ

ඊයේ අලුයම 1.30ට පමණ මහියංගණ පොලිස් වසමේ මහියංගණය බදුල්ල මාර්ගයේ මහියංගණ ජාතික පාසල ඉදිරිපිටදී බස් රථයක් සහ වැන්රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් දස දෙනකු එම ස්ථානයේම මිය ගොස් තිබූ අතර එහි සිටි තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇත.

මඩකළපුව ප්‍රදේශයේ පදිංචි එකම පවුල්වලට අයත් පිරිසක් මෙම අවාසනාවන්ත රිය අනතුරට ගොදුරු වි මිය ගොස් තිබු අතර කුඩා දරුවන් තරුණ පිරිස සහ එකම පවුලේ බිරිය සැමිය දු දරුවන් ඇතුළු ඥාතීහූ මෙසේ මිය ගොස් සිටිති. ඒඅතර වයස අවුරුදු 04ක නිවුන් දරු දෙදෙනක්ද වෙති.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ ගැටුණු වෑන් රථයේ ඉදිරිපස බස් රථය තුළට එබි කා වැදි සිරවි තිබු බව පොලිසිය කියයි. වාහන දෙකම අධික වේගයෙන් ගමන් කර ඇති බවත් එකිනෙක මුහුණ ලා එම වේගය පාලනය කර ගත නොහැකිව මෙසේ අනතුර සිදුවි ඇති බව පොලිසිය පවසයි.

විශේෂයෙන් වෑන් රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි තිරුව දෙසට රථය ධාවනය වි ඇතැයි පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

වෑන් රථයේ සිටි පිරිස ජාඇල පිහිටි ඥාති පිරිසක් බැහැ දැකිමට මඩකළපුවේ සිට පැමිණ ආපසු සිය නිවෙස් වෙත යමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇත.

වැන් රථයේ සිටි 12 දෙනාගෙන් දරුවන් දෙදෙනාගේ තත්ත්වයද බරපතල නිසා බදුල්ල රෝහලට යවා තිබේ. අනතුරින් මිය ගිය පිරිසගේ මළ සිරුරු මහියංගණ රෝහලේ තැන්පත් කර ඇත.

ජෝෂප් රෙලින්ටන් පෝෂප් වයස අවුරුදු 56 අංක 25 එච් පනිච්චි අඩි මඩකළපුව , සිල්වියා ජෝෂප් අවුරුදු 50 ඉහත ලිපිනය ජෝෂප් රෙලින්ටන්ගේ බිරිය, ලිස්ටර් ඇලෙක්සැන්ඩර් අවුරුදු32 ඩිම්බාර් පෙදෙස මඩකළපුව , නිසාලින් ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු27 ලිස්ටර් ඇලෙක්සැන්ඩර්ගේ බිරිය, ශනාලි ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 04 ලිස්ටර් ඇරල්කසැන්ඩර්ගේ දරුවා , පයිගා ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 04 ලිස්ටර්ඇලෙක්සැන්ඩර්ගේ දරුවා, . යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් වයස අවුරුදු 48, නො 32 රත්නම් පාර මඩකළපුව‍ මරියා පැන්සියා හෙන්ඩ්‍රික්, වයස අවුරුදු 42, යුටි ප්‍රින්ස්හන්ඩ්‍රික්පේ බිරිය සෙරබි හෙන්ඩ්‍රික් වයස අවුරුදු 10 , යුටි ප්‍රින්ස් පහන්ඩ්‍රික්පේ දුව යුටි ප්‍රින්ස් පහයිඩ් හෙන්ඩ්‍රික් ,වයස අවුරුදු 19 , යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික්ගේ පුතා තුවාල ලබා සිටින්නේ පසගානි පහන්ඩ්‍රික්,ලයස අවුරුදු 13 , යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික්ගේ දුව සහ පරසානි බර්ගසාල්, වයස අවුරුදු 16, ඊ/191,දැළතුර , ජාඇළ. 

Comments