පුංචි­ තිරේ අවු­රුදු කුම­රියෝ | Page 2 | සිළුමිණ

පුංචි­ තිරේ අවු­රුදු කුම­රියෝ

වැඩිදුර ඉගෙන ගන්නවා

ITN කුමරිය උදේශි රත්නායක

සිංහල අලුත් අවුරුදු උලෙළෙහි අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මෙවරද (2019) වසරේ අවුරුදු කුමරිය තේරීමේ තරග ඉසවුව මෙරට රූපවාහිනි නාළිකා සියල්ලේම පැවැත්වුණා. එහිදී රූපයෙන් සහ නුවණින් පිරිපුන් රුවැත්තියන් රැසක් තේරී පත් වුණා. සිව් දෙස සිටින මේ සොඳුරු රුවැත්තියන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණියන් වීම තවත් විශේෂත්වයක්. ඔවුන් කවුරුන්දැයි රසඳුන අප ඔබට කියන්නයි මේ සූදානම.

ආණමඩුව ප්‍රදේශයේ පැවති ITN අවුරුදු කුමරිය තරගයේ අවුරුදු කුමරිය ලෙස මෙවර කිරුළ දිනාගත්තේ උදේශි රත්නායකයි. ඇගේ ගම නුවර, පිළිමතලාව. තරගකාරියන් විශාල පිරිසක් අතුරින් අවසන් මහා තරගයේදී ITN අවුරුදු කුමරිය ලෙස තේරී පත්වීමට ඇයට වාසනාව තිබුණා. වයස අවුරුදු විසි දෙකක් වන ඇය සීතාදේවි බාලිකා විදුහලේ ඉගෙනුම ලබා තිබෙනවා. සොඳුරු යෞවන වියේ පසුවන ඇය කලා ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යන්ටත් ඒ වගේම වැඩිදුර ඉගෙන ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


 රංගන ශිල්පිනියක වෙනවා

සිරස වසන්ත කුමරිය මෙනුෂි චාතුර්යා

 සිරස වසන්ත උදානයේ හැමදාමත් වගේම මෙවරද රූබර යුවතියක් සිරස අවුරුදු කුමරිය ලෙස තේරි පත්වුණා. ඇය තමයි මෙනුෂි චාතුර්යා බණ්ඩාර. කෑගල්ල ප්‍රදේශයේ උපන් ඇගේ වයස අවුරුදු විසි එකක්. මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය හදාරමින් සිටින ඩිල්කි සිප්සතර හැදැරුවේ කෑගලු බාලිකා විද්‍යාලයෙන්. ඇගේ අනාගත බලාපොරොත්තුව රංගන සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමලු.


කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න හදන

දෙරණ කුමරිය ඩමිත්‍රි

ඩමිත්‍රි නිෂාධි සුභසිංහ. ඇය තමයි මෙවර දෙරණ අවුරුදු කුමරිය කිරුළේ හිමිකාරිය බවට පත්වූ වාසනාවන්තිය වුණේ. මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු ඇගේ වයස අවුරුදු විසි තුනකි. සුන්දර රූ සපුවකට උරුමකම් කියන ඩමිත්‍රිගේ උපන් ගම නාරාහේන්පිට. දැනට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවය කරන ඇය කළමනාකරණ සහ කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මගේ බලාපොරොත්තුව අසරණ දරුවන්ට පිහිට වෙන්නයි

හිරු අවුරුදු කුසමන්ති වනිගසේකරමරිය ඩිල්කි

 සූර්ය මංගල්‍යය 2019 හිරු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ඩිල්කි දෙව්සරණි රණතුංග. රාගම උපන් ඩිල්කිට වයස අවුරුදු 21ක්. අවසන් වටයට තේරීපත්වූ සොඳුරු රුවැත්තියන් විසි හතර දෙනා අතරින් හිරු කුමරිය ලෙස කිරුළු පැළඳීමට තරම් ඇය වාසනාවන්ත වුණා. කලා ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යෑම වගේම අසරණ දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇගේ අනාගත බලාපොරොත්තුවක්ලු. හිරු නාළිකාවද මේ සඳහා සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අපට කීවේ.

 

Comments