සැකකරුවන් ප්‍රවාහනය කළ වෑන් රථය හමුවේ. | සිළුමිණ

සැකකරුවන් ප්‍රවාහනය කළ වෑන් රථය හමුවේ.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීමට ලක් වූ බෝම්බ සහ පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැකකරන වෑන් රථයක් කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.250/5680 අංක දරන වෑන් රථය සමග එහි හිමිකරු මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ආගමික පූජකවරයකුගේ ඉල්ලීමක් මත එම පිරිස වෑන් රථයෙන් කල්මුණේ ප්‍රදේශයට රැගෙන ගිය බවය.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මරදන්කඩවල ඉහල පුලියන්කුලම පදිංචි අබුසාලි නසාර් නමැති අයෙකි.සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව සැකකරු සහ වෑන් රථ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව කැකිරාව පොලීසිය කියයි.

Comments