තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

මානෙල් පොඩි පුතා නැතිව අවුරුදු සමරයි

අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පිණියක් තමයි මානෙල් වානගුරු කියන්නේ. ඇය කවදත් හරිම ආදරණීයයි. ඇයව සොයා ගිය මොහොතේදීත් අපිට ලැබුණේ ඒ ආදරණිය සිනහවමයි. කතා බහ කරන අතර තුරේදීම අලුත් අවුරුද්ද ගැනත් ඇහුවා.

අලුත් අවුරුද්ද හොඳයි. වෙනදා වගේම වැඩ කටයුතු කරගෙන ගියා. හැබැයි මේ අලුත් අවුරුද්දට පොඩි පුතා හිටියේ නැහැ. එයා විදේශගතව සිටින නිසා. මගේ පවුලේ අයත් එක්ක අවුරුද්ද සැමරුවා.

අවුරුද්දෙන් පසුව අලුත් වැඩ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

ප්‍රභාත් රෝෂන් ගේ සහ සංජය නිර්මාල් ගේ වැඩකට ආරාධනා ලැබී තියෙනවා.

අලුත් අවුරුද්දේ බලාපොරොත්තු මොනවද?

ගොඩක් බලාපොරොත්තු නම් නැහැ. එන විදියට ජීවිතය පිළිඅරගෙන, කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


මොරින් ගේ අලුත්ම බලාපොරොත්තුව

මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකින් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය නමින් මොරින් චාරුණි. රසඳුන සමඟ ඇය එකතු වන්නේ බොහෝ කාලෙකින්. ගොඩක් දවසකින් අපිත් එක්ක එකතු වෙන නිසා මේ දිනවල අලුත් තොරතුරු මොනවද කියලා අහලා බැලුවා. මුලින්ම කියන්න ඕනෑ, ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා. මේ දවස්වල නම් වෙන්නප්පුවේ අම්මලාගේ ගෙදර ඉන්නේ. අලුත් අවුරුද්ද අම්මත් එක්ක වෙන්නප්පුවේ ගෙදර තමයි සැමරුවේ. පවුලේ හැමෝම ගෙදරට එකතු වෙලා ඉන්න නිසා හරිම සතුටින් ඉන්නවා. ඔය විදියට තමයි අලුත් අවුරුද්ද ගෙවුණේ.

අලුත් අවුරුද්දේ මොනවද අලුත් බලාපොරොත්තු?

මම නම් ඉතින් අලුත් අවුරුද්දෙන් පස්සේ නෙමෙයි හැමදාම දවසක් ඉවරවෙනකොට බලාපොරොත්තු වෙන්නේ නිරෝගී සුවය තමයි. උතුම් වූ නිරෝගීභාවය ලැබෙනවා නම් වඩාත් හොඳයි කියන සිතුවිල්ල තමයි බලාපොරොත්තුවක් විදියට හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. නිරෝගී සුවය ලැබෙනවා නම් අනිත් හැම දෙයක්ම කරගෙන යන්න පුළුවන්.


ඕෂදීගේ දියණිය අහිංසකයි ලු..

කලා ක්ෂේත්‍රයේ තවත් එක් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඕෂදී කියන්නේ. මෙවර සිංහල අලුත් අවුරුද්ද ඕෂදී ට ගොඩක් සුවිශේෂී යි ලු. ඒ කතාවේ ඇත්ත නැත්ත දැන් ගන්න අපි ඇයට කතා කළ මොහොතේ ඇය අපි සමඟ පැවැසුවේ මේ වගේ කතාවක්. ‘ මේ අලුත් අවුරුද්ද ගොඩක් සුවිශේෂීයි. ඒකට හේතුව අපේ පවුලේ අලුත් සාමාජිකයා ඒ කියන්නේ මගේ චුටි දෝණිත් එක්ක සමරපු පළවෙනි අලුත් අවුරුද්ද නිසයි. ඇය නිසරා අභිලාශි. තාම මාස 8 යි. ඉතින් එයත් එක්ක ගෙදර ඉදන් අවුරුද්ද සැමරුවා. ‘චුටි දෝණි අම්මට ගොඩාක් කරදර කරනවා ඇති නේද? ‘ වෙනස් අත්දැකීමක් මට දූ එක්ක ගත කරද්දී දැනෙනවා. කලින් හිටියේ පුතා නේ. ඉතින් කරදරයක් නැහැ එයාගෙන් මට. පුතා චුටි කාලේ හරි දඟයි. ඒ කාලේ ගොඩක් නිදි වැරුවා. පළවෙනි දරුවා නිසා ටිකක් අමාරු වුණා වැඩ කර ගන්න. හැබැයි දූ එහෙම නැහැ. හරි ම හුරතල්, පුතා එක්ක සාපේක්ෂව ගත්තොත් දුව හරි හොඳයි.

දූ ලා කොහොමත් අහිංසකයි කියනවා නේ.


රුවන්ට අමුතු චරිතයක්

මිට වසර ගණනාවට පෙර පුංචි තිරයේ නිතර දකින්න ලැබුණු චරිතයක් වුවත් මෑත කාලයේ සිට ඔහු පුංචි තිරයට වඩා රිදී තිරයේ දකින්න ලැබෙනවා. බොහෝ කලෙකින් රුවන් හමු වු විට අලුත් අවුරුදු කොහොමද වගේම අලුත් තොරතුරු ගැනත් අපි අහලා බැලුවා ? ‘අවුරුද්ද නම් ජයයි. අවුරුද්දෙන් පස්සේ ලොකු වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් සිනමා නිර්මාණයක් සඳහා මේ දිනවල සුදානම් වෙනවා. පසුගිය කාලයේ ඒක දිගටම සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. මගේ වාසනාවට මට ලැබෙන හැම චරිතයක්ම වෙනස් චරිත. මෙවර මම කරන්න යන චරිතේ හාත්පසින්ම වෙනස් චරිතයක්. රූපය අතින් ගොඩක් වෙනස්. ඒ චරිතෙට තමයි මේ දවස්වල සුදානම් වෙන්නේ. ජිම් යනවා, කොන්ඩේ වවනවා, කොන්ඩේ පාට කරනවා....කියන්නම දෙයක් තියෙනවා මම සාමාන්‍ය ජිවිතේ ගත්තොත්, දහම් පාසල් ගුරුවරයෙක් වගේම , ටියුෂන් ගුරුවරයෙක් විදියට වැඩ කරන කෙනෙක්. එතකොට මට ලොකු ප්‍රශ්නයක් මගේ මේ චරිතය. හැබැයි අධ්‍යක්ෂවරයා කාරුණික වුණා ඒ වැඩවලට බාධා නොවෙන විදියට දින දාගන්න. මේ හැම දෙයක්ම ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

 

අදහස්