පාසල් දරුවන් ලක්ෂ 10කට නොමිලේ දියර කිරි | Page 2 | සිළුමිණ

පාසල් දරුවන් ලක්ෂ 10කට නොමිලේ දියර කිරි

ප්‍රාථමික වසරවල සිසුන්ට උදෑසන කිරි වේලක් පිරිනැමීමේ වැඩසටහන යටතේ සිසුන් 1,030,000කට උදෑසන දියර කිරි සැපයීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (22) කලවාන, කජුගස්වත්ත මහා විද්‍යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් ළමයින් සඳහා දියර කිරි පැකට්ටුවක් ලබා දීමේ ජාතික උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙහිදී ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන පාසල්වලට සහ ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන එහෙත් පෝෂණ තත්ත්වයෙන් ඌණ, වතුකරයේ පාසල් ළමුන් සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2019 වසර සඳහා රු. මිලියන 3976.55ක මුදලක් වෙන් කර තිබේ.

Comments